සුපිරි හතර තරග දෙක ජය පරාජ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ පසුගිය සතිඅන්තයේ (මාර්තු 30-අප්‍රේල් 2) සිව්දින තරග දෙකම නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවය. මෙසේ නිමාවට පත්වූයේ සූරියවැවදී පැවැති ගාල්ල හා කොළඹ තරගයත් කටුනායක දී පැවැති මහනුවර හා දඹුල්ල අතර තරගයත්ය. මෙහිදී ලකුණු අතර සිටි පිතිකරුවන් වූයේ රොෂේන් සිල්වා (ගාල්ල -231යි) දසුන් ශානක (ගාල්ල -95යි) ළහිරු තිරිමාන්න (කොළඹ -125) අෂාන් ප්රියංජන් (දඹුල්ල -156) සචිත්ර සේනානායක (දඹුල්ල -125) මහේල උඩවත්ත (මහනුවර 97යි) නිරෝෂන් දික්වැල්ල (මහනුවර -112යි) යන පිතිකරුවෝය. තරග ප්‍රතිඵල සූරියවැවදී පැවැති ගාල්ල-කොළඹ තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්විය. මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 476ක් ලබාගත් අතර, ඊට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම මුල් ඉනිමේ දී ලැබුවේ ලකුණු 333කි. තරගය නතර කරන විට ගාල්ල දෙවන ඉනිමේදී කඩුලු තුනකට ලකුණු 177ක් ලබාසිටියේය. ගාල්ල… Read More →