ඉන්දියාව දෙවැනි එක්දින තරගය ජයගනී. ෂර්මා නොදැවී 208යි. මැතිව්ස් නොදැවී 111යි.

  ඉන්දියාවේ මොහාලිහි පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 141ක ජයක් ලැබීය. ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 4ක ට ලබාගත් ලකුණු 392ක ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8ක ට ලබාගත්තේ ලකුණු 251කි. කණ්ඩායම් දෙකම දැන් තරග 1 – 1බැගින් ලබා සිටී.   ලකුණු 393ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ශ්‍රී ලංකාවට ඕවරයකට සාමාන්‍ය ලකුණු අටකට ආසන්න ප්‍රමාණයක් රැස් කළ යුතු විය. මෙවැනි දිගු ඉලක්කයකට යාමට ශ්‍රී ලංකාවට දීර්ඝ සබඳතා දෙකක්වත් අවශ්‍ය වූවත් මෙදින ලංකා ඉනිමේ හොඳම සබඳතා වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල සිව්වන කඩුල්ලට රැස් කළ ලකුණු 53ත් මැතිව්ස් සහ අසේල ගුණරත්න පස්වන කඩුල්ලට ලකුණු 44ත් මැතිව්ස් හා සුරංග ලක්මාල් නොදැවී ලැබූ ලකුණු 44ත්ය.   මේ තරගයේ දී ශ්‍රී ලංකාවට ළඟාවීමට අපහසු… Read More →

කෝල්ට්ස් – මේරියන්ස් – බී. ආර්. සී. මේජර් ලීග් තරග ජයගනී.

    ශ්රීට ලංකා ක්රියකට් ආයතනයේ මෙහෙයවීමෙන් සති අන්තයේ පැවැති මේජර් ලීග් ක්රි්කට් තරගාවලියේ දී කෝල්ට්ස්, හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී කණ්ඩායම් ජයග්ර හණ අත්කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 55කින් බ්ලූම්ෆීල්ඩ් පරාජය කළ අතර, හලාවත මේරියන්ස් ලකුණු 94කින් එන්. සී. සී පරාජය කළේය. බී. ආර්. සී සහ වරාය අධිකාරිය අතර තරගයෙන් බී. ආර්. සී. කණ්ඩායම ලකුණු 35ක ජයක් අත්විය. පිතිකරුවන් නව දෙනෙකු මෙහි දී ශතක ලැබීම විශේෂත්වයකි. එම ශතක ලාභීන් වුයේ වරාය අධිකාරියේ කේ. වයි. ද සිල්වා (103) සරසන්ස් කණ්ඩායමේ ජී. කේ. අමරසිංහ (108) සහ ඒ. ඩි. සොලමන්ස් (152) මුවර්ස් කණ්ඩායමේ පී. ඒ. පෙරේරා (142) සහ කේ. ඒ. එස්. අමරසූරිය (111) ටැමිල් යූනියන් කණ්ඩායමේ ඩී. එම්. සරත්චන්ද්රු (නොදැවී 119) එස්. එස්. සී කණ්ඩායමේ දසුන් ශානක (114)සහ කෝල්ට්ස්… Read More →

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයක්

Sri Lankan cricket team celebrates the wicket of Indian cricketer Manish Pandey with during the first One day international (ODI) cricket match between India and Sri Lanka at the Himachal Pradesh cricket association stadium in Dharamshala on December 10, 2017. / AFP PHOTO / MONEY SHARMA / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

      ඉන්දියාවේ ධරම්ශාලා ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා කඩුලු හතක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තේ තවත් ඕවර 29.2ක් ද ඉතිරිව තිබියදී ය.  ඉන්දියාව ඕවර 38.2 ක දී සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 112 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 20.4ක දී කඩුලු තුනකට ලකුණු 114ක් ලබාගනිමින් මේ අනභිභවනීය ජයග්‍රහණය වාර්තා කළේය.   මීට කලින් පිට පිට ම එක්දින තරග 12කින් (සිම්බාබ්වේ, ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම්වලට) පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ජයග්‍රහණයත් සමඟ පරාජයට පත්වීම වළකාගැනීමට අවස්ථාව උදාවිණි.  එලෙසම ඉන්දියාව ලබාගත් ලකුණු 112 සිය රටේදී ඔවුන් ලබාගත් තෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි.  මෙදින ඔවුන් වරක් ලකුණු 29ක ට කඩුලු 7ක් දැවී ඔවුනගේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලකුණු ද පහළ… Read More →

2017 – 2018 මේජර් ලීග් ක්‍රිකට් තරග 8 සිට….

Sri Lanka A Team

      ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලිය (ප්‍රධාන තරගාවලිය) දෙසැම්බර් 8 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. මෙහි පළමු වටයේ තරග 42 තුන්දින තරග ලෙස පැවැත්වෙන අතර, එහි දස්කම් දක්වන කණ්ඩායම් අට සුපර් එයිට් (සුපිරි අට) වටයටත් සුදුසුකම් ලබති. ලීග් තරග දෙසැම්බර් 8 සිට ජනවාරි 21 දක්වා පැවැත්වෙන අතර සුපිරි අට තරග ජනවාරි 25 සිට පෙබරවාරි 18 දක්වා පැවැත්වීමට නියමිතය. රෝස ක්‍රිකට් පන්දුවට ක්‍රිකට් ක්‍රීඩකයන් වැඩිපුර හුරුකිරීමේ අරමුණින් සුපර් එයිට් (සුපිරි අට) තරග සිව් දින තරග ලෙස රෝස ක්‍රිකට් පන්දුවෙන් පැවැත්වේ. සුපිරි අට ජයග්‍රහකයනට රුපියල් දස ලක්ෂයක මුදලක් ද එහි අනුසූරයනට රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් ද පිරිනැමේ. මේජර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 14 කොටස් දෙකකට බෙදා ඇති අතර, ‘ඒ’ කොටසට එස්. එස්…. Read More →

ධනංජයගේ හා රොෂේන්ගේ දක්ෂ පිතිහරඹ ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන එති

Sril Lankan batsman Roshen Silva plays a shot during the fifth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 6, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

නවදිල්ලියේ පැවැති ශ්‍රී ලංකා –  ඉන්දියා තෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්වූයේ අවසාන දින තරගයේ සියලු ගෞරවයන් ශ්‍රී ලංකාවට අත්වෙමිනි.  ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 410ක ඉලක්කයක් ලැබුණු අතර අවසාන දින පැය භාගයකට කළින් තරගය නතර කරන විට ලංකා පිල කඩුලු පහකට ලකුණු 299ක් ලබා ජයග්‍රහණයට තව  ලකුනු 111ක් පිටුපසින් සිටියේ කඩුලු පහක් ද ඉතිරිව තිබිය දී ය. තරගය නතර කරන විට ප්‍රථම වරට ටෙස්ට් තරගයට සහභාගි වන රොෂෙන් සිල්වා නොදැවී ලකුණු 74ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 44ක් ද ලබා සිටියේ පිළිවෙලින් ඔවුන් දෙදෙනාගේ ශතකය හා අර්ධ ශතකය පෙනෙමින් තිබෙන අවස්ථාවකය.  ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී අවසාන දිනයේ ලංකා පිල මෙතරම් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට මුල් වූ ධනංජය ද… Read More →

ශ්‍රී ලංකාවට 410ක ඉලක්කයක්

Sri Lanka batsman Dimuth Karunarathna (C) runs between the wickets on the fourth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 5, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

නවදිල්ලියේ ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා –  ඉන්දීය අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ (6 වැනිදා) ශ්‍රී ලංකාවට තවත් ලකුණු 379ක් ලබා මේ තරගයෙන් ජය ගැනීමේ අභියෝගය ලැබී තිබේ.  ඉන්දියාව තම දෙවන ඉනිම කඩුලු පහකට ලකුණු 246ක් ලබා සිව්වන දින තේ පානයෙන් ඕවර කිහිපයකට පසු නතර කර ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේ දී ලකුණු 410ක් ලබා ජය ගැනීමට ඉලක්කයක් ලබා දුන්නේය.  එහෙත් තරගය නතර කරන විට ලංකා පිල කඩුලු තුනක් දැවී ලබා සිටියේ ලකුණු 31ක් පමණකි. ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භ කිරීමෙන් පසු දිමුත් කරුණාරත්න සහ සධීර සමරවික්‍රම මුල් විකට්ටුවට ලකුණු 14ක් රැස් කළ අවස්ථාවේ වේගපන්දු යවන මොහොමඩ් ෂාමි තම හයවන ඕවරය බියකරු ලෙස වේගපන්දු සමරවික්‍රම වෙත එවීය.  සිව්වන පන්දුවට සමරවික්‍රම තණතිල්ලේ ඇද වැටුණු අතර ඊළඟ පන්දුව නැවත හිස… Read More →

චන්දිමාල් – මැතිව්ස් ශතක ලබති

Sri Lanka batsman Angelo Mathews (L) and team captain Dinesh Chandimal (R) runs between the wickets as Indian team captain Virat Kohli looks on during the third day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 4, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශතක ලබාගැනීම මත නවදිල්ලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා තෙවන හා අවසාන ටෙස්ට් තරගයේ ඉන්දියාව මුල් ඉනිමේ ලබාගත් ලකුණු 536ට පිළිතුරු ලෙස තෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී කඩුලු 9කට ලකුණු 356ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව දැනට ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 180ක් පිටුපසින් සිටින අතර, ඉන්දීය පිල දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට සිදු ව ඇත. දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහර දෙන අවස්ථාවේ මෙම ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට තම සුපුරුදු පිතිකරණයේ දක්ෂතා මැනවින් විදහා දැක්වීය.  මැතිව්ස් හා චන්දිමාල් ශ්‍රී ලංකා සිව්වන කඩුල්ලට අගනා ලකුණු 181ක් (ඕවර 79.1) එක් කළේ ඉන්දීය මුල් ඉනිමට තර්ජනයක් වන අයුරිනි.  චන්දිමාල් පන්දු 341කට… Read More →

ඉන්දියාව 536 ට 07යි ශ්‍රී ලංකාව 131 ට 03යි

Sri Lanka batsman Dilruwan Perera (R) plays a shot during the second day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 3, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

නවදිල්ලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා තුන්වන හා පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියාව මුල් ඉනිමේදී කඩුලු 07ක ට ලබාගත් ලකුණු 536ට පිළිතුරු ලෙස දෙවන දින (03) තරගය නිම වනවිට ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා කඩුලු තුනකට ලකුණු 131ක් ලබා ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටියේය.  නැවත වතාවක් දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට නොයාමට ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී තවත් ලකුණු 205ක් රැස් කළ යුතු වේ. දෙවන දින තරගයේ විශේෂ සිදුවීම් ගණනාවක් ම සිදුවිය.  ඉන්දීය නායක, විරාට් කෝලි ගිය වසරේ (2016) ජුලි මාසයේ  සිට මේ දක්වා ද්විත්ව ශතක හයක් ලබා, එලෙස ද්විත්ව ශතක ඉක්මනින්ම ලැබූ පිතිකරුවා බවට ලෝක වාර්තා පොතට එක්විය. නවදිල්ල නගරයේ වායු දූෂණය දෙවන දින තරගයට ද බලපෑවේය.  මෙදින දිවා ආහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු රැකීමට පැමිණියේ මුහුණු ආවරණවලින් නාස… Read More →

ඉන්දියාව කඩුලු 4ට ලකුණු 371යි

නවදිල්ලියේ ෆොරොස් ෂා ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ශ්‍රී ලංකා-ඉන්දියා තෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ප්‍රථම දින නිම වනවිට කඩුලු 4ක ට ලකුණු 371ක් (ඕවර 90) ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.  එය ඕවරයකට ලකුණු සාමාන්‍යය හතර ඉක්මවීමකි.  ප්‍රථම දින තරගය නිමවීමට මඳකට පෙර ඉන්දියාව කඩුලු දෙකකට ලකුණු 361ක් ලබා සිටියත්, ලක්ෂාන් සඳකැන් විසින් මුරලි විජේ (155) සහ අජින්ක්‍යා රහනේ (01) පිට පිටම ඕවර දෙකකදී දවාලීම ශ්‍රී ලංකා කණ්ඩායමට අස්වැසිල්ලක් විය. ඉන්දියාව පන්දුවට පහර දෙන අවස්ථාවේ ලකුණු 78ක ට කඩුලු 2ක් දැවී ශ්‍රී ලංකාව ප්‍රතිවාදීනට ප්‍රබල තරගයක් දෙමින් පසු වුවත්, ආරම්භක පිතිකරු, මුරලි විජේ (155) සහ නායක, විරාට් කෝලි (නොදැවී 156) තෙවන කඩුල්ලට ඕවර 46ක දී ලකුණු 283ක් ඕවරයකට ලකුණු සාමාන්‍යය හය ඉක්මවා… Read More →

“මගේ අරමුණ මුලින් තරගයක් හෝ ජය ගැනීමයි” – නව එක්දින නායක තිසර කියයි

4V3A6548

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී සහ 20 – 20 තරගාවලියේ දී පළමුව එක් තරගයක් ජයගෙන පසුව තරගාවලිය ජය ගැනීම තම බලාපොරොත්තුව වන්නේ යැයි ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින හා 20 – 20 නායක තිසර පෙරේරා ප්‍රකාශ කරයි.  ඉන්දියාව සමග තරග වැදීම ලොව ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්.  ඒ අභියෝගය ජය ගැනීම අපගේ ප්‍රධාන අරමුණක් වන්නේ යැයි ද  තිසර පෙරේරා තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. ඉන්දීය සංචරයේ එක්දින හා 20 – 20 තරගාවලියට පමණක් නායකයා ලෙස තෝරාගැනීම පිළිබඳව සෑහිමකට පත්වන්නේ දැයි තිසර පෙරේරාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ ඉන්දීය සංචාරය සාර්ථක කරගැනීමට උපරිමයෙන් ක්‍රීඩා කළහොත් ඉදිරියේ දී ද තමාට අවස්ථාවක් ලැබෙනු ඇති බවත්, තමා කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෘතඥ වන අතර, සියයට දෙසීයක් කණ්ඩායමට ලබාදීමටත් තම… Read More →

ඉන්දියාවට ඉනිමක හා ලකුණු 239ක ජයග්‍රහණයක්

Indian cricketer Ishant Sharma (C) celebrates with teammates after taking the wicket of Sri Lanka batsman Niroshan Dickwella during the fourth day of the second Test cricket match between India and Sri Lanka at the Vidarbha Cricket Association Stadium in Nagpur on November 27, 2017.
 / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන පස්දින ටෙසට් ක්‍රිකට් තරගයේ සිව්වන දින දිවා ආහාරයට මදකට පසුව තරගය නිමාවට පත්වූයේ ඉන්දියාව ඉනිමකින් හා ලකුණු 239කින් පහසු ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.  මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස ඉන්දියාව මුල් ඉනිමේ දී කඩුලු 6ක ට ලකුණු 610ක් ලැබීය. මුල් ඉනිමේ දී ලකුණු 405ක් පිටුපසින් සිටී ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ද සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 166ක් පමණෙකි.  ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම දින මුල් ඉනිමේ දී ලකුණු 205ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවී යාමට සිදු වීමත් සමග නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාව උදා නොවීය. සිව්වන දින තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාව පසුවූයේ ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 384ක් පිටුපසින් කඩුලු අටක් ඉතිරිවය.  මෙදින දිවා ආහාරය වන… Read More →

ඉන්දියාව 610ට 06යි.  ශතකලාභීන් හතරක්

Indian cricket team captain Virat Kohli celebrates after scoring a double century (200 runs) on the third day of the second Test cricket match between India and Sri Lanka at the Vidarbha Cricket Association Stadium in Nagpur on November 26, 2017. / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

නාග්පූර් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස ඉන්දියාව මුල් ඉනිමේදී කඩුලු හයකට ලකුණු 610ක් ලබා මුල් ඉනිමේදී ලකුණු 405ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.  ශ්‍රී ලංකා තෙවන දින අවසාන භාගයේ දෙවන ඉනිම සඳහා ඕවර නවයකට පමණක් මුහුණදෙමින් කඩුල්ලක් දැවී ලබා සිටියේ ලකුණු 21කි. ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරිමට තවත් ලකුණු 384ක් අවශ්‍යව සිටියේ කඩුලු නවයක් ඉතිරිව තිබියදීය. ඉන්දියාව මුල් ඉනිමේදී ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා විශාල පරතරයක් තබාගැනීමේ අරමුණින් ඕවර 176.1ක් වැනි දීර්ඝ කාලසීමාවක් පන්දුවට පහරදෙමින් ලකුණු 610ක් ලබාගත්තේ ඕවරයකට ලකුණු සාමාන්‍යය 3.46ක් වන පරිදි ය. ඉන්දියාවට මෙතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට දායක වූ නායක විරාට් කෝලි ලකුණු 213ක් ද, මුරලි විජේ ලකුණු 128ක් ද, චෙටේෂ්වාර් පූජාරා ලකුණු 143ක් ද, රෝහිට් ෂර්මා නොදැවී… Read More →

ඉන්දියාව මුල් ඉනිම කඩුලු 2ට 312යි

Indian cricket team captain Virat Kohli greets teammate Cheteshwar Pujara (L) at the end of the second day's play of the second test cricket match between India and Sri Lanka at The Vidarbha Cricket Association Stadium in Nagpur on November 25, 2017. / AFP PHOTO / PUNIT PARANJPE / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

නාග්පූර් හි පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නතර කරන විට ඉන්දියාව මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2ක ට ලකුණු 312ක් ලබා ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 8ක් ද ඉතිරිවය. ඉන්දියාවට මෙතරම් ප්‍රබල තත්ත්වයකට ඒමට හේතු වූයේ දෙවන කඩුල්ලට මුරලි විජේ (128) සහ චෙටේෂ්වාර් පූජාරා (නොදැවී 121යි) ලකුණු 209ක් (ඕවර 71.4)) රැස් කිරීමය.  මේ පිතිකරුවන් දෙදෙනා දැඩි ඉවසිලිවන්තව දෙවන ‍දින සෙමින් ලකුණු රැස්කිරීම ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවීමට හේතු විණි.  කෙසේ වුවද, මුරලි විජේ මුලදී තෙවරක්ම දවාලීමේ අවස්ථා ලබාදුන්නත්, හේරත්, දික්වැල්ල හා සමරවික්‍රම අතින් ඒ අවස්ථා ගිලිහිණි. ඉන්දියාව මෙදින පළමු ඕවර 18දී ලබාගත්තේ ලකුණු 36ක.  මුරලි විජේ සහ පූජාරා, ලකුණු… Read More →

දෙවැනි ටෙස්ට් තරගය 24 දා නාග්පූර් හි දී

Sri Lanka's Suranga Lakmal and captian Dinesh Chandimal celebrate after taking the wicket of India'ncaptain Virat Kohli during the first day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 16, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ඉන්දියාවේ නාග්පූර් නගරයේ දී මේ මස 24 සිට 28 දක්වා ඉන්දියා – ශ්‍රී ලංකා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන අතර, ඊට ඉන්දිය කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි නොවේ.  මේ ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහ ප්‍රබල වේපන්දු යවන්නා වන බුවනේෂ්වර් කුමාර්ය. බුවනේෂ්වර් කුමාර් සිය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් නාග්පූර් සහ නවදිල්ලියේ දෙවන හා තෙවන ටෙස්ට් තරග දෙකට ම සහභාගි නොවන අතර, ශිකර් ධවාන් පෞද්ගලික හේතුන් මත දෙවන ටෙස්ට් තරගයට පමණක් සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබේ.   කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ධවාන් ලකුණු 94ක් රැස්කළ අතර, බුවනේෂ්වර් කුමාර් ප්‍රථම ඉනිමේ දී හා දෙවන ඉනිමේ දී කඩුලු හතර බැගින්  දවා තරගයේ වීරයා ලෙස ද නම් කැරිණි.  බුවනේෂ්වර් දෙවන ඉනිමේ දී ලකුණු අටකට… Read More →

ජාතික කාන්තා ක්‍රිකට් පිලට තරුණ ක්‍රීඩිකාවන් ලබාදීමේ වැඩපිළිවෙලක්

JDK_6110

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවැති ජාතික කණ්ඩායමට තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමේ වැඩ පිළිවෙල නොබෝදා සාර්ථකව ආරම්භ වූයේ අවුරුදු 23න් පහළ සංවර්ධන කණ්ඩායමක් සකස් කර ඔවුනට එතෙර දී හා මෙතෙර දී තියුණු තරගවලට සහභාගි වීමට අවස්ථාව ලබාදීමෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතියේ දී අන්තර් පළාත් හා අන්තර් දිස්ත්‍රික්ක මට්ටමින් දක්ෂතා දැක් වූ අවුරුදු 23න් පහළ ක්‍රීඩිකාවන්ගෙන් තිස්දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සකස්කර එහි විශේෂ දක්ෂතා පෙන් වූ ක්‍රීඩිකාවන් 16 දෙනෙකු 23න් පහළ ජාතික සංචිතයට තෝරා ඔවුනට මනා පුහුණුවක් ලබාදෙන බව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සරා තිලකරත්න ප්‍රකාශ කරයි. පාසැල් ක්‍රීඩිකාවන් හතරක් සහ අන්තර් සමාජ ක්‍රීඩිකාවන් 12ක් මේ සංචිතයට නම් කැරුණු අතර ඔවුනට දීමනාවක් හා ඇඳුම් පැළඳුම් ක්‍රිකට් උපකරණ ක්‍රිකට් ආයතනය… Read More →