ඓතිහාසික තුන්වැනි 20 – 20 තරගයත් පාකිස්තානය ජයගනී

Sri Lanka's Thisara Perera (L) celebrates taking the wicket of Pakistan's Ahmed Shehzad (not seen) next to Pakistan's Shoaib Malik (R) during the second Twenty20 series cricket match Pakistan vs Sri Lanka on October 27, 2017 at Sheikh Zayed Stadium, in Abu Dhabi. / AFP PHOTO / NEZAR BALOUT

පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන ඓතිහාසික 20 – 20  ට තෙවැනි තරගය ද පාකිස්තානයේ ලකුණු 36ක ජයග්‍රහණයක් අත්කරගත්තේ තරගවලිය ද 3- 0ත් ලෙස ජයගනිමිනි.  වසර ගණනාවකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තාන භූමියේ තරග වදිනු දැකීමට එරට ක්‍රීඩා ලෝලීන් ගඩාෆි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව  පිරෙන්නට පැමිණි සිටීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා මුලින් පන්දුව පහරදීමට පාකිස්තානයට ඇරියුම් කළ අවස්ථාවේ අබුඩාබි හි සෙයඩ් ක්‍රීඩාංගණයේ මෙන් නොව ලකුණු ලබාගැනීම පාරාදීසියක් වන ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන පිතිකරුවන් සිය ඕවර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 180ක් ලබමින් ලබාගත්තේ ප්‍රබල ස්ථාවරත්වයකි.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 144කි. ලකුණු අතර සිටින ප්‍රවීණ පිතිකරු ෂොයිඩ් මලික් නැවත වතාවක් තම පැරැණි සුපුරුදු දක්ෂතා පෙන්වමින්… Read More →

පන්දුවක් ඉතිරිව තිබිය දී පාකිස්තානයට තියුණු ජයක්

Pakistan's Shoaib Mlik (L) and Ahmed Shehzad (R) run between the wicket during the second Twenty20 series cricket match Pakistan vs Sri Lanka on October 27, 2017 at Sheikh Zayed Stadium, in Abu Dhabi. / AFP PHOTO / NEZAR BALOUT

බන්දුල මොල්ලිගොඩ අබුඩාබි සිට ලියයි… ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අඩුබාඩි හි පැවැති දෙවන 20 -20  තරගයේ දී තරගය නිම වීමට පන්දුවක් ඉතිරිව තිබිය දී ඉතාමත් තියුණු තරගයකින් පසුව පාකිස්තානය කඩුලු දෙකක ජයක් ලැබීය. ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 124ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 19.5ක දී කඩුලු 8කට ලකුණු 125ක් ලබා අවසාන මොහොතේ මේ තියුණු ජයග්‍රහණය අත්කර ගත්තේය. පාකිස්තාන ඉනිමේ 19 වන හා 20 වන ඕවර වන විට ශ්‍රී ලංකාව මේ තරගයෙන් ජය ලබන තත්ත්වයක පත්ව සිටියේය. 19 වන ඕවරය වන විට පාකස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් ද 20 වන ඕවරය ආරම්භ වන වි පාකිස්තාන ජයග්‍රහණයට ලකුණු 12ක් ද අවශ්‍ය විණි.  19 වන ඕවරයේ දී ඕවුන් ලබාගත්තේ ලකුණු හතරකි.  අවසාන ඕවරය යැවූ විකුම් සංජයගේ සිව්වන පන්දුවට… Read More →

Sri Lanka lose in nail biting finish after best performance yet

Sri Lanka's Thisara Perera (L) celebrates taking the wicket of Pakistan's Ahmed Shehzad (not seen) next to Pakistan's Shoaib Malik (R) during the second Twenty20 series cricket match Pakistan vs Sri Lanka on October 27, 2017 at Sheikh Zayed Stadium, in Abu Dhabi. / AFP PHOTO / NEZAR BALOUT

By Srian Obeyesekere reporting from Abu Dhabi Sri Lanka came up with an impeccable performance and was unfortunate to be stalled at the victory post as Pakistan, requiring 8 off the last 3 balls, scrape through in a nail biting finish with No.9 batsman Shadab Khan striking a six and two to win with a ball to spare reaching the 125-run target for the loss of 8 wickets in 19.5 overs in the second T 20 here at the Sheik Al Sayed Stadium in Abu Dhabi. Defending 124 runs, Sri Lanka made early inroads claiming two wickets in the space of two balls to reduce Pakistan to 31 for 2 in 4.1 overs. First to go was Fakhar Zaman run… Read More →

Pakistan win T20 opener by 7 wickets

DSC_2931

By Srian Obeyesekere reporting from Abu Dhabi Pakistan won the first T20 day-night match against Sri Lanka by 7 wickets making 103 for 3 wickets in 17.2 overs having bowled out Sri Lanka for 102 in 18.3 overs at the Sheik Sayed Stadium in Abu Dhabi.  Sri Lanka started well reducing Pakistan to 2 wickets for 18 runs in 5.1 overs. First to go was Fakhar Zaman bowled by Vikum Sanjaya for 6 off 10 balls and Pakistan had lost the first wicket for 10 in 2.3 overs. Off spinner sachith Pathirana struck in the very first ball of his second over accounting for the prize wicket of Babar Azam for 1 off 8 balls stumped by Sadeera Samarawickrema and… Read More →

පාකිස්තානය ප්‍රථම 20 – 20 තරගය ජයගනී

DSC_2758

බන්දුල මොල්ලිගොඩ අබුඩාබි සිට ලියයි… අබුඩාබි සෙයඩ් ක්‍රීඩාංගණයේ බ්‍රහස්පතින්දා (26) පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන ප්‍රථම 20 -20 තරගයෙන් පාකිස්තානය කඩුලු හතක ජය ලැබුවේ පහසු ආකාරයෙනි.  ශ්‍රී ලංකාව ඕවර 18.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 102ක ට පිළිතුරු ලෙස පාකිස්තානය කඩුලු තුනකට ලකුණු 103ක් ලබා මේ ජයග්‍රහණය ලැබීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 140 – 150ක් වැනි සංඛ්‍යාවක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවූයේ නම් මේ තරගය මීට වඩා තියුණු මුහුණුවරක් දැරීමට අවස්ථාව තිබිණි.  ලංකා පිතිකරුවන් අතුරින් ධනුෂ්ක ගුණතිලක (18) සධීර සමරවික්‍රම (23) සීක්කුගේ ප්‍රසන්න (නොදැවී 23) පමණක් යම් අයුරිකින් ලකුණු රැස් කළත් කිසිදු පිතිකරුවකුට ලංකා ඉනිම ගොඩනැගීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකි නොවීය. පාකිස්තානය ලකුණු 103ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යන අවස්ථාවේ ෆකාර් අහමඩ් (22) සහ ෂොයිබ් මලික් (නොදැවී ලකුණු… Read More →

ශ්‍රී ලංකා පාකිස්තාන 20 – 20 තරග 26 සිට

DSC_2275

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඕවර 20 – 20 තරග තුනේ ප්‍රථම තරගය 26 වැනිදා අබුඩාබි සෙයඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය. ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2 – 0කින් ද එක්දින තරගාවලිය පාකිස්තානය 5 – 0 කින් ද ජයගෙන ඇති හෙයින් මෙම 20 -20 තරගාවලිය ද ජය ගැනීම කණ්ඩායම් දෙකේම අපේක්ෂාව වී තිබේ. ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසන්නේ තමාට දක්ෂ තරුණ කණ්ඩායමක් ලැබී ඇති හෙයින් හොඳින් දක්ෂතා පෙන්වීමට අපේක්ෂා කරන බවය. ඉන්දියාවෙන් මෙන්ම පාකිස්තානයෙන් ද දැන් තරුණ ඉතා වේගවත් පන්දු යවන්නන් රාශියක්ම දැන් බිහිවෙමින් පවතී. විශේෂයෙන්ම පාකිස්තාන තරුණ වේගපන්දු යවන්නන් මේ දිනවල කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් බලන කළ මෙවැනි තරගයක දී ප්‍රතිවාදීනට ප්‍රබල… Read More →

Sri Lanka seek new pastures going in to T20 series vs Pakistan

DSC_2456

By Srian Obeyesekere reporting from Abu Dhabi Sri Lanka will seek new pastures locking horns with Pakistan in the T20 form in a bid to put behind the recent ODI series loss. It will be an altogether new draught of air breathed in to the Sri Lanka T 20 side that takes on Pakistan in the 3-match series, the first of which day-night match gets underway today Thursday October 26 at the Al Sayed Abu Dhabi Stadium.. At the helm of things is the dynamic all-rounder Thisara Perera who takes over the captaincy from Upul Tharanga who along with several of the top rung players made themselves unavailable to tour Lahore for the third T20 to be played in Lahore… Read More →

පරාජයේ වගකීම භාර ගන්නවා – උපුල් තරංග

DSC_1945

බන්දුල මොල්ලිගොඩ සාජා සිට ලියයි… එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 5 – 0කින් පාකිස්තානයට පරාජයට පත්වීමේ වගකීම තමා ඇතුළු සියලු ක්‍රීඩකයන් භාර ගන්නා බව එක්දින නායක උපුල් තරංග ප්‍රකාශ කරයි. එක්දින තරගාවලියේ දී අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ.  විශේෂයෙන්ම පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම පරාජයට ප්‍රධාන හේතුවක්.  ලකුණු 75ක් පසු කළේ තරගාවලියේ දී ම පිතිකරුවන් දෙදෙනෙකු පමණයි.  සමස්ථයක් ලෙස පාකිස්තානය සියලු අංශවලින් අපට වඩා හොඳින් කළ බව ද උපුල් තරංග ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරනතුරු තමා නායකත්වයේ ක්‍රියා කරන බවත් වෙනත් අයෙකු නායකත්ව පත්කරනතුරු තමා එක්දින නායකයා ලෙස ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය. පාකිස්තානයේ ලාහෝර් නගරයේ මේ මස 29 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන 20 – 20 තෙවන තරගයට ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු… Read More →

පාකිස්තානය පස්වන එක්දින තරගය පහසුවෙන්ම ජයගනී

Pakistan ODI series win

බන්දුල මොල්ලිගොඩ සාජා සිට ලියයි…. ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පහක එක්දින ක්‍රිකට් තරගාවලියේ සාජා හි පැවැති පස්වන එක්දින තරගය කඩුලු නවයකින් ජයගත් පාකිස්තානය එක්දින තරගාවලිය ද 5 – 0ක් ලෙසින් ජයගත්තේය. පස්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 26.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 103ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 20.2කදී කඩුලු 1කට ලකුණු 105ක් ලබා මේ ජයග්‍රහණය ලැබීය. පස්වන තරගයේ වීරයා ලෙස උස්මාන් ඛාන් ද තරගාවලියේ වීරයා ලෙස හසන් අලි ද නම් කැරිණි. පාකිස්තාන ඉනිමේදී ඉමාම් හක් නොදැවී 45ක් ද, ෆාකර් සාමන් ලකුණු 48ක් ද ලැබූ අතර, වැන්ඩසේ ලකුණු 30ක ට එක් කඩුල්ලක් දවාලූවේය. සම්පූර්ණ තරගයේම යැවුණේ ඕවර 46.5ක් පමණෙකි. ශ්‍රී ලංකා නායක, උපුල් තරංග කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත්, ප්‍රථම ඕවරයේ සිටම පිට පිටම කඩුලු දැවීයාමෙන්… Read More →