ආසියානු රටවල් දෙකකට විශිෂ්ඨ ජයග්‍රහණ – බංග්ලාදේශ‍යෙන් පළමු පෙරැළිය

Thanathillen-Eha_3

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම පෙරැළිය සිදුකළ බංග්ලාදේශය ඉරිදා (2) ප්‍රබල දකුණු අප්‍රිකාව ලකුණු 21කින් පරාජයට පත් කළේය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 330ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු අටකට ලබාගත්තේ ලකණු 309කි. කෙසේ වුවද මේ තරගයේ මුල සිට අවසානය තෙක්ම තියුණු මුහුණු වරක් ඉසිලීය.

බංග්ලාදේශය තරගය ආරම්භය සිට අවසානය තෙක්ම ප්‍රවීණ කුසලතා දැක්වු අතර සෑම අවස්ථාවකම ඉදිරියෙන් සිටීමටද වග බලා ගත්තේය.ඔවුන් පන්දුවට පහර දෙන අවස්ථාවේ ඉදිරි පෙළ සියලු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමද විශේෂත්වයකි.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 78ක්ද (පන්දු 80 හතරේ අටයි.) ෂකිබ් අල් හසන් ලකුණු 75ක්ද (පන්දු 84 හයේ එකයි හතරේ අටයි) වඩාත් දක්ෂ අයුරින් පන්දුවට පහර දුන්හ. බංග්ලාදේශයේ පන්දුවට පහරදීමේ වේගය ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.6 කි.දෙවැනි කඩුල්ලට මුෂ්ෆිකර් සහ ෂකිබ් එක්කළ ලකුණු සංඛ්‍යාව 142 කි. (ඕවර 23.3)

දකුණු අප්‍රිකාවද ඉනිම ආරම්භයේ සිටම දළ ලකුණු වේගය රඳවා ගත්තත් ෆෆ් ඩු ප්ලෙසිස් (ලකුණු 62 යි පන්දු 53යි හතරේ පහයි හයේ එකයි) දැවී යාමෙන් පසු මැද පෙළ ලකුණු රැස් කිරීම ක්‍රමයෙන් අඩාල විය.

ලකුණු විස්තරය—

බංග්ලාදේශය ඔිවර 50දී කඩුලු 6ට 330යි.

මුෂ්ෆිකර් රහීම් 78 ෂකිබ් අල් හසන් 75 මොහමඩ් මහ්මදුල්ලා 46 සෞම්‍ය සාකර් 42 ඉම්රාන් තහීර් 57ට2යි ෆුලුක්වායෝ 52ට2යි

දකුණු අප්‍රිකාව ඕවර 50දී කඩුලු 8ට 309 යි

ෆෆ් ඩු ප්ලෙසිස් 62 ඒඩ්න් මාක්‍රම් 45 ජේ.පී.ඩුමිනි 45 වැන් ඩර් ඩුසෙන් 41 මුෂ්ටාෆි සුර් රහ්මන් 67ට3යි මහ්මඩ් සයිෆුඩින් 57ට2යි

  • පාකිස්තානය එංගලන්තය මවිත කරයි.

දින තුනකට පෙර (මැයි 31) කොදෙව් දුපත් කණ්ඩායම වෙතින් පන්දු 218 ක් ඉතිරිව  තිබියදී කඩුලු හතකින් අන්ත පරිජයකට ළක්වු පාකිස්තානය සදුදා (2) සිය දෙවැනි තරගයේදී සත්කාරක එංගලන්තයම මවිත කරමින් ඕවර 50 අවසානයේ කඩුලු අටකට ලකුණු 348ක් ලබා පසුව එංගලන්තය ලකුණු 14කින් පරාජයට පත් කළේය.

තරගයෙන් ජය ගැනීමට එංගලන්තය ප්‍රබල උත්සාහයක යෙදුණත් අවසානයේ ඕවර 50 නිමවන විට ඔවුන් කඩුලු නවයකට ලබා සිටියේ ලකුණු 334කි. එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙකු වන ජෝ රූට් සහ ජොස් බට්ලර් ශතක දෙකක් රැස් කළත් ඔවුනට ඉලක්කය කරා යාමට නොහැකිවීම ඔවුනගේ අභාග්‍යයකි.

රූට් පන්දු 104 කදී හතරේ දහයක් හයේ පහරක් සමග ලකණු 107ක්ද බට්ලර් පක්දු 76කදී හයේ දෙකක් සහ හතරේ නවයක් සමග ලකුණු 103ක්ද ලබා ගත්හ.

පාකිස්තානයට එකම ශතකයක්වත් ලබා ගැනීමට නොහැකි වුවත් පිතිකරුවන් තිදෙනෙකුම අර්ධ ශතක වාර්තා කළහ.

ලකුණු පුවරුව   

පාකිස්තානය ඕවර 50දී කඪුලු 8ට 348

මොහමඩ් හෆීෂ් 84 බාබර් අසාම් 63 සෆ්රාස් අහ්මඩ් 55 අලී 50ට 3යි ස්ටෝක්ස් 71 ට 3යි.

එංගලන්තය ඕවර 50දි  කඩුලු 9ට 334 යි වහබ් රියාෂ් 82 ට3 යි.