ඇතුල්ගල්පුර සටනේ වැඩි ගෞරව සාන්ත ආනා කණ්ඩායමට

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති සාන්තආනා මලියදේව “ඇතුගල්පුර සටන” පාසල් මහා ක්‍රිකට් තරගය ජය පැරැදුමින් තොරව කෙළවර වුවත් වැඩි ගෞරවයන් අත්වූයේ සාන්ත ආනා කණ්ඩායමටය.

මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් මලියදේව කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 172ට පිළිතුරු ලෙස සාන්ත ආනා කඩුලු නවයකට ලකුණු 278ක් ලබා මුල් ඉනිමේ ලකුණු 106කින් ඉදිරියෙන් සිටීමට සමත්විය. තරගය නිමවන විට මලියදේව දෙවන ඉනිම සඳහා පිතිකරුවන් තිදෙනෙකු දැවී ලකුණු 109ක් ලබා සිටියේය.

ජය සංකේත ප්‍රදානයේදී හොඳම ක්‍රීඩක සම්මාන හතරම සාන්ත ආනා ක්‍රීඩකයනට හිමිවීම විශේෂත්වයකි. කණ්ඩායමේ නායක කවිඳු රණසිංහ තරගයේ වීරයා ලෙස තේරිණි. අනෙක් දක්ෂම ක්‍රීඩකයන් වූයේ හොදම පන්දු රකින්නා ක්‍රිෂාන්ත පියතිලක හොඳම පන්දු යවන්නා රසික පෙරේරා හා හොඳම පිතිකරු ලසිත් වර්ණකුලසූරියයි.

මලියදේවයේ විදත් බටේපොල ලකුණු 32ක් (මුල් ඉනිමේදී) ලබා පසුව කඩුලු දෙකක් දවාලූවේය. එම විදුහලේ සුපුන් සුමනරත්න මුල් ඉනිමේදී ලකුණු 26ක් හා දෙවන ඉනිමේදී ලකුණු 27ක් ලැබීය.

Best Fielder - Creshitha Perera

ලකුණු විස්තරය

  • මලියේදව මුල් ඉනිම ලකුණු 172යි (ඕවර 53යි)

චාලුක අතපත්තු 48, විදත් බටේපොල 32, සුපුන් සුමනරත්න 26, රසික පෙරේරා 15ට 4, පසිඳු තෙන්නකෝන් 53ට 3

  • සාන්ත ආනා මුල් ඉනිම කඩුලු 9ට 278යි (ඕවර 94.2යි)

කවිඳු රණසිංහ 64, ලසිත් වර්ණකුලසූරිය 55, පිවිතු ප්‍රනාන්දු 36, ක්‍රිෂන්ත පියතිලක 35, කවිඳු ඒකනායක 31, බ්‍රයන් කරුණානායක 30ට 2, විදත් බටේපොල 45ට 2,

  • මලියදේව දෙවන ඉනිම කඩුලු 3ට 109යි (ඕවර 28යි)

කවිඳු බණ්ඩාර නොදැවී 29යි, සුපුන් සුමනරත්න 27යි, බ්‍රයන් කරුණානායක නොදැවී 26යි, සුදත් ප්‍රේමදාස 24යි.

බන්දුල මොල්ලිගොඩair max 90 essential sale