ඉන්දියාව ප්‍රථම 20 – 20 තරගය ජයගනී

Thanathillen Eha_1

ඉන්දියාවේ කටාක්හි පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රථම 20 – 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 93ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රි ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ඉන්දීය පිලට පැවරූ අතර, ඉන්දියාව සිය ඕවර 20 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් විය.  ශ්‍රී ලංකාව ඕවර 16ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 87කි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට එතරම් විශාල ඉනිමකට යාමට අවස්ථාව නොදී ඉනිම අගවන තෙක් ඔවුන් සීමාකර ගැනීමට සමත් වුවත් ඉන්දියාව නුවන් ප්‍රදීප් යැවූ 19 වන ඕවරයෙන් ලකුණු 21ක් ද දුෂ්මන්ත චමීර 17 වන ඕවරයෙන් ලකුණු 16ක් ද ලබමින් ලකුණු 180 සීමාවට (සාමාන්‍ය ලකුණු නවයයි) ළඟා විණි.  ලකුණු අතර සිටී ඉන්දීය පිතිකරුවන් වූයේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් (ලකුණු 61යි, පන්දු 48යි), මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී ලකුණු 39යි, පන්දු 22යි), සහ මනිෂ් පාණ්ඩේය. (නොදැවී 32යි, පන්දු 18යි).

Sri Lanka's Upul Tharanga plays a shot during the first T20 cricet match between India and Sri Lanka at the Barabati Stadium in Cuttack  on December 20, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka’s Upul Tharanga plays a shot during the first T20 cricet match between India and Sri Lanka at the Barabati Stadium in Cuttack on December 20, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

දෝනි සහ පාණ්ඩේ ඉන්දීය සිව්වන කඩුල්ලට ඕවර 5.3ක දී (පන්දු 33කින්) නොදැවී ලකුණු 68ක් රැස් කිරීම ඉන්දියාවට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ගොඩ නැගුණු හොඳම සබදතාවයයි.  මීට අමතරව නායක රෝහිත් ෂර්මා ලකුණු 17ක් ද ශියාස් අයියර් ලකුණු 24ක් ද රැස් කළහ.  ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු ඇන්ජිලෝ මැතිව්ස් ඕවර තුනක් යවා ලකුණු 19ක් දී ඉන්දීය නායකයාගේ කඩුල්ල දවාලුවේය.

ලකුණු 181ක ඉලක්කයක් කරා යාමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් උපුල් තරංග (23) හා නිරෝෂන් දික්වැල්ලල (13) පැමිණි අවස්ථාවේ දික්වැල්ල ලකුණු 15 දී මුල් විකට්ටුවට දැවී ගියේය.  මුළු ලකුණු 30 දී තරංග දැවී යාමත් සමග වෙනත් පිතිකරුවනට ලකුණු අතරට ඒමට අවස්ථාව නොලැබිණි.  දික්වැල්ල කළකට පසු ආරම්භක පිතිකරු ලෙස පැමිණියත් ඔහුට සුපුරුදු දක්ෂතා පෙන්වීමට අවස්ථාව නොලැබිණි.  ආබාධ මත මාස ගණනක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි කුසල් ජනිත් පෙරේරා (පන්දු 28යි, ලකුණු 19යි) සහ අසේල ගුණරත්නට (ලකුණු 4යි) ලකුණු අතරට පැමිණීමට අවස්ථාව උදා නොවීය.

ශ්‍රී ලංකා ඉනිම අඩු සංඛ්‍යාවකට දවාලීමට මුල් වූ දකුණතින් පා දඟ පන්දු යවන යුෂ්වේන්ද්‍ර චාහල් (තරගයේ වීරයා) තම ඕවර හතරේ දී ලකුණු 23ක ට තරංග, මැතිව්ස් (01) ගුණරත්න හා නායක තිසර පෙරේරා (03) ප්‍රබල පිතිකරුවන් සිව් දෙනාම දවාලීමට වග බලා ගත්තේය.  මෙය 20 – 20 තරගයක ශ්‍රී ලංකාව පිට පිටම ලත් හයවන පරාජයයි.  දෙවන 20 – 20 තරගය 22 වැනිදා ඉන්දෝර් හි දී පැවැත්වීමට නියමිතය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-