ඉන්දියාව සහ එංගලන්තය ජයගනී

Thanathillen-Eha_3

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකකදී ඉන්දියාව සහ එංගලන්තය ජයග්‍රහණ ලැබීය. මෙයින් ප්‍රධානම තගරය වූ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ඉන්දියාවට ලකුණු 36ක ජයක් අත්විය. එංගලන්තය ලකුණු 106කින් බංග්ලාදේශය පරදවා පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

  • ඉන්දියාව ලකුණු 36කින් ඕස්ට්‍රේලියාව පරාජය කළේය.

ඉරිදා (9) පැවැති මේ තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලබාගක් ලකුණු 352ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 316කි.

ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශිකර් ධවාන් ලකුණු 117යි (පන්දු 109යි හතරේ 16යි) සහ රොහිට් ෂර්මා ලකුණු 57යි (පන්දු 70යි හතරේ තුනයි හයේ එකයි) ප්‍රථම විකට්ටුවට ඕවර 22.3ක දී එක්කළ ලකුණු 127 මේ තරගයේ හොඳම සබඳතාවයයි. ඉන්දීය නායක විරාට් කෝලි පන්දු 77කදී හතරේ හතරක් හා හයේ දෙකක් සමග ලකුණු 82ක් ලැබීය.

  • ඉන්දියාව ඕවර 50 දී කඩුලු 5ට 352යි.

ශිකර් ධවාන් 117යි, විරාට් කෝලි 82යි, රෝහිට් ෂර්මා 57යි හර්දික් පාන්ඩ්‍යා 48 ස්ටෝනිස් 62ට 2

  • ඕස්ට්‍රේලියාව ඕවර 50දී 316යි.

ඩේව්ඩ් වෝනර් 56යි, ස්ටීව් ස්මිත් 69යි ඒ.කේරි 55, ටී.කවජා 42, බුවනේෂ්වර් කුමාර් 50ට 3යි, බුම්රා 61ට 3යි.

එංගලන්තය ලකුණු 106කින් බංග්ලාදේශය පරාජය කළේය.

කාඩිෆ් සොෆියා ගාඩ්න්ස්හි පැවැති මේ තරගයේ දී එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලැබූ ලකුණු 386ට පිළිතුරු ලෙස බංග්ලාදේශය ඕවර 48.5කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 280කි.

එංගලන්තයේ ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු 121කදී හයේ පහක් හතරේ 16ක් සමග ලකුණු 153ක්ද බංග්ලාදේශයේ අංක 3 පිතිකරු ෂකිබ්අල් හසන් පන්දු 119කදී හතරේ 12ක් හයේ පහරක් සමග ලකුණු 121ක්ද ලැබූහ.

  • එංගලන්තය ඕවර 50දී කඩුලු 6ට 386යි.

ජේසන් රෝයි 153යි. ජේ.බෙයාර්ස්ටෝ 51යි, ජෝස් බට්ලර් 64යි මෙහෙඩි හසන් 67ට 2

  • බංග්ලාදේශය ඕවර 48.5 දී 280යි.

ෂකිම් අල්හසන් 121යි, මුෂ්ෆිකර් රහිම් 44යි, ජේ.ආචර් 29ට 3යි, ස්ටෝක්ස් 23ට 3යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-