ඉන්දියාව සහ නවසීලන්තය ජය ගනී

Thanathillen-Eha_3

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බදාදා(05) පැවැති තවත් තරග දෙකකදී ඉන්දියාව සහ නවසීලන්තය ජයග්‍රහන දෙකක් වාර්තා කළේය.

  • ඉන්දියාව කඩුලු හයකින් දකුණු අප්‍රිකාව පරාජය කළේය.

දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 227ට පිළිතුරු ලෙස ඉන්දියාව ඕවර 47.3කදී කඩුලු හතරකට ලකුණු 230ක් ලබා මේ පහසු ජයග්‍රහණය වාර්තා කළේය.

ඉන්දීය ආරම්භක පිතිකරු රොහිට් ෂර්මා නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් (පන්දු 144යි හතරේ 22යි හයේ දෙකයි) කණ්ඩායමේ ජයග්‍රහණයට මූලික විය. නායක විරාට් කෝලි ලබාගත්තේ ලකුණු 18කි. හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 34ක් රැස්කිරීමට සමත්විය.

දකුණු අප්‍රිකා පිතිකරුවන් කිසිවෙකුට අර්ධ ශතකයකට යාමට හැකි නොවීය. චාහල් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 51කට කඩුලු 4ක් දවාලූවේය.

ලකුණු පුවරුව

  • දකුණු අප්‍රිකාව ඕවර 50දී කඩුලු 9ට 227යි.

ඩුප්ලෙසිස් 38, ඩේවිඩ් මිලර් 31, ෆුලුක්වායෝ 34, සී.මොරිස් 42යි, කේ.රබඩා 31යි, වයි.චාහල් 51ට 4යි

  • ඉන්දියාව ඕවර 47.3 දී කඩුලු 4කට 230යි.

රොහිට් ෂර්මා නොදැවී 122යි, මහේන්ද්‍රන් සිං ‍දෝනි 34, කගිෂෝ රබඩා 39ට 2යි.

නවසීලන්තය කඩුලු 2කින් බංග්ලාදේශය පරාජය කළේය.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 49.2කදී සියලු පිතිකරුවන් දැවී ලබා ගත්තේ ලකුණු 244කි. පිළිතුරු ලෙස නවසීලන්තය ඕවර 47.1කදී කඩුලු අටකට ලකුණු 248ක් ලබා ගනිමින් මේ ජයග්‍රහණය වාර්තා කළේය. බංග්ලාදේශ ඉනිමේ මැද භාගය නිතරම ඉදිරියට ගෙන යන හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ලකුණු 18ක් ලබා සිටියදී දුවද්දී දැරීමට හසුවීම ඔවුන් ලත්  පාඩුවකි.

නවසීලන්තයේ පළපුරුදු පිතිකරු රොස් ටේලර් පන්දු 91කට මුහුණදී හතරේ නවයක් සමග ලකුණු 82ක් ලබා ජයග්‍රහණයට අඩිතාලම දැමීය.

ලකුණු පුවරුව

  • බංග්ලාදේශය ඕවර 49.2දී 244යි.

ෂකිබ් අල් හසන් 64 (පන්දු 68යි හතරේ 7යි) මොහොමඩ් සයිෆුඩීන් 29යි, එම්.මිතූන් 26යි,සෞම්‍ය සාකර් 25, එම්.හෙන්රි 47ට 4යි, ටී.බෝල්ට් 44ට 2

  • නවසීලන්තය ඕවර 47.1 දී කඩුලු 8ට 248යි

රොස් ටේලර් 82යි කේන් විලියම්සන් 40යි, මෙහෙඩි මිරාෂ් 47ට 2යි, ෂකිබ් අල් හසන් 47ට 2යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-