ඉන්දීයා ‘ඒ’ ඉනිමකින් ජයගනී

Thanathillen-Eha_3

ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ඒ ක්‍රිකට් කණ්ඩායම් අතර ඉන්දියාවේ බෙල්ගාවිහි පැවැති සිව්දින ක්‍රිකට් තරගයේ තෙවන දින නිම වන විට ඉන්දියාව ඉනිමක හා ලකුණු 205ක් ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

මුලින් පන්දුවට පහර දුන් ඉන්දියාව මුල් ඉනිම වෙනුවෙන් කඩුලු පහකට ලබාගත් ලකුණු සංඛ්‍යාව 622කි. මෙහිදී අබිමාන්සු ඊස්වරන් ලකුණු 233ක්ද (පන්දු 321යි හතරේ 22යි හයේ තුනයි) නායක ප්‍රියන්ත් පන්චාල් ලකුණු 160ක්ද (පන්දු 261යි හතරේ 9යි හයේ 2යි) අන්මොල්ප්‍රිට් සිං ලකුණු 116ක්ද (පන්දු 165යි හතරේ 11යි) ද්විත්ව ශතක සහ ශතක ලබාගත්හ. මුල් විකට්ටුවට පන්චාල් හා ඊස්වරන් එක්කළ ලකුණු සංඛ්‍යාව 352කි. (ඕවර 83.1කදී) විශ්ව ප්‍රනාන්දු ලකුණු 83කට කඩුලු 2ක් බිඳ දැමීය.

ශ්‍රී ලංකා ‘ඒ’ ලබාගත්තේ මුල් ඉනිමේදි ලකුණු 232ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 185ක් පමණකි. ලංකාව පිතිකරුවන් අතුරින් ඉනිම දෙකේදීම කැපීපෙනුණේ නිරෝෂන් දික්වැල්ල නායක අෂාන් ප්‍රියංජන් සහ සධීර සමරවික්‍රම පමණි. ශ්‍රී ලංකා මුල් ඉනිමේ දී දික්වැල්ල ලකුණු 103ක් ද (පන්දු 113යි හතරේ 15යි) අෂාන් ප්‍රියංජන් ලකුණු 49ක්ද සධීර වික්‍රම ලකුණු 31ක්ද ලැබූහ. ලංකා දෙවන ඉනිමේදී සධීර සමරවික්‍රම 48ක්ද අෂාන් ප්‍රියංජන් 39ක්ද දික්වැල්ල ලකුණු 27ක්ද ලැබූහ. රාහුල් චාහර් ඉනිම දෙකේදීම කඩුලු හතර බැගින් දවාලූහ.

කණ්ඩායම් දෙක අතර දෙවන සිව්දින තරගය මැයි 31වැනිදා බෙල්ගාවි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

  • ඉන්දියාව මුල් ඉනිම ලකුණු 622යි

ඒ.ඊ.ස්වරන් 233, පී.කේ.පන්චාල් 160, ඒ.සිං 116, එස්.ලාඩ් 76යි,විශ්ව ප්‍රනාන්දු 83ට 2යි.

  • ශ්‍රී ලංකා මුල් ඉනිම 232යි

නිරෝෂන් දික්වැල්ල 103යි,අෂාන් ප්‍රියංජන් 49යි,සධීර සමරවික්‍රම 31යි, රාහුල් චාහාර් 78ට 4,

  • ශ්‍රී ලංකා දෙවන ඉනිම 185යි.

සධීර සමරවික්‍රම 48, අෂාන් ප්‍රියංජන් 39යි, නිරෝෂන් දික්වැල්ල 27යි, රාහුල් චාහාර් 45ට 4, ඒ.රාජ්පුට් 11ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-