ඉන්දීය ඒ පිල නැවත ජයගනී

Thanathillen-Eha_3

ශ්‍රී ලංකා ඒ සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර පැවැති දෙවන හා අවසාන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයෙන් ද ඉන්දියා ඒ කණ්ඩායම ලකුණු 152ක ජයක් අත්කරගත්තේය.

ඉන්දීය ඒ කණ්ඩායම ප්‍රථම සිව්දින තරගයෙන් ද ජයගත් හෙයින් තරග දෙකක තරගාවලියේ ජය ඉන්දීය ඒ වලට 2 – 0 ක් ලෙස හිමිවිණි.  දෙරට අතර එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිතය.

අවසාන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ දී භානුක රාජපක්ෂ හා කමිඳු මෙන්ඩිස් පිතිකරණයේ දීද ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමේ දීද දක්ෂතා පෙන්වීය.  භානුක රාජපක්ෂ දෙවැනි ඉනිමේදී ශතකයක් (ලකුණු 110)ක් ද කමිඳු මෙන්ඩිස් මුල් ඉනිමේ දී ලකුණු 68ක් හා දෙවන ඉනිමේ දී ලකුණු 46ක් රැස් කළහ.  ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමේ දී මුල් ඉනිමේ දී ලකුණු 64ක ට කඩුලු 4ක් ද දෙවන ඉනිමේ දී ලකුණු 87ක ට කඩුලු තුනක් ද ලබා තරගයේ දී කඩුලු හතක් දවාලීමට සමත් විය.

ඉන්දීය ඒ කණ්ඩායමේ කේ. භාරත් ප්‍රථම ඉනිමේ දී ලකුණු 117ක් දෙවන ඉනිමේ දී ලකුණු 60ක් ද ආර්. චාහාර් දෙවන ඉනිමේ දී ලකුණු 84 ක්ද ලබාගත්හ.  ශ්‍රී ලංකා පිතිකරුවන් බොහෝමයක්ම දෙවන ඉනිමේ දී දැවීගියේ කඩුල්ල මුවා කිරීමේ වරදටය.

ඉන්දියා ඒ මුල් ඉනිම 269යි – කේ. භාරත් 117යි, ඒ. සිං 65, ළහිරු කුමාර 53 ට 4යි, ලක්ෂාන් සඳකැන් 64ට 4යි.

ශ්‍රී ලංකා ඒ මුල් ඉනිම 212යි – කමිඳු මෙන්ඩිස් 68යි, ප්‍රියංජන් පෙරේරා 36යි, නිරෝෂන් දික්වැල්ල 39යි, ජේ. යදවු 23ට 3යි, සංදීප් වොරියර් 32 ට 2.

ඉන්දීය ඒ දෙවන ඉනිම 372යි – ආර්. චාහාර් 84, කේ. භාරත් 60, ඒ . සිං 60, විශ්ව ප්‍රනාන්දු 68ට 3, ලක්ෂාන් සඳකැන් 87ට 3යි.

ශ්‍රී ලංකා ඒ දෙවන ඉනිම 277යි – භානුක රාජපක්ෂ 110, කමිඳු මෙන්ඩිස් 46, විශ්ව ප්‍රනාන්දු 32, ආර්. චාහාර් 112 ට 5.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-