ඉන්දීය ඒ සංචාරයන්ට දක්ෂයෝ රැසක්ම

Thanathillen-Eha_2

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය මේ මස (මැයි) 21 වැනිදා ආරම් වන අතර සිව්දින නිල නොවන ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය හිමිව ඇත්තේ අෂාන් ප්‍රියංජන්ටය.තරුණ ක්‍රීඩකයන් රැසකටම ‘ඒ’ කණ්ඩායම් නියෝජනය කිරීමට අවස්ථාව සැලසී තිබීම විශේෂත්වයකි.

 මැයි 21 වැනිදා ආරම්භවන මේ තරගාවලියට සිව්දින නිල ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග පහක් ඇතුළත්ය. ටෙස්ට් තරග මැයි 25 වැනිදාත් එක්දින තරග ජුනි 6වැනිදාත් ආරම්භ වීමට නියමිතය.ඉන්දීය ක්‍රිකට් සංචාරය ජුනි 15 නිමාවට පත්වේ.

කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියංජන් එක්දින තරගාවලදී ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කර ඇති මැද පෙළ පිතිකරුවකු හා දකුණතින් මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 2013 වසරේ මුලින්ම පාකිස්තානය සමග තරග කර ලකුණු 39ක් ලැබීය. ඔහු එක්දින තරග 23කදී ලකුණු 420ක් ද, 20-20 තරග තුනකදී ලකුණු 54ක්ද ලබා ඇත.2018 වසරේ දඹුල්ල පිල නියෝජනය කරමින් පන්දු 48කදී ලකුණු 100ක් ලැබීය.

ඉන්දීය සංචාරයට නම් කර සිටින ශ්‍රී ලංකා ඒ සිව්දින හා එක්දින කණ්ඩායම් දෙකම නියෝජනය කිරීමට තෝරාගෙන ඇත්තේ පසුගියදා පැවැති අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් අතුරිනි.කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායම් දෙකම නියෝජනය කරන අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එක්දින කණ්ඩායමට පමණක් එක්කර ඇත. ලෝක කුසලාන තරගාවලියට යාමට අවස්ථාවක් නොලද දක්ෂ ක්‍රීඩකයන් ස්වල්පදෙනකුට හා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ ඉදිරියෙන්ම සිටි කිහිපදෙනෙකුටම ඉන්දීය සංචාරය විවෘත වී තිබීම විශේෂත්වයකි. ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියාකරන්නේ රෝයි ඩයස්ය.

  • සිව්දින තරගාවලියට සහභාගිවන ශ්‍රි ලංකා කණ්ඩායම අෂාන් ප්‍රියංජන් (නායක)

පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම, සංගීත් කුරේ,භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, ලක්ෂාන් සදකැන්,ලසිත් ඇඹුල්දෙණිය,චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර හා ළහිරු කුමාර

  • එක්දින ශ්‍රී ලංකා කණ්ඩායම

 ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල,භානුක රාජපක්ෂ, අෂාන් ප්‍රියංජන්(නායක) පැතුම් නිශ්ශංක, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ෂෙහාන් ජයසූරිය, දසුන් ෂානක, අකිල ධනංජය, ලක්ෂාන් සදකැන්,ඉෂාන් ජයරත්න,චාමික කරුණාරත්න, ළහිරු කුමාර

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-