ඉන්දීය 19න් පහළ පිල එක්දින තරගාවලිය ජයගනී

Thanathillen Eha_1

ශ්‍රී ලංකා – ඉන්දියා අවුරුදු 19න් පහළ එක්දින තරගාවලියේ සිකුරාදා (10) මොරටුවේදී පැවැති පස්වන හා අවසාන එක්දින තරගයෙන් කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කරගත් ඉන්දීය 19න් පහළ කණ්ඩායම තරගාවලියද 3-2 ක් ලෙස ජය ලැබීය.

පස්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 212ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ඕවර 42.4කදී කඩුලු දෙකකට ලකුණු 214ක් ලබා පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය.

මේ එක්දින තරගාවලියේ ප්‍රථම,දෙවන හා පස්වන තරග ඉන්දියාව ජයගත් අතර ශ්‍රී ලංකාව දෙවන හා තෙවන තරග ජයග්‍රහණය කළේය. අවසාන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඉනිමේ අඩක් ගතවන විට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන ලකුණු පහළ කළත් අවසාන කඩුලු හත ඕවර 12කදී ලකුණු 41කට දැවීයාමෙන් ලකුණු 212කට ඉනිම සීමා විණි. ලංකා කණ්ඩායම ඕවර 37කදී කඩුලු 3කට ලකුණු 171ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. මෙහිදී කේ.එන්.ප්‍රනාන්දු පන්දු 136කදී ලකුණු 95ක් ලැබූවේ හතරේ හතක් සමගය. ලංකා තෙවන කඩුල්ලට කේ.එන්.ප්‍රනාන්දු සහ එම්.එන්.කේ.ප්‍රනාන්දු ලකුණු 101ක් ලබා ගත්හ.

Nishan Madushka player of the series

ඉන්දියාව පන්දුවට පහරදීමට පැමිණී අවස්ථාවේ කඩුලු 2කට ලකුණු 214ක් ලබා ජය ලැබූවේ ඕවර 7.2ක් ඉතිරිව තිබියදීය. මෙහිදී වයි.ජල්ස්වාල් පන්දු 128කදී හයේ තුනක් හතරේ අටක් සමග නොදැවී ලකුණු 114ක් ලැබීය. එක්දින තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ශෂික දුල්ෂාන්ද හොදම පිතිකරු ලෙස ඉන්දියාවේ පවන් ෂාද තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකාවේ නිශාන් ප්‍රනාන්දු තේරිණි. සිව්දින නිල නොලත් ටෙස්ට් තරගාවලියේ හොදම ක්‍රීඩකයා වූයේ ඉන්දියාවේ පවන් ෂාය.

පස්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ඕවර 50දී කඩුලු 9ට 212

කේ.එන්.එම්.ප්‍රනාන්දු 95 එම්.එන්.කේ.ප්‍රනාන්දු 56යි පී.සූරියබණ්ඩාර 20 එන්.පරණවිතාන 17

ඉන්දියාව ඕවර 42.4දී කඩුලු 8ට 214

වයි.ජල්ස්වාල් නොදැවී 114 ඩී.පඩික්කාල් 38 පවන් ෂා 36

බන්දුල මොල්ලිගොඩ