උපුල් තරංග 127යි ගාල්ලට හා දඹුල්ලට ජයග්‍රහණ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිකුරාදා (මැයි 11) පැවැති අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකකදී දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් පහසු ජයග්‍රහණ අත්කරගත්හ.

සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ හා දඹුල්ල අතර තරගයේ දී කොළඹ පිල නැවත වරක් අසාර්ථක වෙමින් මුලින් පන්දුවට පහර දී ඕවර 39.4ක දී ලබාගත්තේ ලකුණු 162ක් පමණකි.  දඹුල්ල පිල ඕවර 36.3ක දී කඩුලු හතරකට ලකුණු 166ක් ලබා පහසු ජයග්‍රහණයක් ලබාගත්තේ කඩුලු හයකිනි.  දඹුල්ල කණ්ඩායමේ එස්. වීරක්කොඩි පන්දු 83කදී හතරේ නවයක් හයේ හතරක් සමග ලකුණු 96ක් ලබා තම කණ්ඩායමට පහසු ජයග්‍රහණයකට මග පෑදීය.

සරවනමුත්තු පිටියේ පැවැති ගාල්ල හා මහනුවර අතර තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලකුණු 272ක් ලැබීය.  මේ ඉනිමේදී මහනුවර පිල වරක් කඩුලු පහකට ලකුණු 100ක් පමණක් ලබා අසීරු තත්ත්වයක පසුවද්දී හයවන කඩුල්ලට ජීවන් මෙන්ඩිස් (43) සහ විනෝද් භානුක (82) ඕවර 22ක දී ලකුණු 123ක් ලබා තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ආහ.  පිළිතරු ලෙස ගාල්ල ඕවර 47.4ක දී කඩුලු 7කට ලකුණු 276ක් ලබා කඩුලු තුනක ජයක් ලැබීයත  උපුල් තරංග ලකුණු 127ක්ද (පන්දු 121යි හතරේ 16යි හයේ 1යි) ෂම්මු අෂාන් 51ක් ද සීක්කුගේ ප්‍රසන්න පන්දු 16කදී නොදැවී 34ක්ද ලැබූහ.  සිව්වන කඩුල්ලට තරංග හා ෂම්මු අෂාන් ලකුණු 113ක් එක් කළහ.

DSC_2024

  • දඹුල්ල කඩුලු හයකින් කොළඹ පරාජය කළේය.

කොළඹ ඕවර 39.4දී සියලු දෙනා දැවී 162යි.  කමිදු මෙන්ඩිස් 33 (පන්දු 45යි) එල්. අබේරත්න 49යි (පන්දු 80) ඇන්ජලෝ පෙරේරා 33 (පන්දු 43යි) ඒ. ප්‍රියංජන් 11ට 3 එස්. සේරසිංහ 20ට2.  දඹුල්ල ඕවර 36.3දී කඩුලු 4ට 166යි.  එස්. වීරක්කොඩි 96යි.  (පන්දු 83යි, හතරේ 9යි හයේ හතරයි)  එස්. සේරසිංහ 29යි, එස්. එන්. පීරිස් 31ට 2යි.

  • ගාල්ල කඩුලු තුනකින් මහනුවර පරාජය කළේය.

මහනුවර ඕවර 50දී කඩුලු 9ට 272යි.  සී. අකලංක 55 (පන්දු 58) විනෝද් භානුක 82 (පන්දු 83යි හතරේ 8යි හයේ 3යි) ජීවන් මෙන්ඩිස් 43 (63) මලින්ද පුෂ්පකුමාර 41ට 4 ඩී. ප්‍රසාද් 71ට 2.  ගාල්ල කඩුලු 7ට 276යි.  (ඕවර 47.4යි) උපුල් තරංග 127යි (පන්දු 121යි හතරේ 16යි හයේ 1යි) ෂම්මු අෂාන් 51යි (පන්දු 67යි හතරේ හයයි හයේ 1යි) රමිත් රඹුක්වැල්ල 34 (පන්දු 39යි) සීක්කුගේ ප්‍රසන්න නොදැවී 34යි (පන්දු 16යි හතරේ 2යි හයේ 3යි) චරිත් අසලංක 46ට 2 සචිත් පතිරණ 41ට 2