එංගලන්ත ක්‍රීඩිකාවෝ 20 -20 තරගාවලිය 3-0කින් ජය ගනී

Thanathillen Eha_1

ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන 20-20 තරගයෙන් ලකුණු 96ක ජයක් ලැබූ එංගලන්ත කාන්තා කණ්ඩායම 20 -20 තරගාවලිය ද ජය ලැබූවේ තරග 3-0ක් ලෙසිනි.

මාර්තු 24වැනිදා පැවැති ප්‍රථම 20-20 තරගයේ දී එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු අටක පහසු ජයක් ලැබීය. එහිදී මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 94ක් ලබා ගත් අතර එංගලන්තය පිළිතුරු ලෙස ඕවර 14.2 කදී කඩුලු 2කට ලකුණු 95ක් ලැබීය.

මාර්තු 26 වැනිදා පැවැති දෙවන 20 -20 තරගයේ දී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රථම තරගයට වඩා දස්කම් දැක්වීමට සමත් වූහ. මුලින් පන්දුවට ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 108ට පිළිතුරු ලෙස එවරද එංගලන්ත පිල ඕවර 13.5කදී කඩුලු 2කට ලකුණු 109ක් ලබා නැවත වරක් කඩුලු අටක ජයක් ලැබීය.

මාර්තු 28 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම එංගලන්තයට පැවරීය. එංගලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 204ක් ලැබූ අතර එහිදී ඩී.වෙට් (51) ඒ.ජෝන්ස්(57) එන්.සීවර් (49) ඩී.බියුමන්ට් (නොදැවී 42) දස්කම් පෑහ. ඕ.රණසිංහ ලකුණු 28කට කඩුලු 2ක් දවා පන්දු යැවීමේදී කැපී පෙණුනාය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ එච්.කරුණාරත්න පන්දු 53කදී හතරේ පහක් සමග ලකුණු 44ක් ලබා වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණිය බවට පත්වූවාය. ඊට අමතරව සුරංගිකා ලකුණු 17ක්ද , චමරි අතපත්තු ලකුණු 10ක්ද රැස් කළහ. ක්‍රොස් ලකුණු 20කට කඩුලු 2ක් දවාලූවාය.

The English Womens team after sweeping both the ODI and T20 Series again the Srilankans

English Womens Captain, Heather Knight with the trouphies after winning both the ODI and T20 Series against Sri Lanka

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

cheap nike air max 90