ක්‍රිකට් ඇකඩමියෙන් දක්ෂයින් බිහිකරනවා – රවීන් වික්‍රමරත්න

Thanathillen-Eha_3

ශ්‍රී ලංකා ඒ සහ අවුරුදු 19න් පහළ තරගාවලියන්හි දී විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩකයනට ජාතික සංචිතයට ඇතුලුවීමට දැන් දොරටු විවෘතව ඇති අතර අනාගතයේදී ක්‍රිකට් ඇකඩමියක සහායෙන් තරුණ දක්ෂ ක්‍රීඩකයන් රැසකට ඔවුනගේ දක්ෂතා ඔපමට්ටම් කර ගැනීමට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තුවන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.

භෞතික චිතික්සකයන් හා පුහුණුකරුවන් මගින් ක්‍රීඩකයනගේ ශාරීරික යෝග්‍යතාවයන් පිළිබදව කුඩා කළ සිටි අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද කී වික්‍රමරත්න මහතා ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම අවම කරගැනීමට අපේක්ෂා කරන්නේයැයි ද කීවේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඉන්දීය සංචාරය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

_MG_1544

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම මැයි 18 දිවයිනින් පිටත්ව ගිය අතර ඔවුන් ජූලි 14 දක්වා ඉන්දීය ඒ කණ්ඩායම සමග සිව් දින නිල නොවන ටෙස්ට් තරග දෙකකටත් එක්දින තරග පහකටත් සහභාගිවීමට නියමිතය. ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ජාතික පිල නියෝජනය කර ඇති ක්‍රීඩකයන් අටක්ම සහභාගිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස් අදහස් දක්වමින් අකිල ධනංජය ලක්ෂාන් සදකැන් හා කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා මේ තරගාවලියේදී වඩාත් දීප්තිමත් වනු ඇතැයිද තමාට දක්ෂතම ක්‍රීඩකයන් රැසක්ම ලබාදී තිබීම මත හොද ප්‍රතිඵල ගෙන ඒමට අපේක්ෂා කරන බව කීවේය. ලසිත් ඇඹුල්දෙණිය,දුෂ්මන්ත චමීර වැනි ප්‍රබල ක්‍රීඩකයන්ට ආබාධයන්ට ළක්ව සිටියත් සංචිතයේ දක්ෂයන් එම අඩුව පිරිමසනු ඇති බවද සදහන් කළේය. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ‘ඒ’ කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියංජන් හා කළමණාකරු තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

  • සිව්දින දිනක තරගයට සහභාගිවන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

අෂාන් ප්‍රියංජන් (නායක) පැතුම් නිශ්ශංක,සධීර සමරවික්‍රම,සංගීත් කුරේ,භානුක රාජපක්ෂ,කවිදු මෙන්ඩිස්,ප්‍රියමාල් පෙරේරා,නිරෝෂන් දික්වැල්ල,අකිල ධනංජය,ලක්ෂාන් සදකැන්, චාමික කරුණාරත්න, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර,ළහිරු කුමාර හා මාලින්ද පුෂ්පකුමාර.

  • එක්දින තරගාවලියට සහභාගී වනලංකා ඒ කණ්ඩායම

අෂාන් ප්‍රියංජන් (නායක) ධනුෂ්ක ගුණතිලක,නිරෝෂන් දික්වැල්ල,භානුක රාජපක්ෂ,පැතුම් නිශ්ශංක,කවිදු මෙන්ඩිස්,සධීර සමරවික්‍රම,ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක,අකිල දනංජය,ලක්ෂාන් සදකැන්, ඉෂාන් ජයරත්න,චාමික කරුණාරත්න,ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-