කොළඹ ගාල්ල තරගයේ විසඳුමක් නෑ

Thanathillen Eha_1

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සඳුදා (8) ආම්භවූ කොළඹ ගාල්ල අතර අන්තර් පළාත් සුපිරි ඕවර 50 ක්‍රිකට් තරගයට අයපත් කාලගුණය බලපෑ බැවින් තරගය විසදුමකින් තොරව නිමාවට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේ තරගාවලියේ හයවැනි තරගය මෙය වේ.

කොළඹ හා ගාල්ල කණ්ඩායම් දෙක දැනටමත් මෙම තරගාවලියේ ප්‍රථම හා දෙවන තරග දෙක ජයගෙන දැනටමත් අප්‍රේල් 11 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා සිටී.

අප්‍රේල් 8වැනිදා ගාල්ල – කොළඹ තරගයේදී කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 258ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ඕවර 7.1ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 55ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වූයෙන් ඉන්පසුව තරගය නොපැවැත්විණි. තරගය නතර කරන විට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 24කදී හතරේ පහක් සමග නොදැවී ලකුණු 27ක්ද උපුල් තරංග පන්දු 19කදී හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 15ක් ද ලබා සිටියහ.

Akila Dananjaya finishes with 5 wicket for 53 runs

ගාල්ල පන්දුවට පහරදීමට මෙදින උදෑසන පැමිණි අවස්ථාවේ සදුන් වීරක්කොඩි (17), ළහිරු තිරිමාන්න (06) මුළු ලකුණු 25වන විට දැවී ගියහ. පසුව ලකුණු අතරට පිවිසි පිතිකරුවන් වූයේ වනිඳු හසරංග ද සිල්වා 56යි (පන්දු 60යි හතරේ හයයි) ළහිරු මධුශංඛ 42(පන්දු 33යි හතරේ 2යි හයේ එකයි) මනෝජ් භානුක 37යි (පන්දු 57යි හතරේ එකයි හයේ එකයි) සහ ධනංජය ද සිල්වා 34යි (පන්දු 42යි හතරේ තුනයි)

මේ ඉනිමේ හොදම සබඳතා වුයේ මනෝජ් භානුක හා වනිඳු හසරංග හයවන කඩුල්ලට එක්කළ ලකුණු 67ත් ළහිරු මධුශංඛ සහ දුෂ්මන්ත චමීර නමවන කඩුල්ලට එක්කළ ලකුණු 35ත්ය. කොළඹ කණ්ඩායමේ අකිල ධනංජය නැවත කඩුලු අතරට එමින් ලකුණු 53කට කඩුලු පහක් දවාලූවේය.

ගාල්ල ඕවර 50දී කඩුලු 9ට 258යි.

වනිඳු හසරංග ද සිල්වා 56, ළහිරු මධුශංඛ 42, මනෝජ් භානුක 37, ධනංජය ද සිල්වා 34, අකිල ධනංජය 53ට 5, චාමික කරුණාරත්න 48ට 2

කොළඹ කිසිවෙකු නොදැවී 55යි (ඕවර 7.1)

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 27,උපුල් තරංග නොදැවී 15

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-