කොළඹ ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ජයගනී

Thanathillen Eha_1

කොළඹ හා මහනුවර අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (6) පැවැති අන්තර් පළාත් සුපිරි ඕවර 50 ක්‍රිකට් තරගයට වර්ෂාව ඇදිරි කාලගුණය (අයහපත් කාලගුණය) මත තරගය අතර මග නතර කර ඩක් – වර්ත් ලුවිස් ක්‍රමයට කොළඹට ලකුණු තුනක ජයක් අත්විය. කොළඹ කණ්ඩායම මේ තරගාවලියේ ලත් දෙවැනි ජයග්‍රහණය මෙය වේ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල ඕවර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 289ක් ලැබූ අතර අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට මහනුවර පිල ඕවර 39කදී කඩුලු පහකට ලකුණු 205ක් ලබා සිටියේය.

Shehan Jayasuriya in Super Provincial_D3S3787ax

ලකුණු 290ක ඉලක්කයක් හඹායද්දී මහනුවර කණ්ඩායමේ සංගීත් කුරේ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 100කට මුහුණ දී හතරේ නවයක් සමග අගනා ලකුණු 82ක් ලැබීය.මීට අමතරව නායක දිමුත් කරුණාරත්න ලකුණු 44ක්ද (පන්දු 58යි හතරේ පහයි) පැතුම් නිශ්ශංක 36ක්ද (පන්දු 35යි හතරේ 2යි) ලැබූහ. මෙහිදී දෙවන කඩුල්ලට කරුණාරත්න හා කුරේ එක්කළ ලකුණු ප්‍රමාණය 80කි.

මේ වසරේ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ දී කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය පන්දු 133කදී හතරේ නවයක් හා හයේ පහර දෙකක් සමග ලකුණු 115ක් ලබා ගනිමින් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළේය. ෂෙහාන් දැක්වූ මේ දස්කම් මත කොළඹ කණ්ඩායමට කඩුලු හයකට ලකුණු 286ක් වැනි සංඛ්‍යාවකට  යාමට අවස්ථාව උදාවිණි.

සෙහාන් ජයසූරිය සමග නායක දිනේෂ් චන්දිමාල් (ලකුණු 35යි පන්දු 34යි හතරේ හතයි) තෙවන කඩුල්ල එක්කළ ලකුණු සංඛ්‍යාව 66කි. පසුව සිව්වන කඩුල්ල ෂෙහාන් සමල එක්වූ ඇන්ජලෝ පෙරේරා ඕවර 24කදී එක්කළ ලකුණු ප්‍රමානය 138කි. එය ඕවරයකට සමාන්‍ය ලකුණු 6 ආසන්න ප්‍රමාණයකි.

මෙදින විශිෂ්ට පිතිහරඹයක නියැලුණු ඇන්ජලෝ පෙරේරා පන්දු 82කට පමණක් මුහුණ දී ලකුණු 84ක් ලබාගත්තේ හතරේ නවයක් හා හයේ පහරක් සමගය. සීක්කුගේ ප්‍රසන්න පන්දු 11කදී හයේ පහරක් හතරේ පහරක් සමග ලකුණු 17ක් ලැබීය.

  • ලකුණු විස්තරය කොළඹ ඕවර 50කදී කඩුලු 6කට 289යි.

ෂෙහාන් ජයසූරිය 115, ඇන්ජලෝ පෙරේරා 84, දිනේෂ් චන්දිමාල් 35, කසුන් රාජිත 74ට 2

  • මහනුවර ඕවර 39කදී කඩුලු 5ට ලකුණු 205යි.

සංගීත් කුරේ 82, දිමුත් කරුණාරත්න 44, පැතුම් නිශ්ශංක 36, සචිත්‍ර සේනානයක 23, සුරංග ලක්මාල් 24ට 1, සීක්කුගේ ප්‍රසන්න 55ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

new nike air max 2019