කොළඹ නැවත තරගාවලියට අවතීර්ණ වේ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සදුදා (14) පැවැති තවත් තරග දෙකකදී කොළඹ හා ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණ අත්කරගත්හ.

කොළඹ හා මහනුවර අතර මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දී කොළඹ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 309ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස මහනුවර පිල ඕවර 48.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 217කි.  කොළඹ කණ්ඩායම ජය ලැබුවේ ලකුණු 92කිනි.

මේ තරගයේ විශේෂම සිදුවීම වූයේ කොළඹ පිල නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු තිරිමාන්න පන්දු 69කට පමණක් මුහුණදී හයේ පහර හයක් හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 90ක් රැස් කිරීමය.  තිරිමාන්න සහ චාමර සිල්වා ලකුණු 95ක්ද ෂෙහාන් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ප්‍රථම කඩුල්ලට ලකුණු 102ක් ද රැස් කළහ.

අයහපත් කාලගුණය මත ඕවර 47කට සීමා වූ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල දඹුල්ල තරගයේ දී දඹුල්ල පිල ඕවර 47 සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 287කි.  පිළිතරු ලෙස ගාල්ල පිල ඕවර 37.3ක දී කඩුලු 3කට ලකුණු 218ක් ලබා සිටියදී ඇදිරි කාලගුණය මත තරගය නතර කරද්දී ගාල්ල පිලට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 15ක ජයක් හිමිවිණි.  ගාල්ල නායක උපුල් තරංග සමග රමිත් රඹුක්වැල්ල මුල් විකට්ටුට ඕවර 6.4කදී ලකුණු 70ක් රැස්කළහ.  මෙහිදී තරංග ලකුණු 57ක් ලබාගත්තේ පන්දු 26කට මුහුණ දී හතරේ හතක් හා හයේ හතරක් සමගිනි.Wanindu Hasaranga_D3S8957x

    • කොළඹ ලකුණු 92කින් මහනුවර පරාජය කළේය.

    කොළඹ ඕවර 50දී කඩුලු 8ට 309යි.  කමිදු මෙන්ඩිස් 47 ෂෙහාන් ජයසුරීය 81යි (පන්දු 78යි හතරේ පහයි. හයේ තුනයි) චාමර සිල්වා 61යි (පන්දු 53යි හතරේ 5යි හයේ 2යි) ළහිරු තිරිමාන්න 90යි (පන්දු 69යි හතරේ 3යි හයේ හයයි) සචිත් පතිරණ 41ට 3.  මහනුවර ඕවර 48.3දී ලකුණු 217යි.  ධනුෂ්ක ගුණතිලක 59යි (පන්දු 76යි හතරේ 7යි) චාමර කපුගෙදර 44යි එම්. භානුක 26යි පී. ඩබ්ලිව්. ද සිල්වා 43ට 4යි.

    • ගාල්ල ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 15කින් දඹුල්ල පරාජය කළේය.

    දඹුල්ල ඕවර 47කදී ලකුණු 287යි.  එන් ප්‍රනාන්දු 44යි.  අෂාන් ප්‍රියංජන් 38, ටී. සම්පත් 43, සචිත්‍ර සේනානායක 65යි (පන්දු 60යි හතරේ 3යි හයේ හතරයි) එල්. මධුශංඛ 25යි. මලින්ද පුෂ්පකුමාර 27ට 3 දසුන් ශානක 63ට 3යි.  ගාල්ල ඕවර 37.3 දී කඩුලු 3ට 218යි.  රමිත් රඹුක්වැල්ල 31යි.  උපුල් තරංග 57යි (පන්දු 26යි. හතරේ 7යි හයේ හතරයි) බී. කේ. මිලන්ත 31යි.  ෂම්මු අෂාන් නොදැවී 48යි. දසුන් ශානක නොදැවී 38යි. සචිත්‍ර සේරසිංහ 23ට 2යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-