“ගමට ක්‍රිකට්” හදුන්වා දුන්නේ කුමන යුගයේ ද?

Thanathillen Eha_1

1815 දී සුදු අධිරාජ්‍යවාදීන් සමග මෙරට පාලකයන් “උඩරට ගිවිසුමට” අත්සන් තැබීමෙන් පසුව ලංකාව පාලනය කළේ එංගලන්ත ජාතිකයෝය. විවේක කාලයන්හි දී ඔවුන් තම රටේ ප්‍රධාන ක්‍රීඩාවන් වූ ක්‍රිකට් හා රගර් ක්‍රීඩාවේ නිරතවූ අතර අප රටේ මේ ක්‍රීඩාවන්හි ආරම්භය ද එයයි.

ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඔවුන් කොළඹ වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගණ හා කොළඹ ක්‍රිකට් ක්‍රිඩාංගණයත් (සී.සී.සී) ඉදිකළ අතර උඩරට තේ වතු පාලනය කළ සුදු ජාතිකයන්ගේ පරිහරණය සදහා රදැල්ල සහ දිඹුල්ල ක්‍රීඩාංගණය ඉදිවිය. මෙයින් ඕවල් ක්‍රීඩාංගණය හැර සෙසු ක්‍රීඩාංගණ රගර් ක්‍රීඩාවන් සඳහා ද භාවිතා කැරිණි.

ලංකාවට විදේශ ක්‍රිකට් කණ්ඩායමක් එකළ පැමිණියේ ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වන අතරතුර මෙරට ද දින දහයක් තුළ තරග දෙකකට හෝ තුනකට සහභාගිවීමටය. එංගලන්ත – ඕස්ට්‍රේලියා, නවසීලන්ත හා කොදෙව් කණ්ඩායම් මෙලෙස නැව් මගින් පැමිණ දින දෙක තුනේ හෝ සිව්දින නිලනොවන ටෙස්ට් තරගයකයකට (පසුකළක) සහභාගි වෙති.ඩොන් බ්‍රැඩ්මන් යුගයේ කීර්තිමත් ලොව සුපතල ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලම පාහේ මේ සංචාරයන්ට සහභාගිවු අතර ඔවුන් දැකගැනීමට අපේ පැරණි මුතුන්මිත්තන් ක්‍රීඩාංගණය පිරෙන්නට අගනුවරට ආ බව සදහන් වේ.

ලංකාවෙන් එකළ බිහිවූ කීර්තිධර ක්‍රිකට් ක්‍රීඩකයන් වූයේ මහාදේවන් සතාසිවම්, පී.සරවනමුත්තු, එෆ්.සී ද සේරම්, එම්.අයි.කේ.ප්‍රනාන්දු හා ස්ටැන්ලි ජයසිංහ වැන්නවුන්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් වූයේ රොබට් සේනානායක, ජේ.ආර්.ජාවර්ධන,ටී.බී.වේරපිටිය වැනි අයයි. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනවලින් වෙනත් රටවලට මුදල් ලබාදීමක් හෝ ක්‍රිකට් ක්‍රීඩකයනට දීමනා නොදුන් අතර බොහෝවිට වියදම් වූයේ පුද්ගලික මුදල් හෝ සමාගම් වලින් සපයන සුළු මුදලකි.

ලංකා කණ්ඩායම බොහෝ විට සකස් වූයේ රෝයල්, සෙන්ට් තෝමස් වැනි අගනුවරට සමීප පාසල්වල ක්‍රීඩකයන්ගෙනි. එකළ ද ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ගම් නියංගම්, වෙල් ඉපැනැලි වලත් ක්‍රීඩාකළත් එම ක්‍රීඩා පැවැතියේ ටෙනිස් බෝල හෝ රබර් බෝල හෝ ඔට්ටුපාල බෝල භාවිතා කරමිනි.

ජාත්‍යන්තර මට්ටමේ ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව ගමට හදුන්වා දුන්නේ ඉතාමත් මෑතකදීය. උතුරු – නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගමට සියළු පහසුකම් පුහුණුකරුවන් සමග ගෙන ගියේ 2016 -2018 තිලංග සුමතිපාල (සභාපති) මොහාන් ද සිල්වා (ලේකම්) පාලනසමයයි.

“ගමට ක්‍රිකට්” වැඩසටහනෙන් ගම, අන්තර් දිස්ත්‍රික්ක, පළාත් මට්ටමෙන් ක්‍රීඩාංගණ ඉදිකර තණතිලි ක්‍රිකට් උපකරණ හා පුහුණුකරුවන් සපයා ක්‍රීඩකයන්ට දීමනා ලබාදී ඉටුකළ සැළැස්ම ගමෙන් බිහිවූ ක්‍රීඩකයෝ සාක්ෂි දරති. එම වැඩ පිළිවෙල වඩාත් පුළුල් අයුරින් ඉදිරියේ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

nike air max 1 sale