ගාල්ල දෙවැනි පහසු ජයග්‍රහණයත් වාර්තා කරයි

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අප්‍රේල් 6 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල හා දඹුල්ල අතර තරගයෙන් ලකුණු 76ක පහසු ජයක් ලැබූ ගාල්ල කණ්ඩායම මේ තරගාවලියේ පිට පිටම දෙවන ජයග්‍රහණයද වාර්තා කළේය. ගාල්ල කණ්ඩායම ප්‍රථම තරගයේ දී ලකුණු 156කින් මහනුවර පරාජය කළේය.

ගාල්ල හා දඹුල්ල අතර තරගයේදී ගාල්ල කණ්ඩායමේ ධනංජය ද සිල්වා තුන් ඉරියව්වේම දස්කම් පෙන්වමින් මුලින් ලකුණු 89ක් රැස්කර පසුව පන්දු යැවීමේ දී ලකුණු 57කට කඩුලු තුනක් දවාලූවේය. මේ තරගයේදී ගාල්ල කණ්ඩායම ඕවර 50දී කඩුලු 8කට ලබා ගත් ලකුණු 345ට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ඕවර 46.5 දී සියලු පිතිකරුවන් දැවී ලබා ගත්තේ ලකුණු 269කි.

Dhananjaya de Silva in Super Provincial

ලකුණු 346ක දැවැන්ත ඉලක්කයක් හඹායද්දී දික්වැල්ල (19), ගුණතිලක (07),  ඕෂද ප්‍රනාන්දු (20) හා භානුක රාජපක්ෂ (16) මුළු ලකුණු 87ක් වන විට කඩුලු 4ක් බිඳවැටිණි. පස්වන කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සහ අෂාන් ප්‍රියංජන් ඕවර 17කදී ලකුණු 104ක් රැස් කරමින් එම තත්ත්වය වෙනස් කළහ. මැතිව්ස් පන්දු 84 කදී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 78ක්ද, ප්‍රියංජන් පන්දු 53කදී හතරේ තුනක් සමග ලකුණු 41ක් ද, ඉෂාර ජයරත්න ලකුණු 26ක්ද (පන්දු 11) ලැබූහ.

ගාල්ල කණ්ඩායමට ලකුණු 345ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයකට යාමට අවස්ථාව උදාවූයේ දෙවන කඩුල්ලට ළහිරු තිරිමාන්න (82) සහ අංක තුන පිතිකරු ධනංජය ද සිල්වා (89) ඕවර 22කදී එක්කළ ලකුණු 151ක සබඳතාවය මතය. එය ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.9ක් වැනි ප්‍රබල සංඛ්‍යාවකි. ධනංජය පන්දු 76කට මුහුණදී හතරේ 11ක් සමග ලකුනු 89 ලබද්දී තිරිමාන්න ලකුණු 82 ලැබුවේ පන්දු 96කදී හතරේ හයක් සහ හයේ පහරක් සමගිනි.

මීට අමතරව මිලින්ද සිරිවර්ධන පන්දු 44ක දී හතරේ හතක් හයේ පහරක් සමඟ ලකුණු 65ක් ද මනෝජ් භානුක පන්දු 36කදී හතරේ තුනක් සමඟ ලකුණු 44ක්ද ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 32කදී හතරේ අටක් සමග ලකුණු 41ක් එක් කළහ. හයවන කඩුල්ලට මිලින්ද සහ මනෝජ් එක්කළ ලකුණු සංඛ්‍යාව 81කි.

  • ලකුණු විස්තරය ගාල්ල ඕවර 50දී කඩුලු 8ට 345කි.

ධනංජය ද සිල්වා 89, ළහිරු තිරිමාන්න 82,  මිලින්ද සිරිවර්ධන 65, මනෝජ් භානුක 44, සඳුන් වීරක්කොඩි 41, ඉෂාන් ජයරත්න 43ට 3, ඉසුරු උදාන 64ට 2

  • දඹුල්ල ඕවර 46.5 කදී සියලු ක්‍රීඩකයන් දැවී 269යි.

ඇන්ජලෝ මැතිව්ස් 78, අෂාන් ප්‍රියංජන් 41, ඉෂාන් ජයරත්න 26, ජීවන් මෙන්ඩිස් 23, ඕෂද ප්‍රනාන්දු 20, නිරෝෂන් දික්වැල්ල 19, ධනංජය ද සිල්වා 57ට 3, ධම්මික ප්‍රසාද් 16ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

air max 90 essential sale