ගාල්ල හා කොළඹ සම සූරයෝ වෙති

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් සුපිරි ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ හා ගාල්ල කණ්ඩායම් සම සූරයන් බවට පත්වූහ.

ගාල්ල ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 337ක් ලබාගත් අතර පසුව වර්ෂාව ඇද හෙළීමත් සමග කොළඹ පිලට එකම පන්දුවකට හෝ මුහුන දීමට අවස්ථාව නොලැබී තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූ හෙයින් දෙපිලම සමසූරයන් බවට නම්කැරිණි.

තරගාවලියේ හොඳම පිතිකරු ලෙස දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද හොඳම පන්දු යවන්නා ලෙස ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංගද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල කණ්ඩායමේ ධනංජය ද සිල්වා ද තේරිණි.

DSC_0306

ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන රුපියල් දස ලක්ෂයක මුදල හා අනුසූරයනට පිරිනැමෙන රුපියල් හත්ලක්ෂ පණස් දහසක මුදල කණ්ඩායම් දෙකට සමසේ පිරිනැමිණි.

තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවූයේ දඹුල්ල කණ්ඩායමටය.

ගාල්ල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දී කඩුලු හතකට ලකුණු 337ක් වැනි ජයග්‍රාහී සංඛ්‍යාවක් රැස් කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.74ක් වන පරිදිය.

ගාල්ල ඉනිමේ අඩක් ගතවද්දී ඕවර 28කදී ලකුණු 129කට කඩුලු හතරක් දැවී සිටියදී ළහිරු තිරිමාන්නගේ සහ වනිදු හසරංග ද සිල්වාගේ පස්වැනි කඩුල්ලේ සබඳතාව ඔවුන් මෙතරම් ප්‍රබල තත්ත්වයකට පත් කළහ. තිරිමාන්න හා වනිඳු හසරංග ඕවර 15කදී ලකුණු 144ක් රැස්කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු දහයකට ආසන්න වන පරිදි අධික වේගයකිනි.

මෙහිදී වඩාත් ආක්‍රමණශීලී පිතිකරුවා වූ අංක හය පිතිකරු වනිඳු හසරංග ද සිල්වා ලකුණු 87ක් ලැබුවේ පන්දු 53කදී හතරේ 13ක් හා හයේ පහරක් සමගය. ඔහුට අහිමිව ගියේ ලැබිය යුතුව තිබූ ශතකයකි. ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න ඕවර 45.5ක් වනතුරු කඩුල්ලේ රැඳී ගාල්ල ඉනිම ආරම්භයේ සිට අග දක්වා මනාව පාලනය කරමින් පෞද්ගලිකව පන්දු 128කට මුහුණදී හතරේ නවයක් හා හයේ පහරක් සමග ලකුණු 115ක් ලැබීය.ළහිරු ලබාගත් මේ ශතකය මෙම තරගාවලියේ පිතිකරුවන් ලැබූ තෙවන ශතකය වේ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පැමිණි සෙසු පිතිකරුවන් වූයේ ධනංජය ද සිල්වා (ලකුණු 32යි පන්දු 43යි හතරේ 4යි) මිලින්ද සිරිවර්ධන  (ලකුණු 32යි පන්දු 29යි හතරේ තුනයි හයේ එකයි) මනෝජ් භානුක (ලකුණු 21යි පන්දු 15යි හතරේ 2යි) හා ළහිරු මධුශංඛය (ලකුණු 24යි පන්දු 13යි හතරේ 2යි හයේ එකයි) මේ කණ්ඩායමේ ලකුණු පනහ ඉක්මවූ වෙනත් සබඳතා වුයේ දෙවන කඩුල්ල වෙනුවෙන් තිරිමාන්න සහ ධනංජය රැස් කළ ලකුණු 59 සහ සිව්වන කඩුල්ලට තිරිමාන්න හා සිරිවර්ධන එක්කළ ලකුණු 51වේ.

සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, සීක්කුගේ ප්‍රසන්න හා චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවාලූහ.

ලකුණු පුවරුව ගාල්ල ඕවර 50දී කඩුලු 7ට 337යි.

ළහිරු තිරිමාන්න 115, වනිඳු හසරංග ද සිල්වා 87, ධනංජය ද සිල්වා 32, මිලින්ද සිරිවර්ධන 32, ළහිරුමධුශංඛ 24, මනෝජ් භානුක 21, සුරංග ලක්මාල් 52ට 1, අසිත ප්‍රනාන්දු 66ට 1, ෂෙහාන් ජයසූරිය 42ට 1, සීක්කුගේ ප්‍රසන්න 42ට 1, චාමික කරුණාරත්න 47ට 1

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Super Provincial One Day Tournament 2019 – Final, Presentation View Full

cheap nike free run 5.0