තියුණු තරගයකින් පසුව එක්දින ජය සාන්ත ආනාට

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති 24වන එක්දින තරගයේදී තියුණු ගැටුමකින් පසුව සාන්ත ආනා ලකුණු හයක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

සාන්ත ආනා කණ්ඩායම ඕවර 49.4කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 168ට පිළිතුරු ලෙස මලියදේව කණ්ඩායම ඕවර 49.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 162කි.

සාන්ත ආනා කණ්ඩායමේ කවිඳු ඒකනායක තුන් ඉරියව්වේම දස්කම් දක්වමින් පන්දුවට පහරදෙද්දී ලකුණු 32ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු 34කට කඩුලු හතරක් දවාලීමට සමත්විය.

ජය සංකේත ප්‍රදානයේදී ත්‍යාග තුනක් හිමිවූයේ සාන්ත ආනා ක්‍රීඩකයනටය. තරගයේ වීරයා කවිඳු ඒකනායක (සාන්ත ආනා ) හොදම පිතිකරු පසිඳු තෙන්නකෝන් (ශාන්ත ආනා) සහ හොඳම පන්දු යවන්නා කවිඳු ඒකනායක (සාන්ත ආනා) එම ක්‍රීකයෝය. මලියදේවයේ මුදිත ප්‍රේමදාස හොඳම පන්දු රකින්නා ලෙස තේරිණි.

දෙපිලම අඩු ලකුණු සංඛ්‍යා ලැබූ මේ තරගය මුල සිටම ඉතා තියුණු මුහුණුවරක් ඉසිලු අතර තරගය නැරඹීමටද ඇතුගල්පුර ක්‍රීඩාංගණයට අතිවිශාල ජනකායක් පැමිණ සිටියහ.

ලකුණු විස්තරය

  • සාන්ත ආනා ලකුණු 168 (ඕවර 49.4යි)

පසිඳු තෙන්නකෝන් 45, කවිඳු ඒකනායක 32, පිවිතු ප්‍රනාන්දු 29යි.

මධුරංග නවීන් 41ට 3යි, ජයමින් මුතුකුමාණ 24ට 2

  • මලියදේව ලකුණු 162යි (ඕවර 49.2යි)

බ්‍රයන් කරුණානායක 34, විදත් බටේපොල 24, ජයමින් මුතුකුමාරණ 22, කවින් ඒකනායක 34ට 4, පසිඳු තෙන්නකෝන් 34ට 2

cheap nike air max 90