දකුණු අප්‍රිකා පිලට මුහුණ දෙන්න අපි ඉන්නේ හොඳ සූදානමකින් – දිනේෂ් චන්දිමාල්

Thanathillen Eha_1

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල කොදෙව් දේශයේදී සාර්ථක ක්‍රිකට් සංචාරයක් නිමකර ඉතා යහපත් මානසිකත්වයකින් සිටින බවත් කොදෙව් වේගපන්දු යවන්නන්ට මුහුණදී පළපුරුද්දක් ලබා සිටින තම පිතිකරුවනට දකුණු අප්‍රිකාන්වන්ට මුහුණදීමට ද ගැටළුවක් නොවන බවත් ප්‍රකාශ කරයි.

ටෙස්ට් තරගවාලිය පිළිබඳව කණ්ඩායම් දෙකේ නායකයන් පුහුණුකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී දිනේෂ් චන්දිමාල් එසේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසි දෙදෙනාම මෙහෙදී ප්‍රකාශ කළ වැදගත් කරුණක් වූයේ මෙවර තරගාවලිය ආරම්භ කිරීමට පෙර තරග තීරක සහ තරග විනිසුරුවන් මුණ ගැසී පැණි රස ආහාර (ටොෆී,චුවින්ගම්) ක්‍රීඩකයනට පිටියට ගෙන යාමට අවසර තිබේද එම ආහාර ගැනීමට අවසර ලැබෙන්නේ කුමන අවස්ථා වලදීද යන්න විමසා ගැටළු නිරාකරණය කරගන්නා බවය.

Dinesh Chandimal_DSC_5935

ක්‍රීඩා තරගයක් අතරතුර පැණි රස ආහාර ගැනීම් අවශ්‍යතාවද මෙහිදී ප්‍රකාශ විණි. දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ අබුඩාබිහි පසුගියදා පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගයේ සෙල්සියස් අංශක 43ක ඌෂ්ණත්වයක් යටතේ තමා ශතකයක් ලබා ක්‍රීඩා කරනවිට ක්ලාන්තයට භාජනය වූ අවස්ථාවේ භෞතික චිකිත්සතගෙන් ලැබුණු උපදෙස් වූයේ පැණි රස ආහාර ගන්නා ලෙසට බවයි.චන්දිමාල්ට අමතරව ඩු ප්ලෙසි ද (ගිය වසරේ ඕස්ට්‍රේලියාව සමග) මේ නායකයන් දෙදෙනාම පැණි රස ආහාරයට ගෙන පන්දුව පළුදු කිරීමට උත්සහ දැරීම යන චෝදනාවන්ට දඞුවම් ලැබ සිටිති.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු ලෙසත් ආබාධයට ලක්ව සිටින රංගන හේරත් ක්‍රීඩා නොකළහොත් මලින්ද පුෂ්පකුමාර එම ස්ථිනයට අවධානය යොමු කර ඇති බවද දිනේෂ් චන්දිමාල් මෙහිදී කීවේය. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මෙහිදී කීවේ 2019 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම කණ්ඩායම් දෙක අතර එක්දින තරග පහක තරගාවලිය ප්‍රයෝජනවත් වන බවත් ඉදිරියේ දී ලංකා කණ්ඩායමට නිත්‍ය කළමණාකරුවකු පත් කරන බවත්ය.

දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙයි ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබදව අදහසම් දක්වමින් ශ්‍රී ලංකා දග පන්දු යැවීම විශිෂ්ට තත්ත්වයක පවතින නිසා තම කණ්ඩායම ඒ පිළිබදව දැඩි අවධානයකින් සිටින බවය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-