දිමුත් නායකත්ව කුසලතා පෙන්වූ ක්‍රීඩකයෙකි

Thanathillen Eha_1

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇති දිමුත් කරුණාරත්න නායකයෙකු ලෙස කිහිපවරක්ම සාර්ථක වූ ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකිය.

මෙයට මාස දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග දෙකක ටෙස්ට් තරගාවලියට ප්‍රථම වරට ලංකා කණ්ඩායමට නායකත්වය දුන් දිමුත් දින ගණන් ඉතිරිව තිබියදී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී ලංකා පිල මෙහෙයවමින් තම හැකියාවන් පෙන්වීය.මීට වසර එකහමාරකට පමණ පෙර ලංකා ‘ඒ’ කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සහභාගිවද්දී ලංකා ‘ඒ’ පිලට දිමුත් නායකත්වය දෙමින් ලංකා ‘ඒ’ පිල ජයග්‍රහණය කරා මෙහෙයවද්දී එම දිනවල ශ්‍රී ලංකාවේ පැවැති දකුණු අප්‍රිකා කණ්ඩායමේ සංචාරයට ඔහුගේ සේවය ලබා ගැනීමට මෙහි ගෙන්වා ගන්නා ලදී.

Dimuth Karunaratne World Cup Captain_DSC_0629

නොබෝදා ශ්‍රී ලංකාවේ පැවැති සුපිරි අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දී ද දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන් දිමුත් ප්‍රථම තරග තුනේදීම ආරම්භක පිතිකරුවකු වශයෙන් පන්දු සංඛ්‍යාවට සමානව ඉහළ ලකුණු ලබමින් එක්දින තරගවල තම හැකියාවන්ද ඔප්පු කළේය. එක්දින තරගවලදී ඉවසීමෙන් කඩුල්ලේ රැඳී සිටිය හැකි පිතිකරුවකු ලංකා පිලට දැන් අත්‍යවශ්‍ය කරුණකි. දිමුත් කරුණාරත්න ඒ සඳහා සුදුස්සෙකි. 80-90 දශකවල රොෂාන් මහානාම හා අසංක ගුරුසිංහ වැනි පිතිකරුවන් එම කාර්යය ඉටු කළත් එක්දින තරගවල පන්දු රැකීමේ නීතිරීති වෙනස්වීමත් 20-20 තරග අභාෂයත් මත බොහෝ පිතිකරුවන් උත්සහ කළේ වේගයෙන් ලකුණු රැස් කිරීමටය.

දිමුත් කරුණාරත්නට මෙවර නායකත්වය හිමිවූයේ ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරා වැනි හිටපු නායකයන් අභිබවායමිනි. අවසාන එක්දින තරග නවයට නායකත්වය දුන් ලසිත් මාලිංග එම තරග පරාජය වීමෙන් සාර්ථක නොවීය.

1988 අප්‍රේල් 21 උපත ලද දිමුත් කරුණාරත්න තව දින තුනකින් 31වියට පා තබයි. ඔහු ශාන්ත ජෝසප් (මරදාන) එස්.එස්.සී. හා බස්නාහිර පළාත් කණ්ඩායම් නියෝජනය කළේය. ටෙස්ට් තරග 60කට ඉනිම 117යි සහභාගිවී ශතක අටක් අර්ධ ශතක 22 සමග ලකුණු 4074ක් (සාමාන්‍ය 36.05) ලබා ඇත. වැඩිම ලකුණු සංඛ්‍යාව 196කි. එක්දින තරග 17කට සහභාගිවී අර්ධ ශතකයක් සමග ලකුණු 190ක් ලබා ඇත.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

nike air max 1 sale