දෙවැනි 20-20 ඉන්දියාව ජයගනී

Thanathillen Eha_1

ඉන්දෝර් හි පැවති ශී‍්‍ර ලංකා ඉන්දියා දෙවන 20-20 තරඟයෙන් ද ඉන්දියාව ලකුණු 88 ක පහසු ජයග‍්‍රහණයක් ලබා තරඟාවලියද 2-0 ක් ලෙස ජය ලැබීය. මේ තරඟාවලියේ අවසාන තරඟය මෙන්ම සංචාරයේ නිමාව ද ඉරිදා (24* මුම්බායිහි තෙවන 20-20 තරඟයෙන් සිදුවේ.

ඉන්දියාව ඕවර් 20 කදී කඩුළු 05 කට ලබාගත් ලකුණු 260 ට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකාව ඕවර් 17.2 කදී සියලූ කී‍්‍රඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 172 කි. මේ සංචාරයේදී ශී‍්‍ර ලංකාව සමඟ ලෝක වාර්තාවක් තැබු රෝහිත් ෂර්මා දෙවෙනි 20-20 තරඟයේදී ද වාර්තා පිහිටුවීමට සමත් විය. රෝහිත් පන්දු 43 කදී හතරෙ 12 ක් සහ හයේ 10 ක් සමඟ ලකුණු 118 ක් රැුස්කළ අතර, ලකුණු 100 වාර්තා කළේ පන්දු 35 කදීය. එය ඬේවිඞ් මිලර් (දකුණු අපි‍්‍රකාව* සමඟ 20-20 වේගවත්ම ශතකය සම කිරීමකි. මෙය රෝහිත්ගේ දෙවෙනි 20-20 ශතකය වන අතර, ඉන්දීය පිතිකරුවෙකු ලැබු වේගවත්ම සහ වැඩිම 20-20 ලකුණු සංඛ්‍යාවය. ඉන්දියාව ලබාගත් ලකුණු 260 මෙවැනි තරඟයක ඔවුන් ලැබු වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර, ලෝක වාර්තාවෙහි දෙවැන්නය. ප‍්‍රථම කඩුල්ලට රෝහිත් (118* සහ ලෝකේෂ් රාහුල් (89* පන්දු 76 කදී ආරම්භක කඩුල්ලට ලකුණු 165 ක් රැුස්කළ අතර, එයද ඉන්දීය ඕනෑම කඩුල්ලකට වාර්තාවකි.

ඉන්දියාව මුළු ලකුණු 15 දී ලකුණු 06 ක් ලබා සිටි ලෝකේෂ් රාහුල් පොයින්ට් හි සිටි සදීර සමරවික‍්‍රමට පහසු උඩ පන්දුවක් ලබා දුන්නත්, එය ඔහු අතහැරියේය. එම උඩපන්දුව රැුකගත්තේ නම්, ඉන්දියාවේ ප‍්‍රහාරය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබිණි. ඉන්දීය ඉනිමේ තවත් විශේෂත්වයක් වුයේ ඕවර් 05 කට පමණම ඔවුන් ලකුණු 20 ආසන්නයට රැුස් කිරීමය.

ශී‍්‍ර ලංකාව පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ කඩුල්ලකට ලකුණු 145 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසු වුවත්, ලකුණු 28 ක් ඇතුළත අවසාන කඩුළු 09 ම දැවී යාමෙන් ලංකා ඉනිම 173 කට සීමා විණි. මාස 09 ක කාලයකට පසු දෙවන තරඟයට සහභාගී වන කුසල් ජනිත් පෙරේරා පන්දු 37 කදී හතරේ 4 ක් සහ හයේ 7 ක් සමඟ ලකුණු 77 ක් ලබා ශී‍්‍ර ලංකා පිලට ඉතා හොඳ ආරම්භයක් ලබාදුන්නත්, මැද පෙළ හා අග පෙළ පිතිකරුවන්ට එය පවත්වාගෙන යාමට නොහැකි විණි. නිරෝෂන් දික්වැල්ල (25* උපුල් තරංග (41* හැරුණු විට සෙසු පිතිකරුවනට ලකුණු 10 සීමාවටද පැමිණීමට නොලැබුණි.

ඉන්දීය පිළේ ලකුණු රැුස්කිරීම ඕවරයකට ලකුණු 13 ක් වු අතර, එය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ 8.5 ක් විය. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර 2.2 ක් යැවු අවස්ථාවේ ආබාධයකට ලක්වීමෙන් නැවත පන්දු යැව්වේ නැත. ඔහු පන්දුවට පහර දුන්නේද නොමැත.
ඉන්දීය පිළ පන්දුවට පහර දෙන අවස්ථාවේ පළමු ඕවර 4 ට ලකුණු 26 ක් පමණක් ලැබුවත්, නුවන් ප‍්‍රදීප් යැවු තරඟයේ 5 වන ඕවරයට ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 17 ක් ලැබීමත් සමඟ ඉන්දියාවේ දැඩි ආක‍්‍රමණය ආරම්භ විය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-