පකිස්තාන 19න් පහළ පිල එක්දින තරගාවලිය ජයගනී

Thanathillen-Eha_3

ශ්‍රී ලංකා පකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ  ඉරිදා (ජුනි 2) පැවැති සිව්වැනි කරගයෙන්ද කඩුලු හතකින් ජයගත් පකිස්තානය තරග 3-1කින් ඉදිරියෙන් සිටිමින් තරගාවලියේ ජයග්‍රහණයද ලැබීය.

හම්බන්තොට සූරියවැව පැවැති සිව්වැනි තරගයේදීත් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු අටකට ලබාගත් ලකුණු 195ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 34.5 කදී කඩුලු 3 කට ලකුණු 196ක් ලබා ගනිමින් කඩුලු හතක පහසු ජය වාර්තා කළේය.

මේ තරගයේදී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවේ කමිල් මිෂාරය. කළින් පැවැති එක්දින තරග තුනට සහභාගිවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මේ තරගයට සහභාගි නොකර නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආදේශ කර තිබිණි.

Sri Lanka Under 19_ST Mendis (c)

එසේ අලුතින් එක්වූ ආරම්භක පිතිකරු අභිෂේක් කහතුඩුවආරච්චි පන්දු 116කට මුහුණදී හතරේ හතරක් සමග ලකුණු 64ක් ලබා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. කළින් තරගවල දී දස්කම් පෑ අවිශ්ක තරිඳු මේ තරගයේදීත් පන්දු 79කදී හතරේ පහරක් සමග ලකුණු 50ක් ලැබීය. පස්වන කඩුල්ලට අභිෂේක සහ අවිශ්ක ලකුණු 61ක් රැස් කළහ.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු හේඩර් අලි පන්දු 96කදී හයේ හතරේ හතක් සමග ලකුණු 93ක්ද නායක රොහෙල් නසීර් නැවතවරක් දස්කම් පාමින් පන්දු 75කදී හතරේ අ‍ටක් සමග ලකුණු 69ක් ද ලැබූහ. මොවුන් දෙදෙනා දෙවන කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 117කි.

  • ශ්‍රී ලංකා 19න් පහළ පිල ඕවර 50දී කඩුලු 8ට 195යි.

අභිෂේක් කහතුඩුව ආරච්චි 64, අවිශ්ක තරිදු 50, ෂිරාෂ් ඛාන් 34ට 2, මොහොමඩ් වසීම් 42ට 2යි.

  • පාකිස්තානය 19න් පහළ පිල කඩුලු 3ට 196යි (ඕවර 34.5යි)

හේඩර්  අලි 93, රොහේල් නසීර් 67යි, කවිදු වික්‍රමසිංහ 27ට 1යි, සදුන් මෙන්ඩිස් 31ට 1යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-