පාකිස්තාන 19න් පහළ පිල තරග 2-1කින් ඉදිරියෙන්

Thanathillen-Eha_3

පාකිස්තාන – ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ තරග පහක එක්දින ක්‍රිකට් තරගාවලියේ සිකුරාදා (මැයි 31) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගත් පාකිස්තාන කණ්ඩායම දැනට තරග 2-1කින් ඉදිරියෙන් සිටී.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 183ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 46කදී කඩුලු පහකට ලකුණු 184ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන අවස්ථාවේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර ප්‍රථම ඕවරයේ සිට ඕවර 41.2ක් වන තුරු කඩුල්ලේ රැදී ලංකා ඉනිම ගොඩ නැගීමට ප්‍රබල උත්සහයක නිරතවිණි. කමිල් මිෂාර පන්දු 117කට මුහුණ දී හතරේ පහක් සමග ලකුණු 73ක් ලැබීය. කමිල් ලංකා තෙවන කඩුල්ට නායක ධනංජය පෙරේරා (17) සමග ලකුණු 48ක සබදතාවයත් සිව්වන කඩුල්ලට සොනල් දිනූෂ (32) සමග ලකුණු 60ක සබදතාවයක්ද තබාගත්හ.

Pakistan Under 19 in Sri Lanka _Junaid Khan (L)

දෙවැනි එක්දින තරගයේදී දස්කම් පෙන්වූ අවිශ්ක තරිදු මේ තරගයේදීද තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්දු 41කදී හතරේ පහරක් සමග ලකුණු 26ක් ලබා ගනිමිනි. ආරම්භක පන්දු යවන්නා වන අක්තාර් ෂා ලකුණ 19කට කඩුලු 4ක් දවාලූවේය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් නැවතවතාවක් නායක රොහෙල් නාසීර් දස්කම් පාමින් පන්දු 117කදී හතරේ හයක් සමග ලකුණු 76ක් රැස් කළේය. සිව්වන කඩුල්ලට රොහෙල් සමග කාසිම් අක්රම් ලකුණු 52ක් එක්කළහ.

ලකුණු විස්තරය.

  • ශ්‍රී ලංකා 19න් පහළ පිල ඕවර 48.3කදී ලකුණු 183යි.

කමිල් මිෂාර 73යි. ධනංජය පෙරේරා 17යි, සොනාල් දිනූෂ 32යි, අවිශ්ක තරිදු 26යි, අක්තාර් ෂා 19ට 4යි, ජුනයිඩ් ඛාන් 38ට 2යි.

  • පාකිස්තාන 19න් පහළ පිල ඕවර 46 දී කඩුලු 5ට 184යි.

රොහේල් නසීර් 76,මොහමඩ් තහා 25, කාසිම් අක්රම් 26, හැරිස් ඛාන් 25යි, ඩී.මධුශංඛ 43ට 2යි, ආර්.සංජය 46ට 2යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-