පිටිය පුරා දැවැන්ත පහර එල්ල කරන දැවැන්තයා තිසර පෙරේරා

Thanathillen-Eha_2

මැද පෙළ පසුපෙළ පිතිකරුවකු ලෙස පිටියට පිවිස දැවැන්ත පහරවල් පිටියපුරා එල්ල කරන පිතිකරුවෙකු ලෙස ලොව පුරා නමක් දිනා සිටින තිසර පෙරේරා තරග කිහිපයකදීම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවන්නට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්කිරීමටත්, තවත් වරෙක තනිවම ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නටත් සමත්වූ තුන්ඉරියව්වේම දස්කම් දක්වන ක්‍රීඩකයෙකි. ඔහු තරග කිහිපයකදී ලංකා කණ්ඩායමට නායකත්වයද ලබා දී තිබේ.

 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයට එක්වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි තිසර තිසර 2010 සිට ලංකා කණ්ඩායමේ එක්දින හා 20-20 කණ්ඩායම් වල නිත්‍ය ක්‍රීඩකයෙකු බවට පත්විය.2009 වසරේම තිසරගේ සේවය ලබාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කින්ග්ස් එවර ඔහුට ගෙවු මුදල ඇමෙරිකානු ඩොලර් පණස් දහසකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හතක් වෙනුවෙන් ක්‍රීඩාකර ඇති එම තරගාවලියේ වැඩිම කණ්ඩායම් ගණනක් නියෝජනය කළ ශ්‍රී ලාංකිකයාවේ.

Thisara Perera

2014 වසරේ ශ්‍රී ලංකාව 20-20 ලෝක සූරතාව දිනාගත් අවස්ථාවේ ජයග්‍රාහී ලකුණ හයේ පහරකින් එල්ල කරමින් ලබාගත්තේ තිසරය.ඉන්දියාව,නවසීලන්තය, පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව සමග මොහු විශේෂයෙන්ම දස්කම් පෙන්වා තිබේ.එක්දින සහ 20-20 තරගාවලි දෙකේදීම පිට පිටම කඩුලු තුන බැගින් (හැට්රික්) ලබා ඇත. විශේෂයෙන් ඉනිම අගදී දග පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ළක්කරන තිසර ප්‍රබලම වේගපන්දු යවන්නන් හමුවේ මදක් පැකිළෙයි.

1989 අප්‍රේල් 3 වැනිදා වත්තලදී උපත ලද තිස්හැවිරිදි තිසර පෙරේරා වත්තල සාන්ත අන්තෝනි සහ මරදාන සාන්ත ජෝශප් කණ්ඩායම් නියෝජනය කළේය. සාන්ත ජෝශප් “සාන්ත පීතර” සාන්තුවරයන්ගේ මහා සටනේ දී තිසරගේ ප්‍රධාන දායකත්වයෙන් සාන්ත ජෝශප් වසර 35ක වාර්තා බිදහෙළා ජයගත්තේය‍

වමතින් වේගයෙන් පන්දුවට පහරදෙන දකුණිතින් වේගපන්දු යවන අත්‍යවශ්‍ය අවස්ථාවන්හි යෙදවිය හැකි ප්‍රබල තුරුම්පුවකි. ලෝක කුසලාන තරගාවලියේ ඉනිමකදී ඔහුගෙන් ඕවර 6ක් 7ක්වත් යවා ගැනීම ශ්‍රී ලංකා අපේක්ෂාවයි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා 19න් පහළ ශ්‍රී ලංකා ‘ඒ’ ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් තරගවලියන් එංගලන්ත ග්ලොෂ්ටර්ෂර් හා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් රැසක්ම නියෝජනය කර ඇත.

එක්දින තරග 153කට (ඉනිම 144යි) සහභාගිවී කඩුලු 109ක් ලබා ඇත. හොදම පන්දු යැවීම ලකුණු 44ට කඩුලු හයයි.පන්දුවට පහරදීමේදී තරග 153යි(ඉනිම 120යි) ශතකයක් අර්ධ ශතක දහයක් සමග ලකුණු 2147ක් ලබා ඇත. ටෙස්ට් ඉනිම දහයකදී ලකුණු 203ක් හා කඩුලු 11ක් ලබා ඇත.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-