බස්නාහිර (මධ්‍යම) හා බස්නාහිර (උතුර) අවසාන තරගයට

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට බස්නාහිර (මධ්‍යම) සහ බස්නාහිර (උතුර) කණ්ඩායම් තේරී සිටිති. මේ කණ්ඩායම් දෙක අතර අවසාන මහා තරගය සෙනසුරාදා (ජුනි 23) මෙට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බ්‍රහස්පතින්දා (21) පැවැති මූලික වටයේ අවසාන තරග දෙකේදී අපරාජිත බස්නාහිර (මධ්‍යම) කණ්ඩායම කඩුලු දෙකකින් ගිය වසරේ සූරයන් වූ දකුණු පළාත පරාජය කළ අතර නැගෙනහිර සහ ඌව පළාත් අතර තරගය අයහපත් කාලගුණය මත ජය පැරැදුමින් තොරව කෙළවර විණි.

තරග ප්‍රතිඵල :-

  • බස්නාහිර පළාත (මධ්‍යම) කඩුලු 2කින් දකුණු පළාත පරාජය කළේය.

දකුණු පළාත ලකුණු 197යි.(ඕවර 49.4යි) සදුන් මෙන්ඩිස් 81, විනුර දුල්සර 44, චමින්ද විජේසිංහ 45ට 4යි , අෂේන් ඩැනියල් 37ට 3, සන්තූෂ් ගුණතිලක 13ට 2

බස්නාහිර පළාත (මධ්‍යම) කඩුලු 8ට 198යි. (ඕවර 48.4යි)

කළණ පෙරේරා නොදැවී 33, සිතාර හපුහින්න 31, පසිදු සූරියබණ්ඩාර 31, දුනිත් වෙල්ලාලගේ නොදැවී 27, සදුන් මෙන්ඩිස් ලකුණු 33ට කඩුලු 3යි.

  • නැගෙනහිර පළාත – ඌව පළාත තරගය ජය පරාජ නෑ.

නැගෙනහිර පළාත ලකුණු 171යි(ඕවර 45.2) කවිදු ලක්ෂිත 48, චේතක දෙනුවන් 39ට 3, රන්දුනු ගංගනාත් 21ට 2

ඌව පළාත කිසිවෙකු නොදැවී 13යි. (ඕවර 2.1යි)

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහයවීමෙන් පසුගිය දිනවල (19 හා 20) පැවැති අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ දී දකුණු පළාත වයඹ පළාත මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත (මධ්‍යම) කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

මධ්‍යම පළාත කඩුලු 9කින් උතුරු පළාතද වයඹ පළාත ඩක්වර්ට් ලුවිස් ක්‍රමයට උතුරු මැද පළාතද දකුණු පළාත කඩුලු 7කින් නැගෙනහිර පළාතද බස්නාහිර පළාත මධ්‍යම කඩුලු හයකින් බස්නාහිර පළාතද දකුණ පරාජය කළහ.

  • මධ්‍යම පළාත කඩුලු 9කින්ද උතුරු පළාත පරාජය කළේය.

උතුරු පළාත මුල් ඉනිම 81 යි (ඕවර 35.1) කල්හාර සේනාරත්න 3ට 2යි . ඔසද හේරත් 18ට 2යි. නිම්නක ජයතිලක 24ට 2යි පුබුදු බණ්ඩාර 19ට 2යි

මධයම පළාත කඩුලු 1ට 82යි ඕවර 25යි. පුබුදු බණ්ඩාර නොදැවී 36යි,ගජිත කොටුවේගොඩ නොදැවී 34යි,

  • වයඹ පළාත ඩක්වර්ට් ලුව්ස් ක්‍රමයට ලකුණු 02කින් උතුරු මැද පැරදවීය.

උතුරු මැද පළාත 138යි (ඕවර 38.5යි) චමෝද් රුවන්වැල්ල 32 අවිශ්ක සේනාධීර 26 කවින් බණ්ඩාර 27ට 4 කවිදු රණසිංහ 12ට 2

 

වයඹ පළාත ඕවර 34.1කදී කඩුලු 7ට 130යි

අසංක කුලරත්න 17, අවිශ්ක සේනාධීර 26, සී.රුවන්වැල්ල 32

  • දකුණු පළාත කඩුලු 7කින් නැගෙහිර පළාත පරාජය කළේය.

නැගෙනහිර පළාත ලකුණු 81යි (ඕවර 35.1යි) හේවා දිනෝක්ෂ 20යි, සදුන් මෙන්ඩිස් 10ට 2යි, සසිත් මධුෂංක 10ට 2යි, කවිදු රාජපක්ෂ 15ට 2යි

දකුණු පළාත කඩුලු 03ට 82යි. (ඕවර 11.4යි) මිහිසල් අමෝද 38යි, විනුර දුල්සාර නොදැවී 30යි

  • බස්නාහිර මධ්‍යම කඩුලු 4කින් බස්නාහිර (දකුණ) පරාජය කළේය.

බස්නාහිර දකුණ ලකුණු 182යි (ඕවර 50)යි. සුවත් මෙන්ඩිස් 53යි, නුවනිදු ප්‍රනාන්දු 42යි, නිෂාන් ප්‍රනාන්දු 21යි,කළණ පෙරේරා 39ට 3. ඩී.වෙල්ලාලගේ 24ට 3යි,

බස්නාහිර (මධ්‍යම) කඩුලු 4ට 186යි (ඕවර 44.5යි)

පසිදු සූරියබණ්ඩාර නොදැවී 81 කමල් මිෂාර 32 සන්තූෂ් ගුණතිලක 28

-බන්දුල මොල්ලිගොඩ-