බස්නාහිර (මධ්‍යම) 19න් පහළ සූරතාව දිනයි

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහයවීමෙන් පැවැති අන්තර් පළාත් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී තියුණු තරගයකින් පසුව බස්නාහිර (උතුර) කණ්ඩායම ලකුණු 16කින් පරාජය කර සූරතාව දිනාගැනීමට බස්නාහිර (මධ්‍යම) කණ්ඩායම සමත්විය.

කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති අවසාන මහා තරගයේදී මුලින් පන්දුවට පහරදුන් බස්නාහිර මධ්‍යම කණ්ඩායම ලකුනු 225ක් ලබා පසුව බස්නාහිර උතුර කණ්ඩායම ලකුණු 209කට දවාලමින් මේ ජයග්‍රහණය අත්කරගත්තේය.

DSC_2819

බස්නාහිර මධ්‍යම කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ කමිල් මිෂාර (ලකුණු 72යි පන්දු 98යි හතරේ පහයි හයේ දෙකයි) සහ පසිදු සූරියබණ්ඩාර ලකුණු 56ක් ද (හතරේ හතරයි සහ හයේ පහරයි) තෙවන කඩුල්ලට පන්දු 92කදී ලකුණු 98ක් රැස්කරමින් තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ. එහෙත් මේ කණ්ඩායම වරක් කඩුලු පහකට ලකුණු 170ක සිට පසුව කණ්ඩායමම දැවී ගියේ ලකුණු 225කටය.

බස්නාහිර උතුර පන්දුට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රථම කඩුල්ල ලකුණු ලැබීමට පෙරම දැවී අසීරු තත්ත්වයකට පත්විය. දෙවන කඩුල්ලට නායක අෂාන් ප්‍රනාන්දු (34) සහ මොහොමඩ් සමාස් (49) එක්ව ලකුණු 86ක් රැස්කරමින් කණ්ඩායම තරගයට අවතීර්ණ කරගත්හ. බස්නාහිර උතුර කණ්ඩායම ඉනිමේ 34වන ඕවරය වන විට ලකුණු 110කට පිතිකරුවන් පස්දෙනෙකුම දැවී ගියහ.

හත්වන කඩුල්ලට අවිශ්ක තරිඳු සහ රවිදු ලකුණු 53ක සබඳතාවයක් ද අවසාන කඩුල්ලට පසිදු උසෙට්ටි සහ චාමික ගුණසේකර පන්දු 31කදී ලකුණු 33ක් ද ලබා තම කණ්ඩායමේ ලකුණු තත්ත්වය 209 දක්වා ඉහළ නංවා ජයග්‍රහණය ආසන්නයට ගියහ.

බස්නාහිර මධ්‍යම ඕවර 48.4දී ලකුණු 225යි.

කමිල් මිෂාර 72, පසිදු සූරියබණ්ඩාර 56,අවිශ්ක පෙරේරා 30, අවිශ්ක තරිදු 39ට 3, රවිදු ප්‍රනාන්දු 36ට 2

බස්නාහිර උතුර කඩුලු 9ට 209යි. (ඕවර 50)

මොහොමඩ් සමාස් 49, අෂාන් ප්‍රනාන්දු 34, අවිශ්ක පෙරේරා 32, රවිදු ප්‍රනාන්දු 28, සොනාල් දිනූෂ 22ට 4, ඩී.වෙල්ලාලගේ 40ට 2යි.