බ්‍රහස්පතින්දා තරග දෙකම වර්ෂාව මත විස‍ඳුමකින් තොරව නිමවේ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි හතර එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (17) පැවැති කොළඹ – ගාල්ල තරගය සහ දඹුල්ල – මහනුවර අතර තරග දෙකට අධික වර්ෂාවෙන් බාධා ඇතිවීමෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය.

වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල හා මහනුවර අතර තරගය පෙරදින වර්ෂාව මත උදේ 10.45ට ආරම්භ වූයේ එක් කණ්ඩායමකට ඕවර 49ක් ලැබෙන පරිදිය.  මෙහිදී මුලින් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 49 අවසානයේ කඩුලු 7කට ලකුණු 257ක් ලැබීය.  මහනුවර පිල පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අවස්ථාවේ ඕවර 1.1කදී (පන්දු 7කදී) කිසිවෙකු නොදැවී ලකුණු 17ක් ලබා සිටිය දී වර්ෂාව පතිත වූයෙන් සවස 2 වනවිට තරගය නිමාවට පත්විය.

Rain DSC_3035

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ කොළඹ හා ගාල්ල අතර තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 30කදී කඩුලු දෙකකට ලකුණු 155ක් ලබා සිටියදී වර්ෂාව පතිත වූයෙන් එම අවස්ථාවේ සිටම තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වූයේ නොමැත.

මූලික වටයේ සියලු තරග මෙදින නිමාවට පත්වූ අතර මෙතෙක් පැවැති තරග සටහන අනුව ප්‍රථම හා දෙවන ස්ථානවල පසුවන ගාල්ල හා කොළඹ කණ්ඩායම් දෙක ඉරිදා (20) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අවසාන මහා තරගයට සහභාගී වෙති.

  • වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණයේ දඹුල්ල – මහනුවර තරගය අයහපත් කාලගුණය මත විසඳුමකින් තොරව නිමවිය.

දඹුල්ල ඕවර 50දී කඩුලු 7ට 257යි.  සචිත්‍ර සේරසිංහ 41යි.  (පන්දු 66යි හතරේ පහයි) අෂාන් ප්‍රියංජන් 73 (පන්දු 77යි හතරේ හයයි හයේ 2යි) ටී. එන්. සම්පත් 42යි (පන්දු 52යි හතරේ 1යි හයේ 2යි) ළහිරු මධුශංඛ නොදැවී 34යි (පන්දු 33යි හතරේ 2යි හයේ 2යි) ජීවන් මෙන්ඩිස් 34ට 2යි චරිත් අසලංක 34ට 2  මහනුවර ඕවර 1.1කදී කඩුලු නොදැවී 17යි.  ධනුෂ් ගුණතිලක නොදැවී 13යි (පන්දු 5යි)

  • ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කොළඹ – ගාල්ල තරගය වර්ෂාව මත විසඳුමකින් තොරව නිමවේ.

ගාල්ල ඕවර 30දී කඩුලු 2ට 155යි.  භානුක රාජපක්ෂ 59යි (පන්දු 56යි හතරේ 5 යි හයේ 3යි) සධීර සමරවික්‍රම නොදැවී 72යි (පන්දු 94යි හතරේ 8යි) එස්. ජයසූරිය 22ට 1යි).

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-