මගේ සිහිනය සැබෑවූවා – රොෂේන් සිල්වා

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට මට අවස්ථාවක් ලැබේවි යැයි මා සිතුවේම නෑ. ඉන්දියාව සමඟ තෙවන ටෙස්ට් තරගයට සහභාගී වීමට ලැබීමෙන් මගේ එම සිහිනය සැබෑවූවා යැයි මෑතකදී ඉන්දියාව සහ බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියන්හි දී විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන ආ රොෂේන් සිල්වා ප්‍රකාශ කරයි.

විසිනව හැවිරිදි රොෂේන් සිල්වා දැනට ටෙස්ට් තරග තුනකට පමණක් සහභාගි වී (ඉනිමපහයි) ඉනිමක ලබා ඇති සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 103කි. ප්‍රථම ඉනිමේ දී ලකුණු නොලබාම දැවී ගිය රොෂේන් ඊළඟ ඉනිම හතරේ දී ශතකයක් හා අර්ධ ශතක තුනක්ම ලැබීය. ඉන් ඉනිම දෙකක්ම නොදැවුණු ඉනිම්ය. පෙබරවාරි 25 වැනිදා වන විට ඔහුගේ වයස අවුරුදු 29 දින 100කි. ටෙස්ට් ඉනිම පහේදී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 309කි.

Sril Lankan batsman Roshen Silva plays a shot during the fifth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 6, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sril Lankan batsman Roshen Silva plays a shot during the fifth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 6, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

“ශ්‍රී ලංකාව නියෝජනය කිරීම මගේ එකම සිහිනය වූවා. එය සැබෑ වීම මා ලත් ලොකුම ජයග්‍රහණයැයි රොෂේන් සිල්වා පවසයි. රොෂේන් සිල්වා තවදුරටත් මෙසේද තම අදහස් දැක්වීය.” ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලුවිමට වසර දහයක් ගතවූවා. මා ‍කෙතරම් දස්කම් දැක්වුවත් රට නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබුනේ නැහැ. 2011 වසරේ දී අන්තර් සමාජ තරගාවලියේ දී ඉනිම දහයක දී මා ලකුණු 860ක් ලැබූවේ ඉනිමක සාමාන්‍ය ලකුණු 95ක් ලබාගෙනයි. ඒත් මට ලංකා පිල නියෝජනය කිරීමට අවස්ථාව නොලැබුණු විට මා හට අවස්ථාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි දැයි තේරීම් කමිටු නිළධාරින්ගෙන් විමසුවා. ඔවුන් කීවේ අනාගතයේ අවස්ථාව ලැබේවි කියායි.”

“මා සෑම දිනකම රාත්‍රි ලංකා පිල නියෝජනය කිරීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් යාඥා කළා. ඉන්දියාව සමඟ තුනවන ටෙස්ට් තරගයට පෙරදින රාත්‍රි කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ මට කතා කර හෙට ඔබ ක්‍රීඩා කරනවා කීවා. මට ඇති වූයේ නිම්හිම් නැති සතුටක්. මා රාත්‍රියේම බිරිඳට කතා කර මේ ගැන කීවා. ඇත්තටම ඒ වේලාවේ මට හැඞුම් ආවා. පළමු ඉනිමේ දී  මා ලකුණු නොලබා දැවී ගියත් දෙවනි ඉනිම මට ඇති බව මා දැන සිටියා. එතැන් සිට මා දිගටම ශතක, අර්ධ ශතක රැස් කළා.”

ප්‍රථම වරට ටෙස්ට් තරගයකට සහභාගි විමට රොෂේන්ට අවස්ථාව ලැබුණෙත් අහම්බෙනි. එම තණතිල්ල අනුව පන්දු යවන්නෙකු අඩුකර පිතිකරුවකු වැඩි කිරීමට පුහුණුකරුවන් තීරණය කළ නිසා තමාට අවස්ථාව සැලසුණු බව රොෂේන් කියයි. බංග්ලාදේශය සමග රොෂේන් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබා අවසාන තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමි කර ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා හා දිමුත් කරුණාරත්න සමග රොෂේන් සිල්වා එකම කාලපරිච්ඡේදයක මරදාන ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කළ අයෙකි. කණ්ඩායමේ ඕනෑම ස්ථානයක පන්දුවට පහර දීමට මා කැමතියි. ඒ වගේම පන්දු යවන්නෙකුට අවස්ථාව දෙන්න මට අයින් වෙන්න කීවත් මා එයටත් කැමැතියැයි රොෂේන් නිහතමානීව පවසයි.

බන්දුල මොල්ලිගොඩ