මැතිව්ස්ගෙ නායකත්ව ඉනිම දඹුල්ලට තෙවන ස්ථානය ගෙන දෙයි

Thanathillen Eha_1

දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් (101) හා භානුක රාජපක්ෂ (95) සිව්වන කඩුල්ලට ඕවර 25කදී එක්කළ ලකුණු 150 සබඳතාවය දඹුල්ල කණ්ඩායමට සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ‍තෙවන ස්ථානය සහ තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ගෙන ඒමට සමත්විණි.

දඹුල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු පහකට ලබාගත් ලකුණු 325ට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට ඕවර 42.2කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 231ක් පමණකි.

AD Mathews 100

මහනුවර කණ්ඩායමට මේ තරගයෙන් ජයගැනීමට ලකුණු 326ක් අවශ්‍ය වූ අතර එය ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.6ක ප්‍රමාණයකි. එම ඉනිමේ ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු එම ඉනිමේ ප්‍රථම ඕවරයේ දෙවන පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු නොලබාම දැවීගියෙන් ඔවුනගේ ජයග්‍රහණ බලාපොරොත්තු අඩක්ම බිඳ වැටිණි.

මහනුවර දෙවන කඩුල්ලට සධීර සමරවික්‍රම (70) සහ සංගීත් කුරේ (57) ලකුණු 121ක සබඳතාවයක් තබාගනිමින් ඉනිම ගොඩ නැගුවත් සධීර ලකුණු 141දී තෙවන කඩුල්ල ලෙස දැවීයාමත් සමග ඉනිම කඩා වැටිණි. සමරවික්‍රම පන්දු 66කදී හතරේ නවයක් සමග ලකුණු 70ක්ද සංගීත් කුරේ පන්දු 79කදී හතරේ අටක් සමග ලකුණු 57ක්ද චතුරංග ද සිල්වා පන්දු 32කදී හතරේ හතරක් සමග ලකුණු 30ක්ද, තිසර පෙරේරා පන්දු 17ක දී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 21ක්ද ලබාගත්හ.

ඔවුනගේ පස්වන කඩුල්ලට සචිත්‍ර සේනානායක (17) සහ චතුරංග ද සිල්වා (30) එක්කළ ලකුණු 43 දෙවන හොඳම සබඳතාව විය. ධනුෂ්ක ගුණතිලක ඉසුරු උදාන හා ජීවන් මෙන්ඩිස් කඩුලු දෙක බැගින් දවාලූහ.

          මේ තරගයේදී මහනුවර පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම දඹුල්ලට පැවරුවත් එය එතරම් යෝග්‍ය තීරණයක් ලෙස දිස්නොවුයේ දඹුල්ල පිල ඕවරයකට සාමාන්‍ය ලකුණු 6.5ක් ලබා කඩුලු පහකට දැවැන්ත ලකුණු 325ක් වැනි සංඛ්‍යාවක් කරා යාමෙනි.

තරගය ආරම්භයේදී ඕවර 12.2ක් ගතවනවිට දඹුල්ල මුළු ලකුණු 45ක් වන විට ප්‍රබලම පිතිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකා පිල පවා නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල (04) ධනුෂ්ක ගුණතිලක (15) සහ ඕෂද ප්‍රනාන්දු (06) දැවීගොස් අසීරු තත්ත්වයක පසුවිය.

මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කළ නායක ඇන්ජලෝ මැතිව්ස් (101) සහ භානුක රාජපක්ෂ (95) සිව්වන කඩුල්ලට ඕවර 25.4කදී ලකුණු 150ක සබදතාවයක් තබාගනිමින් ලකුණු සංඛ්‍යාව 195 දක්වා ඉහළ නැංවූහ. නැවතවතාවක් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් පන්දු 106කදී හතරේ නවයක් හයේ දෙකක් සමග තම ශතකය ලැබීය. මෙය මේ තරගාවලියේ දෙවන ශතකයයි. භානුක රාජපක්ෂ පන්දු 87කදී හතරේ 11ක් හා හයේ දෙකක් සමග ශතකය පෙනෙමින් තිබියදී ඊට ලකුණු පහක් අඩුවෙන් දැවීගියේය.

මැතිව්ස් පස්වන කඩුල්ලට ජීවන් මෙන්ඩිස් සමග ඕවර 7.3කදී ලකුණු 71ක් රැස්කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු දහයක් ආසන්න වන පරිදිය. මැතිව්ස් මුළු ලකුණු 266දී පස්වන කඩුල්ල ලෙස දැවීයාමෙන් පසු හයවන කඩුල්ලට ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන ඕවර 4.3කදී නොදැවී ලකුණු 59ක් ඕවරයකට සාමාන්‍ය ලකුණු 13ක් වන පරිද්දෙනි.

ජීවන් මෙන්ඩිස් පන්දු 33කදී හතරේ දෙකක් හයේ තුනක් සමග නොදැවී 50ක්ද ඉසුරු උදාන පන්දු 14කදී හතරේ තුනක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 34ක් ද ලබා සිටියහ.

  • ලකුණු විස්තරය දඹුල්ල ඕවර 50දී කඩුලු 5 325

ඇන්ජලෝ මැතිව්ස් 101යි භානුක රාජපක්ෂ 95, ජීවන් මෙන්ඩිස් නොදැවී 50. ඉසුරු උදාන නොදැවී 34, නුවන් ප්‍රදීප් 68ට 2, තිසර පෙරේරා 54ට 2

  • මහනුවර ඕවර 42.2 දී සියලු දෙනා දැවී 231යි.

සධීර සමරවික්‍රම 70, සංගීත් කුරේ 57, චතුරංග ද සිල්වා 30, තිසර පෙරේරා 21, ධනුෂ්ක ගුණතිලක 34ට 2, ඉසුරු උදාන 21ට 2, ජීවන් මෙන්ඩිස් 47ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-