යහපත් මානසිකත්වය හා කණ්ඩායම් හැගීම අපට ජයගෙන ආවා – සුරංග ලක්මාල්

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දීමට තමාට අවස්ථාව ලැබුණු ප්‍රථම අවස්ථාවේම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට තමාට අවස්ථාව උදාවූයේ කණ්ඩායමක් වශයෙන් එකමුතුව ක්‍රීඩා කිරීම හා අනිවාර්යෙන්ම ජයගත යුතුයි යන යහපත් මානසිකත්වයකින් ක්‍රීඩා කිරීම මත යැයි බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගයේ ලංකා කණ්ඩායමට නායකත්වය දුන් සුරංග ලක්මාල් ප්‍රකාශ කරයි.

“දෙවන ටෙස්ට් තරගයෙන් පසුව කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ සේවය අහිමි වූවා. පළපුරුදු ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා රංගන හේරත් ක්‍රීඩා කළේ නැහැ.මා හට තෙවන ටෙස්ට් තරගයේ නායකත්වය හිමි වූයෙත් හදිසියේමයි.කණ්ඩායමේ අප සියළු ක්‍රීඩකයන් මේ අවස්ථාවේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා සියයට සීයයක් සියයට එකසිය විස්සක් හොදින් ක්‍රීඩා කළ යුතුයැයි කියලා”.එම යහපත් මානසිකත්වය හා අධිෂ්ඨානය කණ්ඩායමට ජය ගෙනආ බව සුරංග ලක්මාල් පවසයි.

Suranga Lakmal_D3S5899x

ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබූ තෙවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී කඩුලු තුනක්ද,දෙවන ඉනිමේදී කඩුලු දෙකක්ද ලබා පන්දු යැවීමේ ඉනිම ආරම්භයේදීම ලක්මාල් ලංකා පිලට ප්‍රබල ආරම්භයක් ගෙන දුන්නේය.31 හැවිරිදි ලක්මාල් දැනට ටෙස්ට් තරග 47 කට සහභාගී වී කඩුලු 114 ක් ලබා ඇත.ජුලි 12 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පස්දින ටෙස්ට් තරගාවලියේදී සුරංග ලක්මාල් ලංකා පිලට නායකත්වය ලබා දීමට බෙහෙවින් අවකාශ ඇත.

1987 දකුණු පළාතේ තිස්සමහාරාමයේ උපත ලද සුරංග ලක්මාල් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ දෙඹරවැව මහ විදුහලෙනි.සුරංග ගොවි පුත්‍රයෙකි.පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ කොළඹ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.

ශ්‍රී ලංකාවේ දහසය වන ටෙස්ට් ක්‍රිකට් නායකයා වන සුරංග ලක්මාල් පවසන්නේ කොදෙව් සංචාරයේදී කොදෙව්පිල අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලීමට අනෙක් වේග පන්දු යවන්නන් දෙදෙනා ළහිරු කුමාර සහ කසුන් රාජිත තමාට නොමද සහයක් ලබා දුන් බවය.අනාගතයේ ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දීම තම අපේක්ෂාව බවද සුරංග කියයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-