“ලෝක කුසලානයට අප හොදම කණ්ඩායමක් යවනවා” ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා කියයි

Thanathillen Eha_1

ලබන බ්‍රහස්පතින්දා (අප්‍රේල් 4) ඇරැඹෙන සුපිරි අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගාවලිය උපරිම අයුරින් සාර්ථකව පවත්වා හොඳම ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මීළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉදිරිපත් කර හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේදී මීට වඩා ඵලදායී සැළසුම් අප සතුව තිබුණා. උණුසුම්වූ තරගකාරී තරගාවලියන් කිහිපයක් පැවැත්වීමට විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සංවිධානය කිරීම වැනි වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාව වී තිබුණා. එහෙත් පසුගිය මාස කිහිපයේදී ඇතිවූ පරිපාලනමය ප්‍රශ්ණ නීතිමය කටයුතු සහ විවිධ අයගේ බාධා කිරීම් මත එම සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. එසේවුවද උපරිම පහසුකම් සපයා දක්ෂ කණ්ඩායමක් ලෝක කුසලානයට යවන බවද මොහාන්ද සිල්වා මහතා කීය.

The Four Provincial Team Captains posing for a picture with the Trophy

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය (ඕවර 50) පිළිබඳව පැවැති මාධ්‍ය හමුව අමතමිනි. ජයග්‍රාහකයනට රුපියල් දස ලක්ෂයක් අනුසූරයනට රුපියල් හත් ලක්ෂ පණස්දහසක් පිරිනමන මේ තරගාවලිය ජාත්‍යන්තර මට්ටමින් පවත්වන අතර රුපියල් මිලියන 63ක මුදලක් තරගාවලිය සඳහා වෙන් කර ඇතැයි ද ඒ මහතා කීය. සුපිරි අන්තර් පළාත් තරගාවලිය කොළඹ,ගාල්ල,මහනුවර හා දඹුල්ල කණ්ඩායම් හතරේ සහභාගිත්වයෙන් අප්‍රේල් 4 සිට 11 දක්වා දඹුල්ලේ හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ.

මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලානයට පෙර මෙරට දක්ෂම ක්‍රීඩයන් සහභාගි කරවා ගනිමින් මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම කාලෝචිත පියවරක් බවත් තරුණ ක්‍රීඩකයනට ජේෂ්ටයන් සමග ක්‍රීඩාකර අත්දැකීම් ලබා ජාතික පිලට ඇතුලුවීමට මෙය කදිම අත්වැලක් බවත් කිවේය. කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් කීවේ ලෝක කුසලානයට පෙර ගුණාත්මක හා පිරිපුන් තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවත්ය.

මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින් ලෝක කුසලානයට පෙර අපට සහභාගිවීමට ඇත්තේ විදේශ කණ්ඩායමක් සමඟ තරග දෙකකට පමණයි. ඒ අනුව කොළඹින් පිටත දඹුල්ල හා පල්ලේකැලේ මේ තරග සංවිධානය කිරීම කාලෝචිතයි යනුවෙනි. ගාල්ල කණ්ඩායමේ වැඩබලන නායක ළහිරු තිරිමාන්න කීවේ සුපිරි ක්‍රීඩකයන් සහභාගිවන මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන අතර ඕනෑම අයෙකුට අවසාන 15ට තේරීමට මින් අවස්ථාව ලැබෙන බවය.

සුපිරි පළාත් තරගාවලියේ අධ්‍යක්ෂක ජයන්ත පරනාතල මහතා අදහස් දක්වමින් ක්‍රිකට් ක්‍රීඩාකිරීමේ දී මනස සියයට 70ක්ද ශාරීරික දක්ෂතා සියයට 30ක්ද ක්‍රියාත්මක වන බව තමා රූඩි වෙබ්ස්ගේ ග්‍රන්ථයක කියවා ඇතැයි කීය. උප සභාපති රවින් වික්‍රමරත්න මහතා ද මේ අවස්ථාවට එක්විය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

air max 90 essential sale