ලෝක කුසලානයට යන ලංකා කණ්ඩායම

Thanathillen Eha_1

එංගලන්තයේ දී මැයි මස අවසානයේ සිට ජූලි දක්වා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් 18 (බ්‍රහස්පතින්දා) නම් කළ අතර ඊට තුන් ඉරියව්වේම දස්කම් දක්වන ක්‍රීඩකයන් හයක්ම ඇතුළත්වෙති.

නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න සහ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් ලෙසත් ඇන්ජලෝ මැතිව්ස් කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් නිත්‍ය පිතිකරුවන් ලෙසත් ධනංජය ද සිල්වා තිසර පෙරේරා ඉසුරු උදාන මිලින්ද සිරිවර්ධන ජීවන් මෙන්ඩිස් ජෙෆ්රි වැන්ඩසේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසත් ලසිත් මාලිංග සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් වේගපන්දු යවන්නන් ලෙසත් කණ්ඩායමට එක්වෙති.

තුන් ඉරියව් ක්‍රීඩකයන් හයදෙනාගෙන් සිව්දෙනෙකුම දග පන්දු යවන්නන් ලෙස ප්‍රචලිතය. කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නාගේ කාර්යය ඉටුකරනු ඇත. එතෙර සංචාර කිහිපයක අත්දැකීම් ඇති දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක,උපුල් තරංග, අකිල ධනංජය, ඕෂද ප්‍රනාන්දුට හා වනිදු හසරංග ද සිල්වා ලෝකු කුසලානයට යන ලංකා පිලට අයත් නොවෙති.

Sri Lanka World Cup Squad announcement, Asantha de Mel, Dimuth Karunaratne, Shammi Silva, Ravin wickeramaratne and Ashley de Silva_DSC_0542

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක) , ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන, අවිශ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් හා ජෙෆ්රි වැන්ඩසේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සටහන

මැයි 18-ශ්‍රී ලංකා ස්කොට්ලන්ත පුහුණු තරගය එඩින් බර්ග් මැයි 21- ශ්‍රී ලංකා ස්කොට්ලන්තය දෙවන පුහුණු තරගය එඩින්බර්ග් මැයි 24- ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පුහුණු තරගය කාඩිෆ්හිදී මැයි -27 ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පුහුණු තරගය සදම්ප්ටන්හි දී

ලෝක කුසලාන තරග

  • ජුනි 01 – ශ්‍රී ලංකාව        – නවසීලන්තය   – කාඩිෆ්
  • ජුනි 04 – ශ්‍රී ලංකාව         -ඇෆ්ගනිස්ථානය – කාඩිෆ්
  • ජුනි 07 – ශ්‍රී ලංකාව         – පාකිස්ථානය   – බ්‍රිස්ටල්
  • ජුනි 11 – ශ්‍රී ලංකාව         – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
  • ජුනි 15 – ශ්‍රී ලංකාව         – ඕස්ට්‍රේලියාව – ලන්ඩනය
  • ජුනි 21 – ශ්‍රී ලංකාව         – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – ශ්‍රී ලංකාව         – දකුණු අප්‍රිකාව – චෙෂ්ටර්
  • ජූලි 01 – ශ්‍රී ලංකාව         – බටහිර ඉන්දීයකොදෙව් – චෙෂ්ටර්
  • ජූලි 06 – ශ්‍රී ලංකාව         – ඉන්දියාව – ලීඩ්ස්

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

cheap nike air max 90