ශ්‍රී ලංකා “ඒ” අවසන් තරගය ජයගෙන තරගාවලියත් ජයගනී

Thanathillen Eha_1

2017 ජූලි 12

ශ්‍රී ලංකා ඒ සහ බංගලාදේශ් ඒ අතර බංගලාදේශයේ පැවති සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඉනිමකින් හා ලකුණු 38කින් ජයගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ද   1-0 කින් ජයගත්තේය.

ප්‍රථම හා දෙවන සිව්දින නිල නොවන ටෙස්ට් තරග දෙක ජය පැරදුමින් තොරව නිමාවට පත්විණි.තෙවන හා අවසාන සිව්දින දින තරගයේ වීරයා ලෙස ෂෙහාන් ජයසූරියත් තරගාවලියේ වීරයා ලෙස ළහිරු තිරිමාන්නත් තේරිණි.තිරිමාන්න තෙවන තරගයේදී ලංකා ඒ පිලට නායකත්වය ලබා දුන්නේය.

ළහිරු තිරිමාන්න මෙම තරගාවලියේදී ඉනිම හතරකදී ලකුණු 347 ක් ලබා සාමාන්‍ය(ඉනිමක)173.50ක් ලබා සිටියේය.ෂෙහාන් ජයසූරිය අවසන් තරගයේදී බංගලාදේශ මුල් ඉනිමේදී පන්දු 155 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 15ක් සමග ලකුණු 142 ක් ලැබීය.

තෙවන සිව්දින තරගය නිමා වූයේ දින තුනක් ඇතුලතදීය.කණ්ඩායම් දෙක අතර එක්දින තරග තුනක්ද පැවැත්වීමට නියමිතය.

ලකුණු විස්තරය

බංගාලාදේශ මුල් ඉනිම 167 යි

ෂකීර් හසන් 42,සන්සමුල් ඉස්ලාම් 41 ,ෂෙහාන් ජයසූරිය ලකුණු 47ට කඩුලු 3යි ,මලින්ද පුෂ්පකුමාර ලකුණු 48 ට කඩුලු 3යි,ප්‍රභාත් ජයසූරිය ලකුණු 12ට කඩුලු 3යි.

ශ්‍රී ලංකා ඒ මුල් ඉනිම 312 යි

ෂෙහාන් ජයසූරිය 142 යි,ෂම්මු අෂාන් 60යි,ඩී.සරත්චන්ද්‍ර 33යි,එස්.ඉස්ලාම් ලකුණු 104 කට කඩුලු 4යි,

බංගාලාදේශ දෙවන ඉනිම 107 යි

සෞම්‍ය සාකර් ලකුණු 28 යි මලින්ද පුෂ්පකුමාර ලකුණු 46 ට කඩුලු 6යි ෂෙහාන් ජයසූරිය ලකුණු 23 ට කඩුලු 2යි

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket- 

air max 90 essential sale