ශ්‍රී ලංකා ඒ ප්‍රථම එක්දින තරගය ජයගනී

Thanathillen Eha_1

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචරයක නියැළෙන ශ්‍රී  ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග කින්ග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රිඩාංගණයේ පැවැති ප්‍රථම එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ඒ පිල කඩුලු දෙකක ජයක් අත්කර ගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ඒ කණ්ඩායම ඕවර 47ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 177ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඕවර 48ක දී කඩුලු 8ක ට ලකුණු 181ක් ලබාගනිමින් මේ ජයග්‍රහණය ලැබීය.   ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වේම දස්කම් දැක් වූ අමිල අපොන්සු ලකුණු 35ක ට ප්‍රබල පිතිකරුවන් තිදෙනෙකු දවා පසුව ශ්‍රී ලංකා ඉනිමේ අග භාගයේ දී නොදැවී ලකුණු 16ක් ද රැස් කිරීමට සමත් විය.

කණ්ඩායම් දෙක අතර ටෙස්ට් (නිල නොවන) තරගවලියේ දී පන්දු යැවීමේ දී දස්කම් පෑ මිලින්ද පුෂ්පකුමාර මේ එක්දින තරගයේ දී ද කඩුලු දෙකක් දවාලූ අතර වේගපන්දු යවන ළහිරු කුමාර සහ චාමික ද කඩුලු දෙක බැගින් දවාලූහ.   ටෙස්ට් තරගාවලියේ දී පිත්තෙන් දස්කම් පෑ ධනංජය ද සිල්වා, දසුන් ෂානක හා රොෂේන් ද සිල්වාට මෙදින ලකුණු අතරට ඒමට අවස්ථාව නොලැබිණි.

ප්‍රථම එක්දින තරගයේ දී ලකුණු ලබාගත් පිතිකරුවන් වූයේ කලක් අවුරුදු 19න් පහළ නායකයාව සිටී චරිත් අකලංක (33) සහ ෂෙහාන් ජයසූරියයි (නොදැවී 31යි) ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය හිමි වුයේ ෂෙහාන් ජයසූරිය සහ අමිල අපොන්සු නමවන කඩුල්ලට නොදැවී එක්කළ සබදතාවයෙනි.

ලකුණු විස්තරය බටහිර ඉන්දීය කොදෙව් ඒ ඕවර 47 දී සියල්ල දැවී 177යි.

අමිල අපොන්සු 35ට 3යි, මිලින්ද පුෂ්පකුමාර 35ට 2යි, ළහිරු කුමාර 34ට 2යි, චාමික 31ට 2යි.

ශ්‍රී ලංකා ඒ කඩුලු 8ට 181යි ඕවර 47යි.

චරිත් අකලංක 33, නිපුන් කරුණානායක 24, ෂෙහාන් ජයසූරිය නොදැවී 31යි, අමිල අපොන්සු නොදැවී 16යි.

– බන්දුල මොල්ලිගොඩ –