ශ්‍රී ලංකා ‘ඒ’ බංගලාදේශ ‘ඒ’ දෙවැනි ටෙස්ට් ගැටුමත් ජය පරාජ නෑ

Thanathillen Eha_1

ළහිරු තිරිමාන්න විශිෂ්ට ලෙස ලකුණු අතරට පිවිසෙයි.

බංග්ලාදේශයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර සිව්දින නිල නොලත් ක්‍රිකට් තරගාවලියේ චිතගොංහි පැවැති දෙවන තරගය අයහපත් කාලගුණය මත ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවත් පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 168ක් රැස් කළ අංක තුන පිතිකරු ළහිරු තිරිමාන්න දෙවන ටෙස්ට් තරගයේදී ද සිකුරාදා (6) තවත් ශතකයක් ලබා (නොදැවී 100යි) මෙම තරගාවලියේ දී විශිෂ්ට අයුරින් ලකුණු අතරට පිවිස සිටියි.

ළහිරු තිරිමාන්න ප්‍රථම ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 168 මෙවර තරගාවලියේ පිතිකරුවකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේද නොදැවී අර්ධ ශතකයක් (67) ලැබූ තිරිමාන්න දෙවන ටෙස්ට් තරගයේද මුල් ඉනිමේ නොදැවී ලකුණු 100ක් ලබා ලකුණු අතර රැඳී සිටී.

දෙවන ටෙස්ට් තරගය අඟහරුවාදා (3) චිතගොංහි ආරම්භ වීමට නියමිත විණි. එහෙත් ප්‍රථම හා දෙවන දින දෙකම නොපැවැත්වූයේ වර්ෂාව මත එකම පන්දුවක් හෝ නොයවාය. තෙවන දින තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුවය. එදින ද (තෙවන දින) වර්ෂාව මත තරගය නිමවන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුල්ලකට ලකුණු 54ක් ලබා සිටියේය.

තරගය හරිහැටි සම්පූර්ණයෙන් පැවැතුනේ අවසාන දිනය වූ සිකුරාදා (6) පමණි. මෙදින ලංකා පිල කඩුලු පහකට ලකුණු 281ක් ලබා බංග්ලාදේශ පිලට අවස්ථාව දුන් අතර ඔවුන් තරගය නිමා වන විට කඩුලු එකකට ලකුණු 59ක් ලබා සිටියේය. ළහිරු තිරිමාන්න පන්දු 186කදී (මිනිත්තු 320යි) හතරේ හයක් හා හයේ දෙකක් සමග නොදැවී ලකුණු 100ක් ලබා සිටියේය. ළහිරු තෙවන කඩුල්ලට අෂාන් ප්‍රියංජන (57) සමග ලකුණු 100ක් රැස් කළහ.

ලකුණු විස්තරය ශ්‍රී ලංකා මුල් ඉනිම කඩුලු 5ට 281 (ඕවර 80යි)

ළහිරු තිරිමාන්න නොදැවී 100යි. බී.කේ.මිලන්කත 42, අෂාන් ප්‍රියරංජන් 57,සධීර සමරවික්‍රම 27, චරිත් අසලංක 39. නයීම් හසන් 105ට 2යි.

බංග්ලාදේශ මුල් ඉනිම කඩුලු 1ට 59යි (ඕවර 16යි)

සෞම්‍ය සාකාර් නොදැවී 30 ඩී.ගුණරත්න 31ට 1යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-