ශ්‍රී ලංකා ජයග්‍රහණ උත්සහයට කාලගුණය හරස්වේ

Thanathillen Eha_1

බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ (18) කොදෙව් පිලට දෙවන ඉනිමේදී ජයග්‍රහණයට ලකුණු 296ක් අවශ්‍යව සිටි අවස්ථාවේ ශ්‍රී ලංකාව ප්‍රබල ලෙස තරග වදිමින් ලකුණු 147කට ප්‍රබලම පිතිකරුවන් පස්දෙනා සවස තේ පානය වන විට දවාලමින් ජයග්‍රහණය කරායාමට නිරත වෙමින් සිටියදී ඇද වැටුණු වර්ෂාවත් ඇඳිරි කාලගුණයත් මත තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි.

අයහපත් කාලගුණය මත ඕවර 32.3ක්ම නොයැවූණු අතර සිකුරාදා (15) දිනයේ උදයවරුවේ තරගය නොපැවැත්වූ පැය දෙකක කාලයත් ලංකා පිලට ප්‍රයෝජනයට ගැනීමට අවස්ථාවක් උදාවූයේ නම් ශාන්ත ලුසියාහි ඩැරන් සාමි ක්‍රීඩාංගණයේ ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමටද අවස්ථාවක් තිබිණි.

25-211 Delight for Suranga Lakmal taking the wicket of Shai Hope bowled

කොදෙව් කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 296ක් ජයග්‍රහණය සදහා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පිටියට පැමිණි අවස්ථාවේ ආරම්භක පන්දු යවන කසුන් රාජිත තම දෙවන ඕවරයේ (ඉනිමේ හතරවන ඕවරය) දෙවන හා සිව්වන පන්දුවලට ඩෙවන් ස්මිත් (01) සහ කිරන් පවල් (02) මුල් ලකුණු හයේදී හා අටේදී දවාලමින් ලංකා පිලට ලබාදුන්නේ සාර්ථක ආම්භයකයකි.මෙදින දිවා ආහාරය වන විට නොදෙව් පිල කඩුලු තුනකට ලකුණු 55ක්ද (ඕවර 24යි) ඉන් මදකට පසුව 27වන ඕවරයේ දී මුළු ලකුණු 64කට කඩුලු හතරක්ද දවාලමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරායන ලකුණු පෙන්නුම් කළහ.

කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රෙත්වෙට් සම්පූර්ණ කොදෙව් දෙවන ඉනිමේ ඕවර 60.3න් අඩක්ම පන්දු 172ක් (ඕවර 28.4) ක්ම තනිවම මුහුණදෙමින් කඩුල්ල ආරක්ෂා කරමින් ලංකා ජයග්‍රහණය වළකාලීමට මූලිකවී ක්‍රියා කළේය.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 253කි.නායකත්ව ඉනිමක නිරතවූ දිනේෂ් චන්දිමාල් අංක 5 පිතිකරුගේ ස්ථානයට පන්දුවට පහරදීමට පැමිණ ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 119ක් ලබා සිටියේ පන්දු 186කට මුහුණදී හතරේ දහයක් සහ හයේ පහරක් සමගය. ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 45ක්ද කුසල් ජනිත් පෙරේරා ලකුණු 32ක්ද රැස් කළහ.ෂෙනන් ගේබ්ර්යල් කඩුලු පහක්ද කෙමාර් රෝච් කඩුලු 4ක් ද මෙහිදී දවාලූහ.

කොදෙව් පිල මුල් ඉනිමේදී ලකුණු 300ක් රැස් කළේ ඕවර 100.3කදීය. ඩී.ස්මිත් (61) සහ එස්.ඩවුරිච් (55) අර්ධ ශතක රැස් කළ අතර ළහිරු කුමාර ලකුණු 86කට කඩුලු 4ක්ද කසුන් රාජිත ලකුණු 49කට කඩුලු තුනක්ද දවාලූහ.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම සදහා පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ කුසල් ජනිත් පෙරේරා (20) කසුන් රාජිත (00) ධනංජය ද සිල්වා (03) සහ මහේල උඩවත්ත (19) මුළු ලකුණු 48ක් වන විට කඩුලු හතරක්ම දැවී අසීරු තත්ත්වයක සිටියදී පස්වන කඩුල්ලට ලකුණු 117ක්ද හත්වන කඩුල්ලට ලකුණු 98ක්ද රැස්කිරීම මත ලංකා පිලට ලකුණු තුන්සියය ඉක්මවීමට අවස්ථාව උදාවිණි.කුසල් මෙන්ඩිස් (ලකුණු 87යි පන්දු 117යි හතරේ අටයි හයේ දෙකයි) දිනේෂ් චන්දිමාල් (ලකුණු 39යි හතරේ 112යි හතරේ එකයි) පස්වන කඩුල්ලට ලකුණු 117ක් ද නිරෝෂන් දික්වැල්ල (ලකුණු 62යි පන්දු 70යි හතරේ හතයි) රොෂේන් සිල්වා (ලකුණු 48යි පන්දු 115යි හතරේ 2යි) හත්වන කඩුල්ලට ලකුණු 98ක්ද එක් කළහ. ෂෙනන් ගේබ්රියල් ලකුණු 62කට කඩුලු අටක් දවාලූ අතර අටවන කඩුල්ල ලෙස අකිල ධනංජය දවාලමින් ඔහු තම සියවන ටෙස්ට් කඩුල්ල දවාලුවේය.

ලකුණු පුවරුව ශ්‍රී ලංකා මුල් ඉනිම 253යි

කුසල් ජනිත් 32 කුසල් මෙන්ඩිස් 45 දිනේෂ් චන්දිමාල් නොදැවී 119යි කෙමාර් රෝච් 49ට 4 ෂෙනන් ගේබ්රියල් 59ට 5

බටහිර ඉන්දීය කොදෙව් දූපත් මුල් ඉනිම 300යි.

ඩෙවන් ස්මිත් 61,රොස්ටන් චේස් 41, ෂේන් ඩවුරිච් 55, කසුන් රාජිත 49ට 3,ළහිරු කුමාර 86ට 4

ශ්‍රී ලංකාව දෙවන ඉනිම 342යි.

කුසල් මෙන්ඩිස් 87යි, දිනේෂ් චන්දිමාල් 39යි, රොෂේන් සිල්වා 48,නිරෝෂන් දික්වැල්ල 62යි,ෂෙනන් ගේබ්රියල් ලකුණු 62ට කඩුලු 8යි.

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම කඩුලු 5ට 147යි.

ක්‍රෙග් බ්‍රෙත්වෙට් නොදැවී 59 කසුන් රාජිත 23ට 2යි. සුරංග ලක්මාල් 48ට 2යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-