ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඕස්ට්‍රේලියා පුහුණුකරුවන්ගේ සහාය

Thanathillen Eha_1

ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් හා දග පන්දු යවන්නන්ට ක්‍රීඩා මනෝවිද්‍යාව උපයෝගී කරගෙන සාර්ථක පන්දු යවන්නන් වී මේ අවස්ථාව උදාකර දීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩා මනෝවිද්‍යාඥයන් තිදෙනෙකු ශ්‍රී ලංකා පන්දු යවන්නන් පුහුණුකිරීමේ වැඩමුළුවක් නොබෝදා මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේදී පැවැත්වීය.

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා මනෝවිද්‍යාඥයන් වන ආචාර්ය ෆිල් ජොන්සි, පීටර් ස්ලීප් ඕස්ට්‍රේලියා වික්ටෝරියා ක්‍රිකට් අධිතාක්ෂණ මධ්‍යස්ථාන කළමනාකරු ටිම් මැකස්කිල් මේ වැඩමුළුවේදී වේගපන්දු යැවීමේදී පන්දුව පතිත කිරීම දෝලනය හා වේගය පාලනය කිරීම පිළිබඳවත් දගපන්දු යවන්නන් පන්දුව පිට හා දගපන්දු දග කැවීම හා පතිත කිරීම ක්‍රියාවෙන් සහ වීඩියෝ දර්ශන මහින්ද විග්‍රහ කරනු ලැබීය.

phil jauncey

ශ්‍රී ලංකාවේ ප්‍රධන ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරුවන් අන්තර් සමාජ පුහුණුකරුවන් හතලිස් දෙනෙකු (40) මේ වැඩමුළුවට එක්ව සිටියහ.  ජාතික කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරු චන්දික හතුරුසිංහ වේගපන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක දගපන්දු පුහුණුකරු පියල් විජේතුංග හිටපු ක්‍රිකට් නායකයන් හා වත්මන් පුහුණුකරුවන් හා කළමණාකරුවන් වන අසංක ගුරුසිංහ, රෝයි ඩයස්, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, නුවන් කුලසේකර හා ඉන්දික සේරම් ඇතුළු පිරිසක් මේ වැඩමුළුවට එක්ව සිටියහ.

03

පුද්ගල වර්ධනය, ධනාත්මක සිතුවිලි ඇතිකර ගැනීමෙන් ක්‍රීඩකයෙකුට සාර්ථකත්වයට පහසුවෙන් යා හැකි අයුරුත් ජොන්සි මෙහිදී විග්‍රහ කළේය.  ඔබ හොඳින් ක්‍රීඩා කරනවිට හොඳින් කළ යුතු යැයි සිතන්න එපා.  මෙයට හොඳම උදාහරණය ක්‍රීඩා මනෝ විද්‍යාවෙන් උපරිම ප්‍රයෝජනගත් මයික් හසී බව ෆීල් ජොන්සි කියයි.  හසීට ඔහු කෙරෙහි විශ්වාසයක් නොතිබුණත් ඔහු හොඳින් දක්ෂතා පෙන්වුවා.  ඔබ ධනාත්මකව ක්‍රියාකළහොත් සාර්ථකවනවා.  ඥාණයත් හොඳින් ක්‍රියාත්මක වනවා.  ඔබ සෘණත්මකව සිතුවොත් අසාර්ථක වනවා යැයි ජොන්සි කීවේය.

හිටපු දගපන්දු යවන්නෙකුවන පීටර් ස්ලීප් කීවේ පළමු ශ්‍රේණියේ තරගවල කඩුලු ලබාගැනීමට විශාල වෙහෙසක් ගතයුතු අතර, ටෙස්ට් තරගයකදී කඩුලු ලැබීමට දැඩි ඉවසිල්ලක් තිබිය යුතුබවය.  අත හා හිස තිබිය යුතු ආකාරය පන්දුව පතිත වියයුතු තැන හොඳින් අධ්‍යනය කළයුතු බව ස්ලිප් පැවසීය.  වේගපන්දු යවන්නන්ට ශක්තිය වඩා අවශ්‍ය බව ටිම් මැකස්කිල් ප්‍රකාශ කරයි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-