ශ්‍රී ලංකා-පාකිස්තාන 19න් පහළ ක්‍රිකට් හම්බන්තොටදී මැයි 26 සිට ජුනි 6 දක්වා

Thanathillen-Eha_3

මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ සිටින පාකිස්තාන  19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග පහකට සහභාගි වීමට නියමිත අතර එම තරග පහම පැවැත්වෙනුයේ හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගණයේදීය.

මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී අදහස් දැක්වු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු ජෙරම් ජයරත්න මහතා අප දෙරට අතර දීර්ග කාලයක සිටම දැඩි මිත්‍රත්වයක් පවතින්නේ යැයිද 1996 ලෝක කුසලාන තරගාවලි‍යට ත්‍රස්තවාදය පවතින නිසා ශ්‍රි ලංකාවට පැමිණීමට රටවල් දෙකක් ප්‍රතික්ෂේප කරද්දී පාකිස්තානය සහ ඉන්දියා ඒකාබද්ධ කණ්ඩායමක් මෙහි පැමිණ තරග කර මෙහි සාමකාමි වාතාවරණයක් පවතින බව ලොවට ඔප්පු කර පෙන්වුයේ යැයි කී‍වේය.

එවර අපට ලෝක සුරයන්වීමට මග පෑදුනේ එතැන් සිටයි. පසු කළෙක පාකිස්තානයේ ත්‍රස්තවාදය පවතින බව කියමින් වෙනත් රටවල් එහි යාම ප්‍රතික්ෂේප කරද්දී මීට වසර දෙකකට පෙර අප කණ්ඩායමක් එහි යැව්වා. දැන් යළිත් මෙහි ත්‍රස්තවාදය හිස ඔසවන අවස්ථාවක ඔවුන් මෙහි අප සහයට පැමිණීම සතුටට කරුණකැයි ජයරත්න මහතා කීය.

Media Briefing in Progress

19 පහළ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න අදහස් දක්වමින් ශ්‍රි ලංකා තරුණ ක්‍රිඩකයන් පසුගිය මාස කිහිපයේදී හොදින් පුහුණුව ලබා සිටින බවත් මේ තරගාවලිය පුරාම දක්ෂ ලෙස  ක්‍රිඩා කිරීම අපේක්ෂාව බවත් කීවේය.

 මේ මාධ්‍ය හමුවට ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න තේරීම් කමිටු ප්‍රධානි නිලධාරි බ්‍රෙන්ඩන් කුරුප්පු ලංකා 19න් පහළ නායක නිපුන් ධනංජය පාකිස්තාන 19න් පහළ නායක රොහේල් නසීර් කළමණාකරු අසාම් ඛාන්ද සහභාගි වුහ.

   එක්දින තරග පහ මේ මස 26 28 31 ජුනි 2 සහ 5 යන දිනවල පැවැත්වීමට නියමිතය.

1 2 3 එක්දින තරග තුනට සහභාගි වන කණ්ඩායම–

නිපුන් ධනංජය (නායක) කමිල් මිෂාර (උප නායක) නවෝද්  පරණවිතාන මොහමඩ් ෂාමාෂ්  සොනාල් දිනුෂ අවිෂ්ක තරිදු  තමිදු විජේසිංහ දිලුම් තිලකරත්න රොහාන් සංජය අෂේන් ඩැනියල් දිල්ෂාන් මධුශංඛ පවන් රත්නායක රවිදු රෂන්ත නවීන් ප්‍රනාන්දු රවීන් ද සිල්වා සහ සදුන් මෙන්ඩිස්.

4 හා 5 වැනි එක්දින තරගවලට සහභාගි වන කණ්ඩායම —

කමිල් මිෂාර(නායක) නිපුන් ධනංජය අභිෂේක් කහතුඩුවආරච්චි කවිදු වික්‍රමසිංහ අවිශ්ක තරිදු දිමුත් වෙල්ලාලගේ කවිදු නදීෂාන් චමිදු විජේසිංහ රොහාන් සංජය පවන් රත්නායක රවිදු රෂාන්ත නවීන් ප්‍රනාන්දු රවීන් ද සිල්වා සදුන් මෙන්ඩිස් සහ දිල්ෂාන් මධුශංඛ

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-