ශ්‍රී ලංකා 19න් පහළ පිල ලකුණු 26කින් ජයගනී

Thanathillen-Eha_3

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ඉරිදා (26) පැවැති ශ්‍රී ලංකා හා පාකිස්තාන අවුරුදු 19න් පහළ ප්‍රථම එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 26ක් ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

 ශ්‍රී ලංකා 19න් පහළ පිල මුලින් පන්දුවට පහරදෙමින් ඕවර 50 අවසානයේ කඩුලු නවයකට ලබාගත් ලකුණු 234ට පිළිතුරු ලෙස පාකිස්තානය ඕවර 47.3කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 208ක් පමණකි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා නවෝද්‍ය පරණවිතාන (ලකුණු 54යි පන්දු 93යි හතරේ තුනයි) සහ කමිල් මිෂාර (ලකුණු 65යි පන්දු 95යි හතරේ හතරයි) මුල් විකට්ටුවට ඕවර 30.2කදී එක්කළ ලකුණු ප්‍රමාණය 122කි. නවෝද්‍ය සහ කමිල් හොද ආරම්භයක් ගත්තත් ඔවුනගේ ලකුණු රැස් කිරීමේ වේගය අඩු මට්ටමක පැවැතිණි. එහෙත් තෙවන කඩුල්ලට මොහමඩ් ෂාමාස් (ලකුණු 42යි පන්දු 47යි හතරේ තුනයි) සහ නායක නිපුන් ධනංජය (ලකුණු 21යි පන්දු 19යි හයේ 01යි) ඕවර හයකදී ලකුණු 40ක් ලබමින් ලකුණු රැස් කිරීම මදක් වේගවත් කළහ.

පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනාද හේඩර් අලි (51) රොසෙල් නසීර් (47) හොද ආරම්භයක් ලැබුවත් (ඕවර 18.4කදී ලකුණු 85යි) සෙසු පිතිකරුවනට එම වේගය රදවා ගැනීමට හැකි නොවීය. දිලුම් තිලකරත්න ලකුණු 48කට කඩුලු තුනක් දවාලූවේය.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් ඕවර 50දී කඩුලු 9ට 234යි.

නවෝද්‍ය පරනවිතාන 54, කමිල් මිෂාර 65යි, මොහොමඩ් ෂාමාස් 42යි, නිපුන් ධනංජය පෙරේරා 21යි, මොහොමඩ් ජුනයිඩ් 47ට 2යි.

  • පාකිස්තානය ඕවර 47.3කදී 208යි.

හේඩර් අලි 51, රෝහේල් නසීර් 47යි, මොහොමඩ් ටහා 36, සලිම් අයුබ් 31යි, දිලුම් තිලකරත්න 48ට 3, එන්.පරණවිතාන 31ට 2

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-