සුපිරි පළාත් ඕවර 50 ක්‍රිකට් අප්‍රේල් 4-11 දක්වා

Thanathillen Eha_1

එංගලන්තයේදී අගෝස්තු මස ආරම්භ වන මීළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අරමුණින් සුපිරි අන්තර් පළාත් ඕවර 50 ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4-11 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේවන විට සියළු විධිවිධාන සකසා තිබේ.

මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම් හතර වන්නේ කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ලය. දිනේෂ් චන්දිමාල් (කොළඹ) දිමුත් කරුණාරත්න (මහනුවර) ලසිත් මාලිංග (ගාල්ල) හා ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල) මේ කණ්ඩායම් හතරට නායකත්වය ලබා දෙති.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා නම් කිරීම හා ලංකා සංචිතය ප්‍රකාශයට පත්කිරීම මේ තරගාවලියේ දී ක්‍රීඩකයන් දක්වන දක්ෂතාමත සිදු කිරීමට බොහෝදුරට අවකාශ ඇත.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සියළු තරග පැවැත්වීමට නියමිතය. අප්‍රේල් 4වැනිදා කොළඹ හා දඹුල්ල තරගයත්, අප්‍රේල් 6වැනිදා දඹුල්ල හා ගාල්ල තරගයත්, අප්‍රේල් 8වැනිදා දඹුල්ල හා මහනුවර තරගයත්, අප්‍රේල් 10වැනිදා තුන්වන හා සිව්වන ස්ථාන දිනාගන්නා කණ්ඩායම් තේරීමේ තරගයත්, අප්‍රේල් මස 11වැනිදා අවසාන මහා තරගයත් පැවැත්වීමට නියමිතය. මේ සියළු තරග දිවා කාලයේ පැවැත්වෙන තරගවේ.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 15බැගින් හා අතිරේක ක්‍රීඩකයන් හත්දෙනා බැගින්ද කළමණාකරුවන්, පුහුණුකරුවන් හා වෙනත් නිලධාරීන්ද දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ.

Lahiru Thirimanne during Super Provincial One Day Tournament

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු , ඇන්ජලෝ පෙරේරා, අෂාන් ප්‍රියංජන්, කවිඳු මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය, අමිල අපොන්සු, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, චාමර සිල්වා, මොහොමඩ් සිරාස්, ෂෙහාන් ජයසූරිය, චරිත් සේනානායක (කළමණාකරු) අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු)

මහනුවර කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), තිසර පෙරේරා (උප නායක) සධීර සමරවික්‍රම, පැතුම් නිශ්ශංක, ප්‍රියමාල් පෙරේරා, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න,ජෙෆ්රි වැන්ඩසේ, මලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා , සවිදු සේනානායක , දිලේෂ් ගුණරත්න, මනෝජ් සරත්චන්ද්‍ර, බාලන් ආශිර්වාදන් (කළමණාකරු) පියල් විජේතුංග (ප්‍රධාන පුහුණුකරු)

ගාල්ල කණ්ඩායම

ලසිත් මාලිංග (නායක), ළහිරු තිරිමාන්න (උප නායක) සඳුන් වීරක්කොඩි, කුසල් මෙන්ඩිස්, මහේල උඩවත්ත, විනෝද් භානුක, ධනංජය ද සිල්වා, මලින්ද සිරිවර්ධන, නිෂාන් පීරිස්, චාමික එදිරිසිංහ, දුෂ්මන්ත චමීර, ළහිරු මධුශංඛ, සම්මු අෂාන්, ෂෙහාන් මධුශංඛ, වනිඳු හසරංග, ෂම්මි ගුණසේකර (කළමණාකරු) තිලාන් සමරවීර (පුහුණුකරු)

දඹුල්ල කණ්ඩායම

ඇන්ජලෝ මැතිවව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක) ධනුෂ්ක ගුණතිලක, ඕෂද ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජීවන් මෙන්ඩිස්, දසුන් ෂානක, ලක්ෂාන සඳකැන්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඉෂාන් ජයරත්න, සචිත්‍ර සේරසිංහ, අෂේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, විනෝදන් ජෝන් (කළමණාකරු) සුමිත්‍ර වර්ණකුලසූරිය (පුහුණුකරු)

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

cheap nike air max 90