සුපිරි පළාත් තරගාවලියේ අවසාන තරගය බ්‍රහස්පතින්දා

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි අන්තර් පළාත් සීමිත ඕවර 50 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 11වැනිදා) කොළඹ හා ගාල්ල කණ්ඩායම අතර පැවැත්වනුයේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

මෙහිදී කණ්ඩායම් දෙකේ නායකත්වය දරන්නේ දිනේෂ් චන්දිමාල් (කොළඹ) සහ ලසිත් මාලිංගය. (ගාල්ල) මේ කණ්ඩායම් දෙක මූලික වටයේදී මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජය කළේය. කොළඹ හා ගාල්ල කණ්ඩායම් දෙක සඳුදා පල්ලේකැලේදී තරග වැදුණු අතර අයපත් කාලගුණයේ බලපෑම මත එම තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය.

කණ්ඩායම් දෙක මූලික වටයේ හමුවූ එම තරගයේදී ගාල්ල ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 258ට පිළිතුරු ලෙස කොළඹ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඕවර 7.1කදී කිසිවෙකු නොදැවී ලකුණු55ක් ලබා සිටියදී අයහපත් කාලගුණය බලපෑබැවින් විසඳුමකින් තොරව

නිමාවට පත්කිරීමට සිදුවිණි. කොළඹට තරගයෙන් ජය ගැනීමට තව ලකුණු 204ක් අවශ්‍යවූයේ ඕවර 42.5ක් ඉතිරිව කඩුලු දහයට අතැතිවය සිටියදීය. ඔවුනට එම ඉලක්කය කරායාමට අවස්ථාව තිබිණි.

කෙසේ වුවද කොළඹ හා ගාල්ල කණ්ඩායම් දෙකම සමබර තත්ත්වකය පසුවන හෙයින් තියුණු ගැටුමක් අපේක්ෂා කළ හැකිය. අයහපත් කාලගුණය මේ තරගයට බාධාවක් නොවුනහොත් කදිම තරගයක් නැරඹීමේ අවස්ථාවද ක්‍රීඩාලෝලීනට උදාවනු ඇත. මෙම තරගාවලිය පුරාම ජාත්‍යන්තර මට්ටමෙන් නොකියවුණු නම් දස්කම් දක්වනු දක්නට ලැබිණි. දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් දෙකේ නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්ව තරගාවලියේදී ලකුණු අතර සිටිනුද දක්නට ලැබිණි. ලේක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මේ කණ්ඩායම් හතරේම නායකයන් ඇතුළත්වීමට බොහෝදුරට අවකාශ තිබේ.

කොළඹ කණ්ඩායම

දිනේෂ් චන්දිමාල් (නායක) උපුල් තරංග, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පොරේරා, අෂාන් ප්‍රියංජන්, කවිදු මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අකිල ධනංජය,සුරංග ලක්මාල්,අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, චාමර සිල්වා, මොහොමඩ් ශිරාස්, ෂෙහාන් ජයසූරිය

ගාල්ල කණ්ඩායම

ලසිත් මාලිංග (නායක) සදුන් වීරක්කොඩි, කුසල් මෙන්ඩිස්,මනෝජ් භානුක, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න,දුෂ්මන්ත චමීර, ළහිරු මධුශංඛ, ෂම්මු අෂාන්, ධම්මික ප්‍රසාද්, වනිදු හසරංග ද සිල්වා

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

nike air max 1 sale