සුපිරි හතර තරගාවලියේ දස්කම් දැක්වූවෝ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දේශීය ක්‍රිකට් තරගාවලියේ සුපිරිම තරගාවලිය දැන් පැවැත්වෙන අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියයි.  සිව්දින තරග හයක් මේ තරගාවලියට අයත්වන අතර ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් 80ක් කණ්ඩායම් හතරකට බෙදී කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යනුවෙන් තරගවදිති.

දැනට මින් තරග හතර පවත්වා නිමව ඇති අතර, ජාතික කණ්ඩායමේ ස්ථිර නොවන ක්‍රීඩකයන් පිත්තෙන් හා පන්දුවෙන් සුවිශේෂි දස්කම් දැක්වීම විශේෂත්වයකි.  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක්ව තවමත් මාස ගණනක් පමණක් ගෙවී ඇති රොෂේන් සිල්වා ඉනිමක ලකුණු 231ක් ලබා වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර සිටී.  වේග පන්දු යැවීමේදී තරග දෙකේදී ඉනිම තුනකදී කඩුලු දහයක් දවාලූ කසුන් රාජිත දැනට වේග පන්දු යැවීමේදී ඉදිරියෙන් පසුවේ.

Roshen Silva

උපරිම දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පැවසූ විස්තර පහත දැක්වේ :­

  • රොෂේන් සිල්වා :­ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් රොෂේන් සිල්වා කොළඹ සමග ලකුණු 231ක් රැස් කළ අතර එම ඉනිම පිළිබඳව අදහස් දක්වමින් රොෂේන් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටීව් වෝ අනුගමනය කරමින් තමා දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට ක්‍රියා කරන බවයි. තව කණ්ඩායමේ කඩුලු හතරක් ලකුණු 22කට දැවී සිටිය දී අසීරු කාර්යයකට කර දුන් තමා කණ්ඩායම හාර සියය ඉක්මවා ලැබූ ලකුණු ප්‍රමාණයෙන් 231ක් ලබාගැනීම සතුටට කරුණකැයි කීවේය.  පැය නවයකට අධික කාලයක් කඩුල්ලේ රැඳී ද්විත්ව ශතකයක් කරායාමේදී තමා කිලෝ ග්‍රෑම් දෙකකින් බරින් අඩුවූ බවද කිවේය.
  • අෂාන් ප්‍රියංජන් :­ දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ අෂාන් ප්‍රියංජන් ප්‍රථම තරගයේ දී ලකුණු 156ක්ද දෙවන තරගයේ දී ලකුණු 96ක්ද ලබා මේ ප්‍රබල පන්දු යවන්නන් සිටින තරගාවලියේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. මෙවැනි ප්‍රබල තරගාවලියක ලකුණු අතරට ඒමට ලැබීම විශාල සතුටක්.  මේ ඉනිම් මාගේ හොඳම ඉනිම් ලෙස මා සළකනවා.  මට තවම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරගයකට සහභාගී වීමට ලැබී නෑ.  මාගේ සිහිනය ටෙස්ට් තරගයකට සහභාගි වී මව්බිමට ගෞරවයක් ගෙන ඒමයි.  දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් නායක ඒ. බී. ඩිවිලියර්ස් වැනි ක්‍රීඩකයෙකු බවට පත්වීම තම අපේක්ෂාව බවද ප්‍රියංජන් ප්‍රකාශ කරයි.
  • සචිත්‍ර සේනානායක :­ දඹුල්ල පිල නියෝජනය කරන සචිත්‍ර සේනානායක මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 105ක් ලබා ප්‍රකාශ කළේ දේශීය ක්‍රිකට් තරගාවලියකදී තමා පිත්තෙන් දැක්වූ හොඳම දක්ෂතාවය මෙය බවයි. මහනුවර කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන්නන් දෙදෙනා ළහිරු කුමාර හා කසුන් රාජිතට හොඳින් මුහුණ දෙමින් ලබාගත් මේ ශතකය තමා අගය කරන බවත් සචිත්‍ර ප්‍රකාශ කරයි.  මා ක්‍රීඩා කරන්නේ එකම අරමුණක් ඇති බවයි.  මා මීට කලින් මගේ රට කිහිපවරක් නියෝජනය කර තිබෙනවා.  දැන් මට අවශ්‍ය නැවතත් මගේ රට නියෝජනය කිරීමට ජාතික සංචිතයට ඇතුලු වීමයි.
  • නිරෝෂන් දික්වැල්ල :­ මහනුවර කණ්ඩායමේ නායකත්වය දරන නිරෝෂන් දික්වැල්ල මේ තරගාවලියේ දී “මා ලබාගත් ශතකය මත තමාට නැවත ලකුණු අතරට පිවිසීමට ලැබීම. සතුටට කරුණකැයි” ප්‍රකාශ කළේය.  මා වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවෙක්.  ඒත් මේ සිව්දින තරගයට ඔබින ලෙස මා මදක් සෙමින් පන්දුවට පහරදීමට හුරුවූවා.  මා කණ්ඩායමේ නායකත්වයද දැරූ හෙයින් එහි වගකීමද සිතෙහි තබා ගෙන ලකුණු අතරට පැමිණි බව දික්වැල්ල ප්‍රකාශ කළේය.
  • මහේල උඩවත්ත :­ කළක් ලකුණු අතර සිටි මහේල උඩවත්ත දැන් නැවත ලකුණු අතරට පැමිණියේ මහනුවර පිල නියෝජනය කරමින් ප්‍රබල දඹුල්ල කණ්ඩායම සමග ශතකයක් (ලකුණු 103ක්) රැස්කිරීමෙනි. දඹුල්ල කණ්ඩායම ප්‍රබල පන්දුයවන්නන් රැසකින් සමන්විත දක්ෂම කණ්ඩායමක්.  එවැනි කණ්ඩායමක් සමග ශතකයක් ලැබීම සුවිශේෂි ජයග්‍රහණයක්.  රෝස පැහැති ඩියුක් පන්දුවෙන් ශතකයක් ලැබීම පිළිබඳවත් මා සතුටුවනවා.  මට ලැබුණු අවස්ථාවෙන් මා උපරිම ප්‍රයෝජන ගත්තා.  ඒ සඳහා තමා උපරිම ලෙස පුහුණුවූ බවද උඩවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
  • ළහිරු තිරිමාන්න :­ කොළඹ කණ්ඩායම නියෝජනය කරන තිරිමාන්න මේ ප්‍රබල තරගාවලියේ ප්‍රථම තරගයේදීම ශතකයක් ලබා නැවත ලකුණු අතරට ඒමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව කීවේය. අන්තර් සමාජ තරගාවලියෙන් පසු මෙතරම් ප්‍රබල පළාත් තරගාවලියක දස්කම් පෑම ගැන සතුටු වන බවද හේ කීය.
  • සචිත්‍ර සේරසිංහ :­ සේරසිංහ මේ ක්‍රිකට් වාරයේ ලැබූ සිව්වන ශතකය මෙහෙය වන අතර ඔහු ලකුණු දහසද ඉක්මවීය. මේ වසරේ ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 35කි.  තුන් ඉරියව්වේම දස්කම්පාමින් නැවත විශිෂ්ට දස්කම් පාන ක්‍රීඩකයෙකි සේරසිංහ.  මටම ආවේනික වන ක්‍රීඩා විලාශයට ක්‍රීඩා කිරීමට කැමති යැයි සේරසිංහ කියයි.
  • කසුන් රාජිත :­ මහනුවර පිල නියෝජනය කරන වේගපන්දු යවන කසුන් රාජිත දඹුල්ල සමග තරගයේදී ඉනිම් දෙකේදී කඩුලු තුන බැගින් කඩුලු හයක්ද කොළඹ සමග තරගයේ මුල් ඉනිමේදී කඩුලු හතරක්ද ලබා කඩුලු දවාලමින් ඉදිරියෙන් සිටී. ගමෙන් පැමිණ ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරන ක්‍රීඩකයෙකි කසුන් රාජිත.  දකුණේ මාලිම්බඩ උපත ලද දසුන් තෙලිජ්ජවිල මැදි විදුහලෙන් හා මාතර සාන්න සර්වේසස් විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-