සුපිරි හතර තරග දෙක ජය පරාජ නෑ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවීමෙන් අප්‍රේල් 8-11 දක්වා පැවැති අන්තර් පළාත් සුපිරි හතර ක්‍රිකට් තරගාවලියේ තරග දෙකම නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය.  එම තරග දෙක වූයේ දඹුල්ල සහ ගාල්ල අතර තරගයත්, මහනුවර සහ කොළඹ අතර තරගයත්ය.

රෝස පැහැති පන්දුවෙන් පැවැති මේ තරගාවලියට වරින් වර වර්ෂාවෙන් බාධා ඇතිවිණි.  රෝස පන්දුවෙන් මේ තරග පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ තව මාස දෙකකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියට පෙර සූදානමක් ලෙසිනි.

Pink Ball Test - SLC Super Four Provincial

  • දඹුල්ල හා ගාල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව කෙළවරවිණි.

දඹුල්ල මුල් ඉනිම 244යි.  (ඕවර 73.3යි).  කුසල් මෙන්ඩිස් 89යි, (පන්දු 163යි හතරේ 12යි) ඒ ප්‍රියංජන් 24, මිලින්ද සිරිවර්ධන 24යි, එල්. මධුශංඛ 26, ආර්. හේරත් 25, පී. සී. ද සිල්වා 31ට 3යි, එම්. පුෂ්පකුමාර 30ට 2.

ගාල්ල මුල් ඉනිම 255යි (ඕවර 65.1යි) උපුල් තරංග 25, රොෂේන් සිල්වා 44, දසුන් ශානක 32, පී. සී. දසිල්වා 54, පී. එල්. ගමගේ 78ට5, ආර්. හේරත් 42ට 2.

දඹුල්ල දෙවන ඉනිම කඩුලු 7ට 325යි.  (ඕවර 89යි) අෂාල් ප්‍රියංජන් 95යි (පන්දු 169යි හතරේ 9යි) සචිත්‍ර සේරසිංහ 112යි (පන්දු 208යි හතරේ 13යි) එම්. සිරිවර්ධන 37යි, එන්. ටී. ගමගේ 65ට 5යි.

ගාල්ල දෙවන ඉනිම කඩුලු 2ට 66යි.  එම්. වර්ණපුර නොදැවී 21යි.  එල්. මධුශංඛ 13ට 2.

  • මහනුවර – කොළඹ තරගය ජය පරාජය නෑ.

මහනුවර මුල් ඉනිම 270යි (ඕවර 77.1යි).  සී. අසලංක 57යි, එන්. දික්වැල්ල 38, ආර්. පී. පෙරේරා 79, පී. එච්. සිල්වා 40ට 4.

කොළඹ මුල් ඉනිම කඩුලු 9ට 138යි (ඕවර 43යි) ජේ. කේ. සිල්වා 26, එස්. ජයසූරිය 25, ළහිරු තිරිමාන්න 21, සී. රාජිත 67ට 4, ඉසුරු උදාන 35ට 4.

මහනුවර දෙවන ඉනිම කඩුලු 3ට 65යි (ඕවර 16යි) එම්. උඩවත්ත 41, එස්. ජයසූරිය 101යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-