20 -20 තරගවල මා නිතර දස්කම් පෙන්වා තිබෙනවා – ලසිත් මාලිංග

Thanathillen Eha_1

අඟහරුවාදා (21) ආරම්භ වන අන්තර් පළාත් 20-20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වන 2014 වසරේ 20 – 20 ලෝක සූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග 20- 20 තරගාවලියන්හි දී තමා නිතරම දස්කම් පෙන්වා ඇති බවත් පසුගිය වසරේ පැවැති තරගාවලියන් ඊට හොදම නිදසුන් බවත් කීවේය.

ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති අන්තර් සමාජ 20-20 තරගාවලියේත් කැනඩාවේ පැවැති කැනඩා ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියේත් වැඩිපුරම කඩුලු දවාලූ පන්දු යවන්නා මමයි. දැනට මගේ පන්දු යැවීමේ දස්කම් පිළිබදව තේරීම් කමිටුවත් වෙනත් අදාළ නිලධාරීනුත් දන්නවා. ඒකයි මාව මහනුවර කණ්ඩායමට තේරී තිබෙන්නේ. මම උපරිම දස්කම් පෙන්වීමට අපේක්ෂා කරන්නේ යැයිද ලසිත් මාලිංග පැවැසීය.

මේ අතර දිල්රුවන් පෙරේරා ප්‍රකාශ කළේ 20- 20 ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට අවස්ථාව නොලද ක්‍රීඩකයනට මේ තරගාවලියේදී තම දස්කම් පෙන්වා ජාතික පිලට එක්වීමට මෙය හොඳ අවස්ථාවක් බවය. ජාත්‍යන්තර මට්ටමේ 20-20 තරගවලට සහභාගිවන ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමෙන් ඔවුන්ගේ අත්දැකීම් හා උපදෙස්ද මෙහිදී ලබා ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් අටදෙනකුටම අවස්ථාව සලසා දීමෙන් ඔවුනගේ අනාගතයට මෙය ඉමහත් රුකුලක් වනු ඇතැයි ද දිල්රුවන් පෙරේරා පැවසීය.

ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන මහේල උඩවත්ත පවසන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට වුවත් 20-20 තරගවලට සහභාගිවීමට ලැබෙන්නේ වසරකට තුන් හතරවතාවක් පමණක් බැවින් මෙවැනි තරගාවලියක් පැවැත්වීම ඉතා වැදගත් වන බවය. නවකයනට සහ යොවුන් ක්‍රීඩකයනට ජාතික පිලට ඇතුලු වීමට මෙය කදිම අවස්ථාවක් බවද උඩවත්ත කියයි.

සධීර සමරවික්‍රම ප්‍රකාශ කළේ තම අරමුණ මේ තරගාවලියේදී වැඩිවේලාවක් කඩුල්ලේ රැදී ඉක්මණින් ලකුණු වැඩි ප්‍රමාණයක් රැස් කිරීම බවය. මෙවැනි තරගාවලියන් වලදී කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීමෙන් ජයග්‍රහණය කරා යා හැකි බව කී සධීර සමරවික්‍රම නැවත ලකුණු අතරට පැමිණ ජාතික පිලට ඇතුලු වීම තමාගේ තවත් අරමුණක් වන්නේ යැයි ද කීවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket- 

air max 90 essential sale