20-20 තරගාවලියේ කොළඹ ඉදිරියෙන්ම

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2018 වසරේ 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 12න් තරග අටක් නිමවන විට සියළු කණ්ඩායම් තරග හතර බැගින් සහභාගිවී කොළඹ කණ්ඩායම තමන් සහභාගි වූ සියළු තරග ජයගෙන ඉදිරියෙන් පසුවේ.

කණ්ඩායම් හතර සහභාගිවන තරග සටහන අනුව කොළඹ තරග හතරම ජයගෙන ලකුණු අටක්ද දඹුල්ල කණ්ඩායම තරග තුනක් ජයගෙන ලකුණු හයක්ද ලබා දැනට ප්‍රථම හා දෙවන ස්ථානයන්හි පසුවේ. ගාල්ල කණ්ඩායම තරගයක් ජයගෙන (ලකුණු 2යි) සහ මහනුවර කණ්ඩායම තරග හතරම පරාජයවී (ලකුණු නොලබා) තුන්වන හා අවසාන ස්ථානවල පසුවේ. මේ තරගාවලියේ මූලික වටයේ අවසාන තරග හතර මේ මස 29 හා 30 දිනවල මහනුවර පල්ලේකැලේ පවත්වා අවසාන තරගය ඉරිදා (සැප්තැම්බර් 2) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතය.

danushka gunathilaka (50)

(සති අන්තයේ – 25 හා 26) දිනවල දඹුල්ලේ පැවැති මූලික තරග හතරේ ප්‍රතිඵල පහත දැක්වේ.

  • ගාල්ල ලකුණු හතකින් මහනුවර පරාජය කළේය. (අගෝස්තු 25)

ගාල්ල ඕවර 20දී කඩුලු 5ට 193යි

කුසල් මෙන්ඩිස් 40,දිමුත් කරුණාරත්න 80, මලින්ද පුෂ්පකුමාර 38ට 2

මහනුවර ඕවර 20දී කඩුලු 8ට 186

භානුක රාජපක්ෂ 63, දසුන් ශානක 24, මලින්ද පුෂ්පකුමාර 26, කසුන් රාජිත 37ට 2, නිශාන් පීරිස් 24ට 2

  • කොළඹ කඩුලු තුනකින් දඹුල්ල කණ්ඩායම පරාජය කළේය. (අගෝස්තු 25)

දඹුල්ල ඕවර 18.5කදී සියළු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 123ට පිළිතුරු ලෙස කොළඹ ඕවර 19කදී කඩුලු හතක් දැවී ලබා ගත්තේ ලකුණු 134කි.

උපුල් තරංග නැවතවතාවක් දස්කම් දක්වමින් පන්දු 21කදී හතරේ හයක්, හයේ පහරක් සමග ලකුණු 35ක් කොළඹ පිල වෙනුවෙන් රැස් කළේය.

  • දඹුල්ල ඕවර 18.3දී සියළු දෙනාදැවී 123

රමිත් රඹුක්වැල්ල 33(පන්දු 22) ධනුෂ්ක ගුණතිලක 23(පන්දු 30යි) අකිල ධනංජය 28ට3, ජීවන් මෙන්ඩිස් 18ට 2

  • කොළඹ ඕවර 19දී කඩුලු 7ට 124

උපුල් තරංග 35, දිනේෂ් චන්දිමාල් 20, ජීවන් මෙන්ඩිස් 23, වනිදු හසරංග 20ට 3

  • දඹුල්ල ලකුණු හයකින් මහනුවර පරාජය කළේය. (අගෝස්තු 26)

මේ තරගයේදී දෙපිලම ලකුණු 200 ඉක්මවා රැස්කිරීම විශේෂත්වයකි. දඹුල්ල ආරම්භක පිතිකරුවන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 87 (පන්දු 54යි හතරේ 14යි හයේ1යි) සහ රමිත් රඹුක්වැල්ල ලකුණු 38යි (පන්දු 24යි) මුල් විකට්ටුවට ඕවර 7.5කදී ලකුණු 85ක් රැස් කිරීමෙන් ඔවුනට කඩුලු 4කට ලකුණු 217ක් ලබා ගැනීමට අවස්ථාව උදාවිණි. මහනුවර කණ්ඩායමේ දසුන් ශානකද පන්දු 46කදී ලකුණු 81යි හයේ පහයි හතරේ පහයි රැස්කර ජයග්‍රහණය අසළටම පැමිණියත් අවසන් මොහොතේ ලකුණු හයකින් පරාජය විය.

  • දඹුල්ල ඕවර 20දී කඩුලු 4ට 217යි.

ධනුෂ්ක ගුණතිලක 87යි. රමිත් රඹුක්වැල්ල 38, වනිදු හසරංග නොදැවී 27 ඉසුරු උදාන නොදැවී 27 ළහිරු ගමගේ 42ට 2

  • මහනුවර ඕවර 20දී කඩුලු 7ට 211යි.

දසුන් ශානක 81, චරිත් අසලංක 43, නිසල කාරක නොදැවී 34 දිල්රුවන් පෙරේරා 20ට 2

  • කොළඹ කඩුලු 7කින් ගාල්ල පරාජය කරයි.

කොළඹ පිල නියෝජනය කරන උපුල් තරංග තවත් වතාවක් තම සුපුරුදු දස්කම් මැනවින් පෙන්වමින් පන්දු 41කදී හතරේ අටක් හයේ පහරක් සමග ලකුණු 81ක් රැස්කිරීමත් අකිල ධනංජය ලකුණු 28කට කඩුලු තුනක් දවාලීමත් මත කොළඹට කඩුලු හතක පහසු ජයක් අත්විය

  • ගාල්ල ඕවර 20දී කඩුලු 8ට 131යි

කුසල් මෙන්ඩිස් 36ධනංජය ද සිල්වා 44,අකිල ධනංජය 28ට 3

  • කොළඹ ඕවර 16දී කඩුලු 3ට 134යි

උපුල් තරංග 81, දිනේෂ් චන්දිමාල් නොදැවී 38 කසුන් රාජිත 36ට 2

බන්දුල මොල්ලිගොඩ