20-20 තරඟාවලියත් ඉන්දියාව 3-0 කින් ජයගනී

Thanathillen Eha_1

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ 2017 වර්ෂයේ ඉන්දීය කි‍්‍රකට් සංචාරය නොබෝදා (24* නිමාවට පත්වුයේ දෙරට අතර පැවති අවසාන තරඟාවලිය 20-20 තරඟ 03 කින් ඉන්දියාව ජය අත්කර ගනිමිනි. මුම්බායි හි පැවති තෙවන 20-20 තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව ඕවර් 20 අවසානයේ කඩුළු 7 ට ලබාගත් ලකුණු 135 ට පිළිතුරු ලෙසින් ඉන්දීය පිළ කඩුළු 5 කට ලකුණු 139 ක් ලබාගත්තේ ඕවර් 19.2 කදී තරඟය නිමවීමට පන්දු 4 ක් ඉතිරිව තිිබියදීය.

දෙරට අතර 20-20 මුල් තරඟ 2 හා සසඳන විට මේ තරඟයේ අවසාන ඕවරය තෙක් ලංකා කණ්ඩායම ප‍්‍රබල ඉන්දීය පිළ සමඟ සටනක නිරත විණි. ඉන්දීය ජයග‍්‍රහණයට අවසාන පන්දු 07 ක් තුළ ලකුණු 09 ක් අවශ්‍යව තිබු අවස්ථාවේ තරඟ ජයග‍්‍රහණය මොන කණ්ඩායමට හිමිවේ දැයි ප‍්‍රශ්නයක් මතු වුණි. එහෙත් 19 වන ඕවරයේ අවසාන පන්දුවට (නුවන් ප‍්‍රදීප්ගේ* දිනේෂ් කාර්තික් හයේ පහරක් එල්ල කිරීමෙන් ඉන්දීය පිලට ජයග‍්‍රහණ මාවත විවෘත විය.

මේ තරඟයේ කාසිය වාසිය ඉන්දියාව දිනා ශී‍්‍ර ලංකාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබාදීමෙන් පසු ලංකා කණ්ඩායමේ ලකුණු රැුස් කිරීමේ වේගය ඕවර 5 කට කඩුළු 3 කට ලකුණු 26 ක් ද ඕවර 10 කදී කඩුළු 4 කට ලකුණු 67 ක් ද ඕවර 15 කදී කඩුළු 6 කට ලකුණු 96 ක් ද ඕවර 20 දී කඩුළු 7 කට ලකුණු 135 ක් ද වශයෙන් රැුස්කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 6 කට මදක් ඉහළිනි. ශි‍්‍ර ලංකාව පළමු ඕවර 3.3 දී ලකුණු 18 කට දික්වැල්ල (01* කුසල් පෙරේරා (0.4* තරංග (11* දැවී යාමෙන් ශී‍්‍ර ලංකාවේ ලකුණු ප‍්‍රමාණයන් කොහෙත්ම මද බවක් පසුවත් ඉනිම පුරා දිස්විණි.

එහෙත් ඉන්දීය පිළද පළමු ඕවර 10 නිම වන විට කඩුළු 2 කට ලකුණු 56 ක් පමණක් රැුස්කිරීම හේතුවෙන් ලංකා පිළට ප‍්‍රබල ලෙස තරඟයට අවතීර්ණ වීමට අවස්ථාව සැලසුණි. 27,000 කට අධික ජන කායක් මේ තරඟය නැරඹු අතර, ලංකා පන්දු රැුකීම හා පන්දු යැවීමද උසස් තත්ත්වයක පැවතිණි. දෝනි (නොදෙවී 16* සහ කාතික් (නොදෙවි 18* හය වන කඩුල්ලට නොදැවී 31 ක් ලබා ගනිමින් අවසාන ඕවරයේ ජයග‍්‍රහණය වාර්තා කළහ.

දසුන් ශානක දර්ශනීය 6 පහරවල් දෙකක් සමඟ පන්දු 24 කදී ලකුණු 29 ක් රැුස්කළ අතර, ඔහු අකිල ධනංජය (නොදැවී 11* සමඟ අවසාන ඕවරයේ ලකුණු 18 ක් ලබාගත්හ. ඊට අමතරව අසේල ගුණරත්න (36* හා සදීර සමරවික‍්‍රම (21* කැපී පෙණිනි. දෙවන තරඟයේදී ලෝක වාර්තාවක් තැබු රෝහිත් ෂර්මා මෙදින ලබා ගත්තේ ලකුණු 27 කි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-